Wednesday, April 16, 2014

කිරිවෙහෙරේ කොත් කැ‍රැල්ල මතින් නැගෙන බොරු කෙරිල්ල



පසුගිය අලුත් අවුරුදු දා  කතරගම කිරිවෙහෙර අසල අපූරු දෙයක් සිදු වී තිබේ. දිවයින බෝතල් පත්තරය පවසන පරිදි එය මෙසේය. 

"සිංහල, දෙමළ අලුත් අවුරුද්දට මුළු රටේම ජනතාව ළිප් බැඳ කිරි ඉතිරවීමට සුදානම් වෙද්දී එම සුබ නැකත උදාවෙත්ම කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන්ගේ කොත් කැරැල්ලෙන් සුදෝසුදු කිරි පැහැගත් දියරයක්‌ ගලාගෙන යන්නට වූ අතර ඒ අවස්‌ථාවේ රැස්‌ව සිටි විශාල ජනකාය සාධුකාර දුන්හ.පෙරේදා (14 දා) උදෑසන 11 - 12 අතර සිදුවූ මෙම ආශ්චර්යය රැස්‌ව සිටි බොහෝ දෙනා කැමරා මගින් හා ජංගම දුරකථන මගින් රූපගත කළහ.කිරි වෙහෙර කොත් කැරැල්ල සවිකළ ස්‌ථානයෙන් පෙණ බුබුළු මතුවෙන අයුරින් පුංචි පුංචි බුබුළු නැග විටින් විට දියරයක්‌ මෙන් මෙම ද්‍රව්‍ය ගලා පැමිණි අතර විනාඩි 10 ක්‌ වැනි කාලයකින් මෙම ද්‍රව්‍ය වියළී යනු පෙනුණි."

ඒ අවස්ථාවේ එටහෙන ජනයා ලක්ෂ ගනනක් සිටියත් මෙම සිදු වීම මුලින්ම දැක ඇත්තේ එහි සිටි හිමි නමකි. උන්වහන්සේ දැන් දැන් කිරි දියර ගලයිදෝ කියා ඒ දෙස බලා සිටියා මෙනි.මෙන්න ඒගැන තොරණේ විස්තරේ. 

"අවුරුදු උදාව සමරමින් ආගමික වතාවත්වල නිරත වූ හිමිනමක්‌ මෙම අවස්‌ථාවේදී පිරිත් කියමින් වැඩසිට ඇති අතර උන්වහන්සේ විසින් සැදැහැවතුන්හට මෙම දර්ශනය පෙන්වා ඇත."

හොඳම හරිය ඒක නොවේය. මෙන්න මේකය.

"මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් පැවසුවේ බුදුන්ගේ බලය මේ ලෝකයේ සෑම තැනම තිබෙනවා. බුදුන් දේශනා කළ සූත්‍ර පිටකයන්හි බලය අදත් සිද්ධස්‌ථානවල දැක ගන්න පුළුවන්. මෙවැනි ආශ්චර්යයන්වලින් කියෑවෙන්නේ රටට පාලකයන්ට හොඳක්‌ වෙනවා කියන එකයි  (විශේෂයෙන්ම පාලකයින්ට  හොඳේ -සටහන ක.මැ.). වසර 70 කට පෙර මෙවැනිම ආශ්චර්යයක්‌ කිරිවෙහෙර දී සිදු වෙලා තියෙනවා. "

හියහ් පුහ් කිව්වලු.

සටහන- මටනම් මේ ඡායාරූපය දෙස බැලූ විට පෙනුණේ  කාක් බෙට්ටක් බඳු යමකි. 

9 comments:

  1. රටක් පිරිහෙද්දි,ඇදෙන්නෙ බුතයො,පෙරේතයො,වාගෙ අභව්ය දේවල් දිහාවට.හැමදාම කනගාටුවෙන් ඉන්න මිනිස්සු,මේ වාගෙ දේවල් වලින් පොඩි ආතල් එකක් ගන්නව.අපි ඉන්න මේ රටවල් දවස ගානෙ ඉදිරියට යද්දි,ලංකාව ගල් යුගයකට යනව.හරක් කියන්නෙ හරක්ම තමය්.වේන මොනව කියන්නද?

    ReplyDelete
  2. හැබැයි මේක කාක් බෙට්ටක්නම් කාක්කාට ඒතරම් බෙට්ටක් යන්න කවුරු හෝ කාක්කාට රිදෙන සේ (නරක වචනයක් නොවේ ඈ) ඇර තිබිය යුතුය.

    ReplyDelete
  3. මේ මොන කිරි වෙන්න පුළුවන්ද? එළ කිරි, මී කිරි, මවු කිරි, ඌරු කිරි... චෛත්‍ය කිරි?

    ReplyDelete
    Replies
    1. කිරි නෙවෙයි.. මේ කැරි.... ගණ කැරි...

      Delete
  4. දිවයින බෝතල් පත්තරේ ට බොරු හදන හැටි ගැන ට්‍රේනින් මදි වගෙ.ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඒ අය ලග බොරු නිර්මාණය කරන්න පුළුවන් අය අඩුයි කියන එක. ලස්සන බොරු හදන්න පුළුවන් අය ඉන්නව. ඇයි ඉතින් ඒ අයගෙ උදවු අරන් පොටෝෂොප එහෙම යොදාගෙන ක්වොන්ටම් භෞතිකය,ඇස්ට්‍රල් බොඩි කිය කිය පිස්සු පීකුදු වෙන වචන ටිකකුත් දාල කොර වෙන බොරුවක් හදන්න එපායැ.

    ReplyDelete
  5. pasu giya dawas wala deviyan wadina bawakuth kiwwa nesa

    ReplyDelete
  6. උන්ට කිරි...අපිට කැකිරි....කමක් නැහැ හයියෙන් සාධු කියන්න...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අරූයියේ උන්ට හරි කිරි ඉතිරෙන එකම මදැයි...:(

      Delete
  7. කුරුලු බෙටි, කිරි වෙන එකත් ආශ්චර්යයක් නෙව

    ReplyDelete