Sunday, December 15, 2013

ප්‍රසන්නගේ නව අවුරුදු පැතුම


අප මහරාජෝත්තමයානන් වහන්සේගේ දෙ‍ටු පුත් ජාතියේ නාමල විසින් පවත්වන්ට යෙදෙන මහා මෝටර් කාර් ධාවන තරඟය විනෝද බද්දෙන් නිදහස් කළා වූ පුන්‍ය කර්මය හේතුවෙන් ඒ කුමාරවහන්සේගේ අනුකම්පාව මා වෙත යොමු වී ලබන වර්ෂයේ පවත්වන්ට තිබෙන්නා වූ පලාත් සභා මැතිවරණයේදී  මා මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කරනු ලැබේවා!

උතුරු මැද වූවා මෙන් මහ ඇමති කම වැඩිම මනාපයට නොදේවා, ඌවේදී වූවා මෙන් නෑදෑකම් පෙර‍ටු නොවේවා. කිරිපිටි වලටත්, පරිප්පු වලටත්, සීනි වලටත්, ලූනූ වලටත් බදු ගසා ලබන ආදායම්ද යොදවා තව තවත් කාර් රේස්ම මේ රටේ ජහමනයාට ලැබේවා! 

8 comments:

  1. ඔයා බලන්න ගියාද රේස් එක ... අපිට නම් යන්න උනේ නැහැ .. අපි එදා වේල රේස් එක ඇදගන්න එපැයි ..

    ReplyDelete
  2. චෝගම් එක ඉවර උණාට අපිට තාම හරියට කීක් එක ආවේ නෑ. තව පොඩ්ඩක් එන්න තියනවා. ඒක හින්දලු කාර් රේස් එක තියන්නේ

    ReplyDelete
  3. අපි හැමදාම රේස් දුවන මිනිස්සුනේ ඉතින්..

    ReplyDelete
  4. ප්‍රසන්නගේ රේස් එකට නාමල්ගෙන් තල්ලුවක් බලාගෙන නාමල්ගේ රේස් එකට ප්‍රස්න්නගෙන් තල්ලුවක්. මුන් ගෙදරින් ගෙනාපුවා පාරේ තියාගෙන බෙදනවා. නොදකින් මෙහෙමත් සංසර්ගයක්.

    ReplyDelete
  5. හරිම (අ)ප්‍රසන්න පැතුමක්!

    ReplyDelete
  6. Car race habak wuna kiyanne?

    ReplyDelete
  7. මාර පැතුමක් නොවැ!

    ReplyDelete
  8. නියම රේස් එකක්. සෙකන්ඩ් ඩේ එකේදි වැස්ස තමා අවුල උනේ.. ඕපන් කැටගරි රේසස් එකක් වත් නැගල ගියේ නැහැ. අයියෝ එක රේස් එකක් මගදි නවත්තන්නත් උනා මොකද පටන් ගද්දිම වාහන දෙකක් හැප්පිලා.. පව්. අපේ මහාඋත්තමාවියත් ඇවිත් හිටියා.. ලස්සන කෙල්ලෝ නං අනන්තයි අප්‍රමාණයි.. මගේ බඩ ගියා...

    ReplyDelete