Friday, November 15, 2013

කඩුගන්නාවට වෙනම රාජ්‍යයක්



මේ දිනවල කෑමෙන් පීමෙන්, නැ‍ටුමින් ගැයුමින් කොඩි ධජ පතාක වලින් අඩු නැතිව පවත්වන  චෝගම් හෙවත් පොඩු රාජ්‍ය මණ්ඩල නායක සමුලුවේ තේමාව ලොවක් එක් කල රටක් යන්නය. මෙයට මෙම යටත්විජිතවාදි සංගමයට රටවල් 53ක් අයිති වුනත් ලංකාවට එන ප්‍රමාණය ඊට බෙහෙවින් අඩු වනු ඇතැයි විස්වාශ කෙරේ. මෙය ඉන්දියන් සාගරේ අමුතු ඇටේ වන ලංකාවේ තත්වයට හරි නැති නිසා මීට සුදුසු පිලියමක්  කනා මැදිරියා වන මම සෙව්වෙමි.

 පහතින් ඇත්තේ ඊනියා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ඊනියා රටවල් කිහිපයක ජනගහණයයි. මෙම සමහර රටවල ජනගහණය ලංකාවේ කුඩාම පලාත්පාලන ආයතනය වන කඩුගන්නාව නගර සභාවටත් අඩු බව පෙනේ. දැන් අපි කළ යුත්තේ කඩුගන්නාව නගර සභාවට වෙනම රාජ්‍යයක් තත්වය ලබා දී එහි සභාපතිවරයාත් රාජ්‍ය නායක සමුලුවට සහභාගි කර ගැනීමයි.එවිට ඉන්දියාව ,කැනඩාව වැනි රටවල අඩුව යම් තරමකට හෝ පියවා ගත හැකිය.

ස්වාසිලන්තය     - 1,077,000.00
සයිප්‍රස්  -   888,000.00
‍ෆිජි     -   862,000.00
ගයනා ` -   798,000.00
සොලමන් දූපත්-  561,000.00
මෝල්ටා-  419,000.00
බෲනේ    - 407,000.00
බහමාස්      -368,000.00
බෙලිස්   -340,000.00
මාල දිවයින  -331,000.00
බාර්බඩෝස්   -276,000.00
වනා‍ටු    -265,000.00
සමෝආ -190,000.00
සේන්ට් ලුසියා  -170,000.00
කිරිබටි  -106,000.00
ටොන්ගා -104,000.00
ග්‍රැනඩා     -103,000.00
සෙන්ට් වින්සන්ට් සහ ග්‍රෙනඩියන්ස් -97,000.00
සීෂෙල්ස්  -94,000.00
ඇන්ටිගුවා සහ බාබියුඩා   -  88,000.00
ඩොමිනිකා   - 71,000.00
සෙන්ට් කිට්ස් සහ නෙවිස්   -  55,000.00
‍ටුවාලු  - 11,000.00
නාවුරු    - 10,000.00



11 comments:

  1. ජනගහණය ලියනකොට දශමස්ථාන මොකටද?

    ReplyDelete
    Replies
    1. නැහැ බන් මූ කියන්න හදන්නෙ මුගේ ඩේටා අන්තිම දශම ස්ථාන දෙකකට ඇකියුරේට් කියලා....

      Delete
    2. සොරි. ඔබේ කොමන්ටුව කොපි කළා නොව. එය දැක්කේ පසුවයි.

      Delete
    3. මහාවංශයට අනුව බාග මනුස්සයින් සිටිය හැකි නිසා

      Delete
  2. කනාමැදිරියා චැනල් 4 ට පු... දෙන්නෙක්ද?

    ReplyDelete
  3. ane pako ..
    meka ape rata ..
    kohoma unath e ape janadipathi
    api ape ratata adarei
    monawath kiyanna epa
    chogam eka hodayi
    mama danuth me eka bala bala inne .
    chogm eka nisa ape lankaawa thawath loke prasidda wenawa .
    lankaawa gana mulu lokema dana gannwa
    indiyawa tharam api janapriya wenawa pako

    ReplyDelete
  4. ජනගහනය දක්වද්දී ඔබ දශමස්ථානය දැක්වීමක් කර ඇත්තේ ඇයි?

    ReplyDelete
  5. කඩුගන්නාවේ ජනගහනය කීයද??

    ReplyDelete
  6. වෙනම රාජ්‍යයක තත්වය දෙන්න?නගර සභාවකට?
    එතකොට පලාත් සභා වලටත් දෙන්න වෙනවනේ.අඬන්න හිටි මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ තියෙයි!

    ReplyDelete