Thursday, December 20, 2012

විශේෂ ප්‍රවෘත්තියක් - A Breaking News



රිමෝට් කොන්ට්‍රෝලය සොයා ගත් පුද්ගලයාට මුලු හදින්ම ස්තූතිවන්ත වෙමින් ඊයේ හවස් භාගයේ රූපවාහිනි චැනල් අතර මාරු වෙමින් සිටියදී මහරාජාගේ සිරස නාලිකාවේ රාත්‍රී 7 ප්‍රවෘත්ති ප්‍රකාශනය වෙත අහම්බෙන් මා නෙත ගැ‍ටුනි.

සිරස යනු මා සාමාන්‍යයෙන් බලන නාලිකාවක්  නොවේ. ඇත්තෙන්ම කිවහොත් ප්‍රවෘත්ති  සඳහා මා ලංකාවේ  කිසිම රූපවාහිනි නාලිකාවක් කෙරෙහි විශ්වාසය තබන්නේ නැත. ඒවායේ ඇත්තේ ප්‍රවෘත්ති නොව එම නාලිකාවල හිමිකරුවන් ප්‍රවෘත්ති යැයි කියා ලංකාවේ ජනතාව විශ්වාස කල යුතු යැයි සිතා විකාශනය කරන කුණුහරුප පමණි.

කෙසේ නමුත් ඊයේ සවස සිරස නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය බැලුවෙමි. නිවේදකයා කියමින් සිටියේ කාලගුණ විපර්යාසය නිසා රටේ තැන තැන ඇති වී තිබෙන ආපදා තත්වය පිලිබඳ විස්තරයකි.
ගංවතුරෙන් යට වූ නගර , පස් කඳු වලට යට වූ ගේ දොර , අහිමි වූ ජීවිත ආදිය ගැන විස්තර කියමින් හුන් නිවේදකයා එක්වරම කියා සිටියේ තව ස්වල්ප වේලාවකින් විශේෂ නිවේදනයක් බලාපොරොත්තු වන ලෙසයි.
ඒ සමග රූපවාහිනි තිරයේ පහල තීරුවේ ඇදි ඇදී යන පණිවිඩයකින්ද කියවුනේ විශේෂ ප්‍රවෘත්තියක් තව මොහොතකින් බලාපොරොත්තු වන ලෙසයි.

බ්‍රේකින් නිව්ස්.......

පේරදෙණියේ හෝස් මහාචාර්ය තුමාට තමාගේ පඩි පත දැක වූවා සේ මගේ පපුවද හෝස් ගා ගියේ ඒ වනවිටත් ප්‍රචාරය කරමින් සිටි ඛේදවාචකයටත් වඩා වැදගත් ප්‍රවෘත්තිය මහා විශාල ඛේදවාචකයක්වත්දෝ යි සිතුන නිසාය.ඒ සමග මට සිතුනේ වැදගත් ප්‍රවෘත්ති යනු ඛේදවාචකම නොවන්නට ද ඉඩ ඇති බවය.

මගේ සිත දසත පියඹා ගියේ තම දූ දරුවන් ලෙන තුල නොදු‍ටු සිංහයාගේ පරිදිය. නොයෙක් කල්පනා ,සිතුවිලි ,ඇති වී නැති වී ගියේය.

අගවිනිසුරු වරිය ඉල්ලා අස් වී වත්ද? දෝෂාභියෝගය ඉවත් කරගෙනවත්ද?

රනිල් ඉල්ලා අස් වී යූ ඇන්පියේ නායකත්වය බුද්ධික පතිරණට දුන්නාවත්ද?

ජනාධිපති වරයා ඉල්ලා අස් වීද?මර්වින් සිල්වා මහණ  වෙලාවත්ද?

ඇමෙරිකාව ඉරානයට පහර දුන්නාවත්ද?

එසේත් නැත්නම් මහා විශාල ග්‍රහකයක් පෘථිවිය කරා ඇදී අවුත් හැප්පෙන්නට යනවා වත්ද?

මෙසේ විපරීත සිතුවිලි වල ගිලෙමින් සිටින අතරේ තම ප්‍රවෘත්ති විකාශය නැවත් වූ සිරස රූපවාහිනිය එම විශේෂ පුවත සිංහල  දෙමල ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නිවේදනය කලේය.

" පවත්නා  අයහපත් කාලගුණ තත්වය සැලකිල්ලට ගෙන හෙට දින පැවත්වීමට නියමිතව තිබූ  සිරස කඩමණ්ඩිය වැඩ සටහන නොපැවත්වීමට කැපිටල් මහරාජා සංවිධානය තීරණය කර තිබේ."

11 comments:

  1. මාත් බැලුවා... මාර බ්‍රේකින් නිව්ස් එක නේ.. අපේ පොඩි එකානම් කිව්වේ තාත්තේ රනිල්ට පඩයක් ගිහින් වෙන්න ඇති කියලා.. මම කියන ඒවා ඌ පුරුදු වෙලා....

    ReplyDelete
  2. අනේ බන් උන්ට තේරෙන්නෑ නෑ ඒක ප්‍රවෘත්ති බලන උන්ට බ්‍රේකින් නෑ කියලා .අර දාලා තියන පෝටෝ කෑල්ල ගැලපෙනවා එලටම

    ReplyDelete
  3. පව් නේ කැපිටල් මහා රාජාට වෙච්චි දේ...

    ReplyDelete
  4. ඩයලොග් ටිවි ගත්තාම වැරදිලාවත් සිරස පෙන්නේ නැ . ඌ කැපිටල්ය කියාගන්නෙ සිම්පල් මහාරාජ කෙනෙකුත් ඉන්නවද තව :P

    ReplyDelete
  5. මං නං සතියකට ටීවී බලන්නේ වැඩිම වුනොත් පැය බාගයයි.
    මේ දවස්වල ඒකත් නෑ.

    ReplyDelete
  6. ketima keti lol kathawakne meya...
    hayyo...

    ReplyDelete
  7. මහාරාජා වැනි තක්කඩි ධනපතියෙක්ගෙන් මීට එහා කුමක් බලාපොරොත්තු බලාපොරොත්තු වෙන්නද? ලංකාවේ Rupert Murdoch ( අර ෆෝන් ටැප් කරපු හාදය!) වී බිස්නස් වල ලාබංශය වැඩිකර වැඩිකර ගැනුමට තටමන ධනවාදීන්ගෙන් සමාජයට උරුම වන්නේ මෙවැනි විකුර්ති හැරුණු කොට වෙන කුමක්ද? පුද්ගලික දේපල හා අයිතිය තුලින් ලංකාවේ මිනිසුන්ගේ මොළ තුලට අසූචි පොම්පකාරනා මහරජා ධනවාදය තුන්වැනි ලෝකයේ රටවල නටනා නග්න නැටුමට කදිම උදහරන වේ. අපි මහාරාජාට විරුද්ද විය යුත්තේ මහාරාජ රනිල්ට විරුදවී සජිත් හා මහින්ද ලංකරගෙන සිටින්නිසා නොව පොදු මහා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය මේකා තම පුද්ගලික දේපලක් ලෙස සලකන බැවිනි.

    ReplyDelete
  8. අනික ඕවා කියවන නිවේදක නිවේදිකාවන්ගේ මූණු වල, කියන විලාසයේ බරපතල කම බලන්න ඕනේ...

    ReplyDelete
  9. You may try to deliver some massage using your background. However, it destructs legibility of the blog.

    ReplyDelete