Sunday, December 16, 2012

විශේෂ නියෝජිතයා (ලැප්ටොප්)




මේ අතර ජනාධිපතිවරයා හමුවන්නට උදේ වෙනම විශේෂ නියෝජිතයකු ද පැමිණියේය. ඔහුගේ පැමිණීම වැදගත් වන්නේ ඔහු ජනාධිපතිවරයාට ඉතාමත් වටිනා අලුත් ආරංචියක්‌ රැගෙන ආ නිසාය.

පසුගිය දවස්‌වල බටහිර බලවත් රටක්‌ ලංකාව ගැන සමීක්‍ෂණයක්‌ කරලා එහි වාර්තාවක්‌ එරටේ රාජ්‍ය නායකයන් වෙත බාරදුන්නා. එතනදී ඔවුන් හොයා බැලුවේ ජෙනරාල් සරත් ෆොන්සේකා කියන චරිතයට ලංකාවේ බලතුලනය බිඳින්න එරට කිසිදු නායකයකුට නොකළ තරමේ උදව් කරලාත් ජාතිකව හා ජාත්‍යන්තරව විවිධ බලවේග පෙළගස්‌සලාත් ඔහු අසාර්ථක වූයේ ඇයිද කියලයි. එතනදී ඔවුන් එක්‌ නිගමනයකට පැමිණියා. වැදගත්ම දේ තමයි මොන බලවේගය දැම්මත් ඔහු වටා මොන මොන බලවේග පෙළගැස්‌සුවත් මේ රටේ ජනාධිපතිවරයාව ඡන්දයකින් පරද්දන්න බැහැය කියන කාරණාව.

එසේ කිව් නියෝජිතයා ජනාධිපතිවරයාට විශේෂ කාරණාවක්‌ අවධාරණය කළේය.

ඒ කියන්නේ ඔබට විරුද්ධව ලෝකයේ තිබෙන අවදානම පහවෙලා නැහැ කියන එකයි. ඡන්දයකින් වට්‌ටන්න බැරි නම් ඊළඟට ඔවුන් වෙන වෙන ආයුධ පාවිච්චි කරාවි. ඔබ පරිස්‌සම් වෙන්න. ඔහු මෙසේ ජනාධිපතිවරයාට ඊළඟට පැමිණිය හැකි උවදුරු කිsහිපයක්‌ම ගැන අනතුරු හඟවමින් ඉතා වැදගත් අදහස්‌ කිහිපයක්‌ අනාවරණය කළේය.

ඉහත රට මේ රටේ යුද්ධය පැවැති 2007-2008 කාලයේ පටන්ම ලංකාවට විවිධාකාරයෙන් කරදර කළ රටක්‌ බව ජනාධිපතිවරයා ද පෙන්වා දුන්නේය.


උපුටා ගැනීම දිවයින ඉරිදා (ලැප්ටොප්) සංග්‍රහය 2012.12.15



4 comments:

  1. කලාමැදිරිය දිවයින ඉරිදා (ලැප්ටොප්) සංග්‍රහය සල්ලි දීල අරන් වගේ (2012.12.15 සෙනදුරදෙනේ?) එහෙනම් ඉතින් අයියෝ සල්ලි!! (දැන් කුණුගොඩවල් සල්ලි දීල ගන්නවා හරි අඩුයි!)

    ReplyDelete
  2. මටත් ලැපක් ඕනේ, ටැබක් නම් වඩාත් හොදයි!, ඒකට ප්‍රවීන (expert) මාද්‍යවේදියෙක් (journalist) වෙන්නම ඕනේද? ජාතික (national) ආරක්ෂාව (security) ගැන සි නිව්ස් ( the C news website) එකේ කොමෙන්ට් (comments ) කොටලා ප්‍රවීන මාද්‍ය වේදියෙක් වෙන්න බැරි වෙයිද? මගේ නමේ අගටත් වර්ණකුලසුරිය (Warnakulasuriya) කැල්ලක් තිබීම අමතර වාසියක් වෙයිද ??

    ReplyDelete
  3. ලැප්ටොප් සංග්‍රහය :)

    ReplyDelete
  4. රටේ ඉහලම තැන්වල සිටින්නේ ඇමරිකානු පුරවැසියන් පිරිසක්ය යන්න දිවයින පුවත්පතට අමතකව ඇති හැටි.

    ReplyDelete