Tuesday, July 8, 2014

රොබරෝසියාව ගැන කව් ගී ලියවුනා මදි



පේරාදෙණි වලේ (එළිමහන් රඟහලේ ) චිරාත් කාලයක් තිබී පසු ගියදා කඩා වැ‍ටුණු රොබරෝසියා ගස ගැන ලියවෙන කව්, ගී බ්ලොග් සටහන් මුණු පොත් සටහන් වලින් මේ දිනවල අන්තර් ජාලය පිරී උතුරා යමින් තිබේ.

මේවා දකින කියවන අයවලුන් සිතනු ඇත්තේ "අහා කොතරම් නම් සංවේදි මිනිසුන් සිටින රටක්ද? කඩා වැ‍ටුනු මහලු ගසක් ගැන මෙතරම් කව් ගී පබඳින්නට, ලිපි ලියන්නට, මොවුන් නම් මහා මානව භක්තිකයන් විය යුතුය." කියාය. 

එහෙත් මේ වෘක්ෂ ප්‍රේමින් කී දෙනෙක්ගේ හදවත  විස්කෝතු කමි න් සිටියදී මරා දැමුණු ළමයෙක් ගැන ලියන්නට තරම් උණු වීද?

කුඩා බිම් කඩකට හිර වූ ලක්ෂ ගණනක් ජනයා මත ෂෙල් වෙඩි පතිත වෙද්දි මේ අපූරු සංවේදි මිනිසුන් කුමක් නම් කලේද?

පසු ගියදා රටේ සුලුතරයක් වූ වරදට තම ගෙවක් දොරවල් පමණක් නොව ජීවිත පවා අහිමි වූ මිනිසුන් ගැන මේ රෝබරෝසියා ප්‍රේමින් වදනක්වත් ලීවෙද?

තම බ්ලොගය සංවේදි රචනාවලින් පුරවන මෑතකදී බ්ලොග් අවකාශයට එක් වූ ඇතැමෙක් මීට වසර කිහිපයකට පෙර වීදි වල කිරිබත් කෑ වුන් බව අප  හොඳින්ම දනිමු.

.ඇත්තෙන්ම මෙය නම් අපූරු රටකි. රොබරෝසියා ගස් මිනිසුන්ට වඩා වටින රටකි. 

එවන් රටක උපත ලැබ ජීවත් වීමට ලැබීම මොනතරම් වාසනාවක්ද?

14 comments:

  1. හෙහ්....හෙහ්.... එල.....
    එවන් රටක ඉපිද..... වෙනත් රටවල ජිවත් වෙන්න කලින්ම තීරණය කොළෙත් ඔහොම එවුන් එක්ක ජිවත් වෙන්න බැරි නිසයි.....

    ReplyDelete
  2. අරක ගැන ලියලා හිටපන් මේක ගැන ලියන්න?
    ඔහොම නීති කොන්දේසි දාලා කවි ලියවන්න බෑ.

    මටත් හිතුණා රොබරෝසියා ගහ ගැන කවියක් ලියන්න මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ.

    ReplyDelete
    Replies
    1. කවියක් එක්කම විස්තරේකුත් ලියන්න කකා. ම්මත් ඔය ගහට මාර ආදරෙයි. ඇත්තටම වන්දනීය ගහක්.

      Delete
    2. අරක ගැන ලියලා මේක ලියන්න කියන එක නෙවේ කකා මම කියන්නේ. මිනිස්සු මැරෙද්දි කිරිබත් කකා ගස් ගැන කඳුලු හෙලීම ගැන.අනික කකා රොබරෝසියා ගැන ලිව්වත් පේලි අතරේ තියෙයි වෙනස් දෙයක්

      Delete
    3. ka kaa can you write poetry? uh oh

      Delete
  3. ඔය ගහ මැරුණ එක හොඳයි, වතාවක් අත්තක් පිටින් කඩා වැටුනා, වලේ හොඳම වීව් එක තියෙන තැන බ්ලොක් වෙලා තිබුණෙ ඔය ගහෙන්.
    වලෙ නාට්‍ය බලපු නැති බොග මාරයො තමයි ඔය ගහට කවි ලියන්නෙ පරන පව් වහගන්න.

    ReplyDelete
  4. එක තමයි දේශාප්‍රේමිත්වය,මිනිස්සුන්ට ආදරේ නොකෙරුවාට මානව දයාව ගස් වලට දක්වන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. තෝ ඉතිං රනිල්ගේ ගල් කොල්ලනේ. තොගේ ආදරේ රනිල්ට නේද?

      Delete
  5. ඉතිං මොකද වෙන්නේ එහෙම කවි ලියඋනාට?

    කලාමැදිරියාට උවමනා දේට විතරද මිනිස්සු සංවේදී වෙන්න ඕන. තිස් අවුරුදු යුද්දෙන් බැට කාපු උන් එකෙ මොන විදියකින් හරි ඉවර කල එක ගැන සැනසුම් සුසුම් හෙලනවා මිස ආයේ එකේ අහුකොන් හොය හොය ඉන්නේ නැහැ. කලාමැදිරියට ආණ්ඩුව පෙරලගත්තොත් වාසි උන පලියට අනිත් උන්ට එහෙම එකක් නැහැ. නිකං තමන්ගේ වැඩේට අනිත් අය කඩේ නොගියට අඩන්නේ නැතිව නිකා හිටපං.

    ReplyDelete
    Replies
    1. ඔයා නොහෙව්වර අහුකොන් හොයන්න කට්ටිය මග එනවා. එතකොට උත්තර දෙන්න වෙයි කොහොමද ඉවර කලේ කියලා.

      Delete
  6. අමාවක මතු කරන ප්‍රශ්නේ පැති කිහිපයක් තියෙනවා නේද?
    හැමෝම දේශපාලන සත්වයෝ නෙමෙයි. බොහෝ අය දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න කැමතියි.
    අර මැරෙන මිනිස්සු ගැන ජාති ආගම්වාද ගැන බ්ලොග් ලියපු අයත් මහ ලොකු ආත්මවාදියෝ මානුසවාදියෝ කියලා කියන්න අමාරුයිනේ.
    ඒත් වලේ ගහ වගේම මනුස්සකමට තැනක් වචනයක් ලියවෙනවා නම් වටිනවා. ඒත් ඒක නොකලයි කියලා කාටවත් දොස් කියන්න අපිට පුළුවන්ද.
    අපි තාමත් ප්‍රජාතන්ත්‍රවාදි රටක් නේද?

    ReplyDelete
    Replies
    1. නොලීවට දොසක් නෙවේ කිව්වේ. මේ මිනිස්සුන්ගේ කුහකවත එලිදරව් කරන්නයි ඕනෑ වුනේ.

      Delete
  7. මේ වගේ ගොන් බූරුවො. ලන්කාවට වෙලා තියෙන්නෙ පොතේ උගත්තු වැඩි එක. දැන් මේ රටට වෙලා තියෙන දේට අනිත් හැමෝටම වඩා වග කියන්න ඕන තොපි

    ReplyDelete