Thursday, February 12, 2015

යහපාලන අල්ලස්


පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට හා අධීක්ෂණ මන්ත්‍රී වරුන්ට රජයේ වාහන දෙක බැගින්, රියදුරන් හා ඉන්ධන ලබා දීමට යහපාලන ආණ්ඩුව තීරණය කර ඇත. 

මේ තීරණය ගත්තේ කුමන හේතුවක් නිසාදැයි හෙලිදරව් කර නැතත්, නිසැක ලෙසම එය ආණ්ඩුවේ ඉදිරි වැඩ වලට අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සඳහා දෙන අල්ලසල්  බව නිසැකය.අල්ලස් දීම  ඊනියා යහපාලන ක්‍රමය සමග ගැලපෙන්නේ කෙසේදැයි රජය ජනතාවට පැහැදිලි කල යුතුය. එසේම මෙම පහසුකම ලබාගන්නා අය ගැනද ජනතාව තම අවධානය යොමුකළ යුතුය. මොවුන් මහජන දේපල ගසා කෑමට මොන තරම් හුරු වී සිටිනවා දැයි මෙම සිදු වීමෙන් අපූරුවට  පෙනේ. එසේම  මෙවැනි ජරා ජීර්ණ පුද්ගලයන්ට අල්ලස් දීම සඳහා  මහජන සම්පත් භාවිතා කිරීමට යහපාලකයින්ට කිසිවෙක් වරම් දී නැති බවද මතක කල යුතුව තිබේ..

අල්ලස් දීමත් ගැනීමත් දෙකම නීතියට පටහැනිය. එමනිසා මේ දෙගොල්ලන්ටම විරුද්ධව  අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට මේ දිනවල තර‍ඟෙට මෙන් අල්ලස් කොමිසමට යන ජවිපෙ මහත්වරුන්ට පුලුවන.

ආණ්ඩුවට සහය දෙන හිටපු ඇමතීන්ට හිටපු අමාත්‍යංශවලින් වාහන දෙක දෙක - 

පාර්ලිමේන්තුවේ වත්මන් විපක්ෂය නියෝජනය කරන පසුගිය රජයේ අමාත්‍යධුර, නියෝජ්‍ය අමාත්‍යධුර සහ අධීක්ෂණ මන්ත්‍රීධුර දැරූ මන්ත්‍රීවරුන්ට ඔවුන් පෙර විෂය ආවරණය කළ අමාත්‍යාංශවලින් වාහන දෙක බැගින් මුදාහරින ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

එහිදී, මෙම මෝටර් රථවලට අවශ්‍ය ඉන්ධන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හරහා සම්බන්ධීකරණය කරගන්නා ලෙස පවසා ඇති අතර, ඊට අවශ්‍ය රියදුරන් අදාළ අමාත්‍යාංශවලින්ම ලබාදෙන ලෙසද පවසා තිබේ. එම රියදුන්ට සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකුගේ රියදුරෙකුට ලබාදෙන වැටුප, අතිකාල දීමනා හා යැපීම් දීමනා සමග ලබාදෙන බවද වාර්තා වෙයි.

මේ සඳහා වූ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් වඩුගේ මහතාගේ අත්සන සහිතව ඊයේ (05දා) සවස  නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.

මීට අමතරව, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හිටපු අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ෆැක්ස් මගින් ලිපියක් යවමින් තමන්ට මෙම වරප්‍රසාදය ලබාදෙන බවත්, එය අදාළ අමාත්‍යාංශවලින් ලබාගැනීමට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණ කටයුතු පවත්වා ගන්නා ලෙසද පවසා තිබේ.

මෙම වරප්‍රසාදය පිළිබඳව සැලවීමත් සමගම අදාළ වාහන ලබා ගැනීමට හිටපු අමාත්‍යවරු කීපදෙනෙකුම ඊයේ සිටම ඊට අදාළ කටයුතු සිදු කර ඇති බවද වාර්තාවේ
http://offair.nethfm.com/article/12592

9 comments:

  1. ඒ විතරක් නොවෙයි. එදා 25 ක් කරනවාය කියපු කැබිනට් එක දැන් 27 ක් වෙලා තියෙද්දී, මහ ඡන්දෙන් පස්සේ සභාග ආණ්ඩුවක් පිහිටවන කොට එක පාරටම ඬැඩී කරනවාය කියා කියනවා නේද?

