Saturday, November 9, 2013

කනාමැදිරියාගේ ආච්චිගේ ලියුම


රටේ දරුවන්ගෙන් 25% කට වඩා මන්දපෝෂණයෙන් පෙලෙද්දි,වි‍රැකියාව නිසා තරුණ පෙල පීඩා විඳිද්දි, පාන් ගෙඩියේ ,පරිප්පු 250 සිට වූ සෑම ආහාරයකම මිල දෙගුණ   තෙගුණයකින් ඉහල යාම නිසා රටේ ජනතාවගෙන් බහුතරයට  කුසෙන්  අඩක් පුරවාගැනීමට සිදුව තිබෙද්දි, රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා ඇති මොහොතක........


හිටපු සුපිරි විප්ලවාදි තාරකාව , අසහාය සමාජවාදි, ලංකාවේ චාවෙස් යනුවෙන් තමන්වම හඳුන්වාගන්නා විමල් වීරවංශ ගරු කටයුතු ඇමතිතුමා තම ශරීරයේ වැඩි පුර ඇති තෙල් මන්ද දවාගැනීම සඳහා , සුපිරි රියක නැගුණු ආරක්ෂකයින් පිරිවරා, සුපිරි ක්‍රීඩා ඇඳුම්, පාවහන් ඇඳ, ඉස්තරම් පැදගෙන යාමේ ඇති උත්ප්‍රාසය වටහා ගැනීමට උත්සාහ කිරීම නිසා මොලය අධික ලෙස රත් වී කනාමැදිරියා නැවත වතාවක් රෝහල් ගත කල බව සියලු බ්ලොග් වාසි ජනතාවට මෙයින් දැනුම් දෙමු.

මීට

කනාමැදිරියාගේ ආච්චි


8 comments:

  1. ලෙඩා ට අමාරුද ෙමානාද ලෙඩා කන්නෙ වැඩිපුර.. ලෙමන් පෆ්ද?

    ReplyDelete
  2. අහෝ තැඹිලි දීමට කිසිවෙකු නැතිද?

    ReplyDelete
  3. ඔය කොයි සමාජවාදියත් ‘පිටින් ඔපේ යටින් හපේ‘ තමා දන්නේ දනිති.

    ReplyDelete
  4. කනමදිරියා ගියාට කමක් නැහැ ..මේ ඉන්නේ ආච්චි ... ඒ ඇති ...

    ReplyDelete
  5. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුල්කරමු.
    (මං කිව්වේ කණාමැදිරියාව)

    ReplyDelete
  6. කණාමැදිරියා පව්!!! මම මෙච්චරකල් හිතා හිටියේ ඒක කලාමැදිරියා කියලා... :D

    ReplyDelete
  7. මූ ඔය පුකට ඇක්සයිස් කරනවා....ලඟදිම ඇරවගන්න වෙන බව දන්න නිසා.

    ReplyDelete