Wednesday, September 18, 2013

කැකිල්ලේ නාමය නගා සි‍ටුවමු, කැකිල්ලේ බලය ගොඩ නගමු



ශ්‍රී ලංකාද්වීපයේ වාසය කළ ශ්‍රේෂ්ඨතම රාජෝත්තමයාණන් හා අසමසම  ඥාණ ශක්තියකින් යුක්තව තම පාලනය  ගෙන ගියා වූත්, තම ඥාණ ශක්තියෙන් ලොවම මවිත කළා වූත්  ශ්‍රී කැකිල්ලේ මහ රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයත්, එතුමාගේ ඥාණ බලයත් ලොවට විදහා දක්වනු වස් ද කැකිල්ලේ රාජ්‍ය විචාරණ ක්‍රමය තුලින් අද ලබා ගත යුතු වූ ආදර්ශය පෙන්වනු වස් ද , කැකිල්ලේ නරපතියාණන් හා වත්මන් රාජ පරම්පරාව අතර ඥාති සම්බන්ධය සොයනු වස් ද , එතුමාගේ ශ්‍රී නාමය අපයෝජනවලින් ආරක්ෂා කරනු සඳහා ද " කැකිල්ලේ බලය " සංවිධානය පිහි‍ටුවාලන බව ශ්‍රී ලංකා වාසි සකල දේශප්‍රේමි , දේශමාමක, දේශහිතෛෂී,ජනතාව වෙත ජාති  ආලයෙන් යුක්තව මෙයින් දැනුම් දෙමු.

එසේම මින් මතුවට කැකිල්ලේ රාජොත්තමයාණන් පිලිබඳව චිත්‍රපටි, නාට්‍ය, කවි සිංදු, කෙටිකතා නවකතා හා කතන්දර ආදිය නිපදවීමට, ලිවීමට ,කියවීමට ප්‍රථම අප සංවිධානයෙන් නිසි අවසරය ලබාගත යුතු බවත් එසේ නොවුවහොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු විය හැකි බවටත් තව දුරටත් මෙයින් දැනුම් දෙමු.

මීට 

ජාති ආලයෙන් යුක්තව 

කිහිල්ලේ මයිලානන්ද  

ගරු ලේකම් 
කැකිල්ලේ බලය සංවිධානය

11 comments:

  1. ඕකේ කැඳවුම්කරු දෙක පඤ්ඤානන්ද නේද?

    ReplyDelete
    Replies
    1. කකා ඉතින් ගක පුඤ්ඤානන්ද නේ....

      Delete
    2. KAKKA TA MATHAK WENNEMA KUNUHARUPA NE.

      Delete
  2. රාජ්‍ය අනුග්‍රහය තියේ නම්, මගේ නමත් දා ගන්ට ආයිබෝවන්ඩ.. නැත්නම් මදීනා ඉස්මයිල්ට වෙච්ච දේ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බොටත් මොන රෙද්දකට හරි කමන්නෑ නම දාගන්න තියෙනවානම්.

      Delete
  3. මටත් සාමාජික ඉල්ලුම් පත්තරයක් එවන්ඩ හොඳයි

    ReplyDelete
  4. අවසරයි කිහිල්ලේ මයිලානන්ද යන්ගෙන්,
    මටත් අවසරයි
    මං...
    දුම්මැස්සේ වළංජෝති

    ReplyDelete
  5. හපොයි!!ඕකේ අණුශාසකයා ඉන්නේ රජගෙදරද?

    ReplyDelete
    Replies
    1. ඔවු බං. මේ ඔක්කෝම කැකිල්ලේ රජ ගෙදර රජ කවටයෝ. කටුගේ මඟුල් කඩුවත් නෑ. බර්ටෝල් බෙස්ට්ගෙ, මහෝෂධ කුමාරයාගේ කාලය ඉවරයි. දැන් අපේ සිවු මහ බඹු කැකිල්ලේ නිරිඳාගේ හිත කීරි ගැහෙන කෙරුවාව තමා බලන්න ඕන. ඕක මාන බලන්නේ ඊලඟ පාරත් 3/2 බලය කොටා ගන්නේ කොහොමද කියලානේ.

      Delete
  6. ඉක්මනින් ම ඔව් ඉක්මනින් ම පිහිටුවන්න ඕනී

    "චේතීය බලය" සංවිධානය.

    ReplyDelete