Tuesday, October 28, 2014

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් හෙවීම


විධායක ජනාධිපති කම අත හැරීමට නම් දෙමළ ජාතික සංධානය හා ඩයස්පෝරාව ඊලම් ඉල්ලීම අත හැරිය යුතුය යැයි ජනාධිපතිවරයා මේ දිනවල කියන්නට පටන් ගෙන තිබේ.විධායක ජනාධිපති කමෙත් ඊලමෙත් ඇති සම්බන්ධය කුමක්දැයි අපට නොතේරේ.  තිබුණත් එය ඇඹුල් කෙසෙල් ගෙඩි හා ඔම්ලට් අතර ඇති සම්බන්ධය වැනි එකක් මිස ඊට වඩා කිට්‍ටු එකක් නම් නොවේ.

අනිත් අතට ඔහු මේ කියන්නේ ඊලම සැබැවින්ම අත හැරීම ගැනද නැතිනම් අත හැරිය  බවට  ප්‍රසිද්ධියේ පැවසීමක් ගැනද? යමෙක්  ඊලම අත හැරියා යයි පැවසුවද ඔහු එසේ පැවසුයේ ඇත්තටම දැයි දැන ගන්නේ කෙසේද?

කෙසේ වෙතත් දැන් අතිගරු උතුමාණෝ  මෙසේ කියනා නිසා ඒ ගැන මදක් හොයා බැලූ විට අපිට පෙනෙන්නේ  දෙමල ජාතික සංවිධානය දැනටමත් ප්‍රසිද්ධියේ ඊලම අත හැර ඇති බවයි. නො එසේනම් ඔවුන් කිසිම දිනෙක ඊලමක් නොපැතූ බවයි. ( මෙහිදී ඇතමුන් ස්වයං පාලනය හා ඊලම පටලවා ගැනීමට ඉඩ තිබේ.) ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වශයෙන් දිවුරුම් දෙන විටම ඒකීය රාජ්‍යයක පැවත්ම ප්‍රසිද්ධියේ පිලිගෙන ඇත. 

එසේ නම් දැන් ඉතුරුවන්නේ ඩයස්පෝරාව පමණි. මේ ඩයස්පෝරාව යනු නිශ්චිත කාණ්ඩයක් නොවේ. ඕනෑ අතකට අර්ථ දැක්විය හැකි කුලකයකි. එහි අනිත් සියලුම දෙනා ඊලම අත හැරි බව ප්‍රසිද්ධියේ කිව්වත් , නොකියූ එකම එක පුද්ගලයෙකුට ඇඟිල්ල දිගු කර අන්න අරූ කිව්වේ නෑ. ඒ නිසා ඩයස්පෝරාව ඊලම අත හැර නෑ. ඒ නිසා මම විධායක ජනාධිපතිකම අත හරින්නේත් නැහැ යැයි කිව හැක.

ඒ නිසා  ජනාධිපතිවරයාගේ මේ කියමන නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් හෙවීම  වැනි දෙයක් මිස අන් යමක් නොවේ. ඔහු විධායක ජනාධිපතිකම අත හරින්නේ නැත.ඔහු නොකියා කියන්නේ එයයි. 

4 comments:

  1. එතකොට 2005 දියි... 2010 දියි ජනාධිපති ක්‍රොමේ අයින් කරනවය කිව්වේ නිකන් ආතල් එකට වෙන්න ඇති..

    ReplyDelete
  2. උන්නැහේටත් පුංචි කොමිටලයක් දාන්න එපෑ කලාමැදිර මචෝ නැද්ද මං අහන්නෙ ඔය පස්සෙ වෙලාවක කියයි අනේ මං මේ සුට්ටු කොමිටලයක් නෙ දැම්මෙ ඔයාල ඒකත් සීරියස් ගත්තද කියල

    ReplyDelete
  3. හරි දැන් ඔහු ජනාධිපති වෙනවා... ඊට පස්සේ ඊළම අත්හැරියා කියලා ඔවුන් කිව්වොත් ජනාධිපති කම ඉවත් කරනවා කියලා අපි හිතමු.... දැන් බලය පාර්ලිමේන්තුවට යනවා... එතකොට ජනාධිපතිධූරය දැරූ කෙනා ගෙදර යන්න ඕනේ.... අන්න පොයින්ට් එක.. එහෙම වුණොත් යනවාද?????

    ReplyDelete
  4. මහින්ද විධයකය අයින් කර ගන්නවා නම් එක දාන්න ඕනේ ලෝක පුදුම ලැයිස්තු ගොන්නට.

    ReplyDelete