Monday, August 26, 2013

කොල්ලෝ හා බල්ලෝ

වර්තමාන ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ හා කොල්ලන්ගේ තත්වය විදහා දක්වන පුවත් දෙකක් අද පල වී තිබිණ.

බල්ලෝ 


මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ ජෝඩු අටක්  කරකාර  බැන්දවීමේ උත්සවයට අඩු ගණනේ මධ්‍යම පළාතේ පොලීසි වලින් දෙදහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.
තොරණ හා ආරක්කු ඉදි කැර තිබු අතර පොලිස් තූර්ය වාදක කණ්ඩායම ද කැඳවා තිබිණි.සුනඛ අභිජනන උත්සවය යනුවෙන් තොරණෙහි  ලියා තිබිණි.
නිල සුනඛ ජෝඩු විස්සක් තම නිලයේ  ඇඳුම ඇද හිස් වැසුම්  හා අව් කණ්නාඩි පැළැද මඟුලට ආහ.

ජෝඩු අටක් ලියාපදිංචි කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන්  අතර පේරාදෙණ්ය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරු කිහිප දෙනෙක්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එන් බී අඹන්වල මහතාද වුහ.
සාක්කිකරුවන් වශයෙන්  ඔවුන් බලා ගන්නා පොලිස්  සාමාජිකයෝ දෙදෙනා අත්සන් තැබුහ.
ගිවිස ගැනීමේ පොරොන්දුව කියවිම ද ඒ දෙදෙනා අතින්ම සිදු විය.


ඉන් කියැවුණේ අප දෙදෙනා බාරයේ සිටින මේ දෙදෙනාගෙන් හොද පැටියෙකු ලබා ගැනීමට වග බලා ගන්නා බවයි.
 මඟුල් සීණු  නොහැඩවුණු  සුනඛයෝ  පීඨීකා මත නන්වනු ලැබ සිටියහ
.මඟුල් සීනු හැඬවිදින් සිටි සුනඛයෝ  සුනඛයෝ පෝරු මස්තකාරුඪ කරනු ලැබුහ.
සුනඛ ජෝඩු පෝරුවෙන් බැස්සවු පසු සුනඛයෙකු විසින්ම පැදැවුණු ජිප් රියකින් අස්ගිරි  පිටිය කෙළවරට යාමේ අවස්ථාව ලැබිණි .ජෝඩු තුනක් නුවරඑළි මධුසමයට යන ජිප්රිය බැලුම් හා ක්‍රේප් පටි එල්ලා සරසා තිබිණි.මඟුල් ගෙදර ආ සියලු දෙනාට කිරිබත් ලුනු මිරිස්,සැන්විචස් හා කෙසෙල්ගෙඩි ආදීයෙන් සංග්‍රහ කෙරිණි.
 මඟුල් ගෙදර වැඩ කටයුතු පැය දෙකහමාරකින් පමණ අවසන් විය.  
(උපුටා ගැනීම ලංකාදීප)

 කොල්ලෝ 



වැලිකන්ද බෝඅත්ත අංක ඒ/8/1 නිවසේ පදිංචිව සිටින ආර්. එන්. සාලින්ද කුමාර නමැති තුන් හැවිරිදි දරුවා ඉපදී මාස දෙකක පමණ කාලයක සිට ඇතිවූ උදරාබාධයක්‌ නිසා පොළොන්නරුව හා නුවර රෝහල්වල ප්‍රතිකාර ලබා මේ වන විට ඔහුගේ එක්‌ වකුගඩුවක්‌ ඉවත් කර ඇත.

දැනට එක්‌ වකුගඩුවකින් ජීවත්වන සාලින්ද කුමාර දරුවාගේ කෑම බීම හා ක්‍රියාකාරකම්ද සීමාකර ඇත. ඔහුට පෝෂ්‍යදායි ආහාර ලබාදීමට හා මාස්‌පතා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් උපදෙස්‌ දී තිබේ. මේ හේතුවෙන් තමන්  මහත් අසීරුතා රැසකට පත්ව ඇතැයි මව වන ජී. චන්ද්‍රාවතී (24) මහත්මිය පවසයි. මේ හේතුවෙන් දරුවාගේ අධ්‍යාපන කටයුතුද සිදුකර ගැනීමට නොහැකිව ඉතා අසරණව හා ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටින බව ඇය පැවසුවාය. මේ දරු පවුල කුඩා පැල්පතක වෙසෙති. මේ රෝගී දරුවාට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම හා පිරිසිදු ජලය ලබා ගැනීමට ජල ෆිල්ටරයක්‌ ද අවශ්‍යව තිබේ. දරුවාගේ ප්‍රතිකාර සඳහා හැකි අයුරින් උපකාර කරන්නැයි චන්ද්‍රාවතී මහත්මිය පරිත්‍යාගශීලීන්ගෙන් කාරුණික ඉල්ලීමක්‌ කරති. ඔවුන්ගේ ලිපිනය ජී. චන්ද්‍රාවතී, අංක ඒ/8/1, බෝඅත්ත, පො/වැලිකන්දයි.
(උපුටා ගැනීම දිවයින)

මේ වාර්තා අනුව පෙනී යන්නේ ලංකාව වැනි රටක සුවපහසු ලෙස ජීවත් වීමට නම් බල්ලෙක් විය යුතු බවයි


17 comments:

  1. අනිවා කකුල් දෙකේ බල්ලෙක් විය යුතුමයි සැපට ජීවත් වෙන්න නං..

    ReplyDelete
  2. බල්ලෙක් වුනත් හැම බල්ලටම සැප ලැබෙන්න නැහැ නේද?

    ReplyDelete
  3. බල්ලෙක් වෙන්න බැරි උන්ට හරකෙක් වීමේ අවස්ථව තියෙනවා.
    බල්ලෙක් උනත් හරකෙක් උනත් සැපම තමයි.
    කොල්ලෙක් උනොත් සොරි තමයි.

    ReplyDelete
    Replies
    1. ඇයි තව බූරුවොත් ඉන්නවා, බලන් ඉන්නකෝ සැප්තැම්බර් 21 වෙනකම්

      Delete
  4. පව්, අෆ්‍‍‍ෆා! ලංකාවේ කොල්ලෝ :(

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ විතරක් කෙල්ලොත් පව්

      Delete
  5. රට බල්ලට ගිහින් නිසා ඒකෙ ඒ හැටි දේකුත් නෑ. ආශ්චර්යය ! ආශ්චර්යය !!

    ReplyDelete
  6. කොල්ලෙක් උණාට අවුලක් නෑ.. හැබැ‍යි රජ පවුලේ

    ReplyDelete
  7. ඕනෑම ක්ෂේත්‍රයක උඩින් ඉන්න උදවියට සැප. පහලට දුක. කොල්ලොද බල්ලොද වෙනසක් නෑ. ඒකයි යතාර්ථය.

    ReplyDelete
  8. මඟුල සංවිධානය කරපු අයටයි, මඟුලට ගිය අයටයි ,මඟුල් කාපු අයටයි සංස්කුරුතික ඇමතිගෙන් දෝස් මුරයක්.. :-)

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අර ජිනා මැඩම්ගේ කස්ටමර්ද?

      Delete