Sunday, May 4, 2014

අනුෂාංගික පහසුකම් සැපයීම්ට රෙඩි වෙමු




කැසිනෝ වලට අවසර දෙන්නේ නැතිනම් ලංකාවට එන්නේ නැතැයි කියා කැසිනෝ කිං පැකර් තුමා කිව් බව අලස් තුමාගේ මව්බිම පත්තරේ පල වී තිබුනේය. 

කැසිනෝ පනතේ කැසිනෝ කියා කොහෙකවත් ලියවිලා නැත. ඇත්තේ අනුෂාංගික පහසුකම් කියලාය. ඒ අනුෂාංගික පහසුකම් වලට කැසිනෝ අයිති වෙන්නේ නැතිය කියලා ලොකු තැනම කිව්වේය.  ඒ කියන්නේ අදාල හෝටල් වල කැසිනෝ පටන් ගන්න බලපත්‍ර දෙන්නේ නෑ කියන එක වෙන්ට ඇතිය.

හැබැයි ඔය කියන හෝටල්වල කැසිනෝ පටන් ගන්න අලුතෙන් බල පත්තර ඕනෑ නැත. පැකර් තුමාගේ ලංකාවේ හවුල්කාරයා රවි විජේරත්න තුමාය. එතුමාට දැනටම කැසිනෝ බල පත්තර දෙකක් තියෙන බවත් ඒක නිසා කැසිනෝ පටන් ගන්න පුලුවන් බවත් රවී තුමා වීරවංශ තුමාගේ අඩවියට කියා තිබුනි. ඒ කියන්නේ කවුරු මොනවා කිව්වත් කැසිනෝ පටන් ගන්න බවය. 

ඉතින් රතන සාදු සිවුර කැස පිට ගහ ගෙන දැඟලුවත් චම්පික රනවක තුමා සරම ඇඳගෙන ඔලුවෙන් හිටගෙන හිටියත් වැඩක්  නැත. හැබෑ දක්ෂයා කැසිනෝ චන්දේ වෙලාවේ පාර්ලිමේන්තුවේ වැසිකිලියට රිංගාගෙන හිටි වීරවංශ තුමාය. එතුමාට පැකරුත් ෂේප්ය. මහතුමාත් ෂේප්ය.

සටහන- පැකර් ලංකාවට එන්නේ නැහැයි කියලා අලස් තුමා ගේ පත්තරේ කියන්නේ ආන්ඩුව ගොඩ දාන්ට මිස වෙන දේකට නෙවේය.  දැන් ඉතින් කැසිනෝ එන නිසා ආන්ඩුවට චන්දේ දුන් දේශප්‍රේමින්ට තියෙන්නේ අනික් අනුෂාංගික පහසුකම් සල්ස්සන්ට තමන්ගේ අඹුවන් යවන්ට විතරය. 

6 comments:

  1. පැකර් මොකට එනවද කැසිනෝ නැත්නං...

    ReplyDelete
  2. කැසිනෝ දැනටත් ලංකාවේ තිබෙන දෙයක් ලු. ගණිකා ව්‍යාපාරත්, මත් ද්‍රව්‍යත් දැනටත් තිබෙනවා ලු. ඉතින් පැකර් කැසිනෝවක් දැම්මම මොකෝ?

    ReplyDelete
  3. ඕක තනිකරම ප්‍රෝඩාවක්. ඉස්සරලාම පැනලා දුන්නේ ඔස්ට්‍රෙලියාවේ පත්තර. අපේ මිනිස්සුන්ට තව ටික දවසකින් අමතක වෙලා යනවා. අපේ පත්තර කාරයොත් කට පුක වහගෙන ඉන්නවා පැකර් ඇවිත් අනුෂාංගික පහසුකම් පටන් අරගන්නකං.

    ReplyDelete
  4. ඉස්සර ඕමි බලපු කාඩ් කූට්ටම හොයාගෙන තියාගමු එහෙනම්..

    ReplyDelete
  5. මසේ අන්තිම පඩි ගත්තම මමත් යන්න ඕනේ කැසිනෝ එකකට.

    ReplyDelete
  6. ඕක සාංඝික කරමුකෝ

    එන්න අපේ පැත්තෙත් කැරකිලා යන්න

    http://pappagecartoon.blogspot.com/

    ReplyDelete