Saturday, March 21, 2015

ළමයාගේ තාත්තා



ඉන් පසුව අභයාරාමයේදී ගම්පහ දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය නායකයන්ගේ රැස්‌වීම පැවැත්විණි. එහිදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති තිලාන් පෙරේරා හරි අපූරු කතාවක්‌ කීවේය.

"ජනාධිපතිතුමනි, මම අද තාත්තා කෙනෙක්‌ වුණා"

"ඇත්තද......... හරිම සන්තෝෂයි. ඔබත් එහෙනම් රනිල්ව පැරැද්දුවා......" යෑයි හිටපු ජනාධිපති මහින්ද විහිළුවක්‌ කළේය.

"ඒක නෙමෙයි හරි වැඩේ. මගේ බිරිඳ තවම ඉස්‌පිරිතාලේ. එයා කිව්වා මට අද එයා ළඟින් හෙල්ලෙන්න එපා කියලා. මම කිව්වා මම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවන්න තියෙනවා කියලා. බිරිඳ කිව්වා එයාව දාලා කොහේවත් යන්න එපා කියලා.

ඇත්තද? එයාට අමාරුද. ඉතින් ඔයා ඇයි ආවේ. මහින්ද ඇසීය.

කතාව කියල ඉවර නෑනේ. සර්.... ඊට පස්‌සේ මම කිව්වා දවල් 11. 00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හම්බවෙන්නත් තියෙනවා කියලා. මෙන්න අපේ නෝනා කියනවා මම මෙතන වැඩ බලා ගන්නම්. ඔයා ඒක නම් වරද්දන්නේ නැතුව යන්න කියලා. ඔන්න ඕකයි සර් වෙනස

සටහන- මාර වෙනස නේද මෙයාලා  , මේ වගේ වෙනස් කම් පේන්නේ ඉතින් වෙල්ගම මුදලාලිටම තමා. පව් නේද තිලාන්ට 


( උපුටා ගැනීම දිවයින බෝතල් පත්තරේ) .

5 comments:

  1. ජනවාරි 8 ට කලින් ලංකාවේ ජාතික පත්තර හැම එකකම වගේ දේශපාලන ඕපාදුප තීරුවේ කථානායකයා වුයේ කුමාරසිරි හෙට්ටිගේ කියා පොරකි.මහින්දගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරය දැරූ උන්නැහේ පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට ගුරු හරුකම් දෙමින් විපක්ෂ මන්ත්‍රීන්ට කෝචොක් දමමින් මහින්දගේ ගුණ වයමින් ඕපාදුප තීරුවේ භාගයකටම වග කීවේය.වැඩේ කියන්නේ දිවයින කාරයා ඔය කයි කතන්දර ලියු විදිහටම අකුරක් නෑරම රිවිර පත්තරෙත් බාග වෙලාවට ලංකාදීපෙත් වාර්තා කිරීමය.කොටින්ම හැම පත්තරේම දේශපාලන ඕපාදුප තීරුව අකුරක් නෑර සමානය.දැන් කුමාරසිරි හෙට්ටිගේ ගොයියා ආගිය අතක් නැත.පත්තරෙන් පත්තරේට ඕපාදුප තීරුද කොපි පේස්ට් නෙමේය.ඒත් ඉතින් දිවයින වගේ පත්තර කාරයන්ට ''කුමාරසිරි'' කෙනෙක් නැතිව ඕපාදුප තීරුවක් වත් මාකට් කර ගන්ට අමාරුය.මේ දවස් වල රෙස්ට් එකක් ගන්නවාය කියමින් වැඩක් පලක් නැතිව තැන් තැන් වල රස්තියාදු ගහන කුමාරසිරිගේ ලොක්කාව කුමාරසිරිගේ වේකන්සියට පත් කරගන්නට දිවයින කටයුතු කර ඇත.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඔය කුමාරසිරියගෙ නම වැටුනෙ නැති දේසපාලන ඕපදූප තීරයක් තිබ්බෙ නෑ. ඒකට දැන්?

      Delete
  2. මහින්දයා වටේටම වෙඩිතියන බවත් තමන්ගේ ගෑනිටත් වෙඩි වැදිලා බවත් මරා පස්සේ යන සම හරක්ට තේරෙන්නේ නැහැ.

    ReplyDelete
  3. යහපාලනය..........................

    ReplyDelete