Friday, December 6, 2013

නෙල්සන් මැන්ඩෙලා


එලිමහනේ සටන් වැදි 
තම සගයන්
බල්ලන් බළලුන් මෙන්
මරා දැමෙන යුගයක
රොබින් දූපතේ 
හුදකලා සිර කුටියක 
වසර විසි හතක්
එකක් දෙකක් නොව 
හය හතක් නොව
වසර විසිහතක්
එක් රටක
එක් ජාතියක නොව
මිනිස් වගෙහිම 
ඉරණම තම දෑතින් ගෙන
 නොබිඳුනු අදිටනින්
කලු ගල් කැඩූ
මහ පුරුෂයාණනි
ඔබටයි මේ 
අවසන් ආචාරය

5 comments:

  1. මගෙත් උත්තමාචරය

    ReplyDelete
  2. මහා පුදුම නායකයෙක්. ඉන්වික්ටස් කියන film එකේ මැන්ඩෙලාගේ නායකත්වය නියමෙට පෙන්නලා තියනවා

    ReplyDelete
  3. ඔහුට ආචාර කරමි.නමුත් කිවයුත්තේ ඔහු පැතූ දකුණු අප්‍රිකාව බිහිනොවූ බවයි.කළු මිනිසුන්ගෙන් අතිමහත් බහුතරය දිළිඳු කමෙන්,නුගත් කමෙන් පෙළෙති.වර්තමාන දකුණු අප්‍රිකානු ජනාධිපති වරයාගේ කල්ක්‍රියාව දෙස බැලීමෙන්ම බොහෝ දේවල් වටහා හත හැකිය.වසර දෙකකට පමණ පෙර කළු ජාතික පතල් කම්කරුවන්ට පොලිසිය ලවා වෙඩි තබවා මරාදැමුවේද මැන්ඩෙලාගේම රජය විසින් බව අමතක නොකළ යුතුය.

    ReplyDelete
    Replies
    1. නෙල්සන් මැන්ඩෙලා නම් ඒ සොඳුරු මිනිසාට ගෞරව ආචාර කරමි. ඇනෝගේ අදහස සමග බොහෝ දුරට එකඟ වෙමි. නමුත් මරිකානා පතල් කම්කරුවන් මරා දැමුවේ ජේකබ් සූමාගේ විකෘති පාලනයයි. එය ANC පාලනයක් බව පිලිගනිමි

      Delete