Thursday, November 28, 2013

කුමකටද මව්බිමක්



මියගිය පියෙකුගේ හිස
අවසන් වරට සිඹ 
පායුග මත කඳුලක් හෙලන්නට 
පුතෙකුට ඉඩක් නැත්නම්

මියගිය මව්ගේ 
සොහොන ලඟ වැතිර
සුසුමක් හෙලන්නට ආ පුතුව
 ගෙලින් අල්ලා පි‍ටුවහල් කරයි නම්

එයට එරෙහිව හඬ නගන්නට
කිසිවෙකුත් එහි නොමැතිනම්
ජනතාව ගොලුනම් බිහිරිනම් 
කුමකටද එවන් මව්බිමක්

(මව්ගේ සොහොන වෙත යමින් සිටි ජයපාලන් කවියා  රටෙන් පි‍ටුවහල් කරයි)

7 comments:

  1. කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්... මතක් වුණා.

    ReplyDelete
  2. මෝඩයින් විසින් කපටියන්ව රාජ්‍ය පාලනයට පත් කළාම වෙන මොනවා අපේක්‍ෂා කරන්නද?

    ReplyDelete
  3. මං ජයපාලන් නම්,

    ගෙදර ගිය ගමන්

    1. කොන්ඩේ කොටට කපනවා
    2. රැවුල ට්‍රිම්් කරනවා
    3. කවි පොතක්ම ලියනවා!

    ReplyDelete
    Replies
    1. ඔයාට ජෙයපාලන් වගේ වෙනවා තියා ඒ අහලකින්වත් යන්න බැහැ

      Delete
  4. pituwahal karala madi. munge atite hoyala balala trastawadi wada karala tiyenawanam arrest karanna one. topi sinhala ponnoyanta meka terenne naha.

    ReplyDelete
  5. මේ හදන්නේ ලඟ එන ඡන්දවලට ගොඩවැඩි කරගන්න සටන් පාඨ.....වෙන මොනවාද ඉතින්.

    ReplyDelete