    ඒ කියන්නේ රටේ පරිපාලන අවශ්‍යතා අනුව කැබිනට් ඇමතිකම් දෙනවා නොවෙයි, මුංගේ සහ අරුංගේ අවශ්‍යතා අනුව කැබිනට් හදනවා.

    කාටත් ලොකු රට නොවෙයි තමන්ගේ බඩ බව මෙයින් ඉතා පැහැදිලියි!

    ReplyDelete
    Replies
    1. රාජකීය විද්යාල ආදි ශිශ්යයන් 15 දෙනෙක් සිටින කැබිනෙට්ටුව විවේචනය කිරීමෙන් වලකිමු !!

      Delete
    2. රසිකොලොජිස්ට් @
      මෙතන ගැටළුව තිබෙන්නේ ඇමතිවරු ව්‍යවස්ථාදායකය තුලින් තේරීම නිසාය. ලංකාව වැනි රටක මෙය සීමා කිරීම ප්‍රායෝගිකව දුෂ්කරය. හැම එකාම සතුටු කිරීමට කොයි ආණ්ඩුවට වුනත් වට්ටක්කා පුහුල් ඇමතිවරු පත් කිරීමට සිදුවේ.වඩා බැරෑරුම් වන්නේ දෙවෙනි වටේ ඩිනුවොත්ය.එවිට කැබිනට් එක අනිවාර්යයෙන්ම දෙගුන වේ.හැම එකාම ඇමතිකම් බලාපොරොත්තු වෙති. .ඒ නිසා ඇමතිවරු ව්‍යවස්ථාදායකයට පිටින් පත්කරන ක්‍රමයක් ගෙනාවොත් නරකද
      කැබිනට් ක්‍රමයට පෙර ඩොනමෝර් ක්‍රමයේද තිබුනේ විධායක කාරක සභා ක්‍රමයකි.ඊටත් එහා ගොස් කැබිනට් එක ව්‍යවස්ථාදායකයෙන් සම්පූර්ණමයෙන්ම වෙන් කර මෙම ගැටළුව විසදා ගත හැක.

      Delete
  2. කාටවත් තමන්ට පෙර රට කියන සංකල්පය ලොකු නෑ...
    එහෙම කෙනෙක් හිටියෙත් නෑ
    සමාර විට ඉන්නෙත් නෑ

    ReplyDelete
  3. දුකයි වගේ.. නේද?

    ReplyDelete
  4. Ayyo oya thama oka witarada dekke ? oka sulu deyak mechara dewal wela tiyana tena mee tika dawasata.

    ReplyDelete
  5. මට නම් මෙච්චරයි කියන්න තියෙන්නේ. කෙටියෙන්. මේ දෙගොල්ලෝම එකයි. තව ලස්සන දේවල් බලන්න පුලුවන් වෙයි මහ මැතිවරණයෙන් පස්සේ.

    ReplyDelete
    Replies
    1. පුකේ ලයිට් වගේ පුකේ වම්මු ඉන්නකම් ඉතින් හිස්ට්‍රි රිපීට් තමයි.!! ලංකාවේ ඉන්න වාමාංශික තක්කඩියනේ, තොපිට 77 ඉදන් වලව් වල සෙක්කු වලට සෙට් වෙලා තෙල් හින්ද ඇති නැද්ද?? තොපිට කෑවට පස්සේ කරන්න දෙයක් ඇත්තෙම නැත්නම් නිලක් බලල වැලක් ඇදල නිදාගනිව්කෝ.

      Delete
  6. උනුත්එකයි,මුනුත් එකයි කියලා තමයි දැන් හිතෙන්නේ.හොඳ වැඩක් කරවා ගන්නත් අල්ලස් දෙන තැනකට රට පත්වීම කොයි තරම් අභග්‍යක්ද ?

    ReplyDelete