Monday, June 10, 2013

ධීවරයෙකුගේ වටිනාකම කීයද?



ධිවරයන් 18 දෙනකු මියගොස්, 36 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තු වූබවත්, මිය ගිය ධීවරයන්ගේ පවුල් වෙනුවෙන් ක්ෂණිකවම රුපියල් 15000ක් ලබා දීමට කටයුතු කරන බවත්, විදේශ ගතව සිටින ධීවරය ඇමැති ශ්‍රී ලංකාවට ආ පසු රුපියල් ලක්ෂය බැගින් දීමට කැබිනට් පත්‍රිකාවන් යොමු කරන බවත් ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා පානදුර ධීවර වරායේදී මීට ටික වේලාවකට පෙර පැවසීය.
(උපුටා ගැනීම ලංකාදීපයෙන්)

සටහන- ගල උඩ වරායවල්, මොණරුන්ට ගුවන් තොට, නාස්තිකාර සැණකෙලි, රජ පුතුන්ගේ කාර් රේස් සඳහා රුපියල් මිලියන දහස් ගණන් වියදම් කරන රටක ධීවරයෙකුගේ වටිනාකම ලෙස ගණන් බලා ඇත්තේ රුපියල් 15,000 කි. වරාය අධිකාරියේ සභාපතිගේ මාසික වැ‍ටුප පමණක් රුපියල් ලක්ෂ තුනකට ආසන්න අතර ගුවන් තො‍ටුපල සභාපති මස්සිනාගේ වැ‍ටුපද ලක්ෂ දෙක පනී.

6 comments:

  1. මියගිය ධීවරයන් වෙනුවෙන් අපගේ බලවත් ශෝකය!

    තමන් වගේ හොරමැරකම් විතරක් දන්න මීහරක් ටිකක් පාර්ර්‍ලිමේන්තුවට යවපු උන් ගැන ඔය තරමට හරි තක්සේරුවක් ඔය හාදයො ලඟ තියෙන එකම මදෑ...

    ReplyDelete
  2. කණා මැදිරියා අන්තිමට කියලා තියෙන චේදේ එක්ක කාටවත් බේරෙන්න බැහැ..

    ReplyDelete
  3. ලස්සයකුත් වැඩියි මගේ හිතේ. මොකද එකෙක් මුදු ගිහිල්ල ලස්සයක් වටින මාළු ගේනවද නෑනේ.. අන්න හෙමයි හිතන්න ඕන

    ReplyDelete
  4. මේකේ වගකීම කෙලින්ම එල්ල වෙන්න ඕන කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙන කාටවත් නෙමෙයි...

    ReplyDelete
  5. ඔය කුනා‍ටුව බටහිර අදිරාජ්‍යවාදින්ගේ වැඩක් නොවේ කියලා සුවර්ද?

    ReplyDelete
  6. අක්‍රමවත් සහ අකාර්යක්ෂම පරිදි පවත්වාගෙන යන රාජ්‍ය යාත්ත්‍රනයෙන් බැට කෑ ධීවරයාට වූ දෙයමය අනෙකුත් සියලුම ජනතාවට ද.
    තවත් දෙයක්, ධීවරයන්ටද සිතීමට දෙයක් ඇත. නැවතත් දෑත් ශක්තිමත් කරන්නේ ද?

    ReplyDelete