Monday, April 20, 2015

අලි බාබා සහ හොරු හතලිහ


හොරෙක් ඉන්නවා. ඌ හොරා කනවා, මංකොල්ල කනවා, පගා ගහනවා ,කොමිස් ගහනවා, අනුන්ගේ දේපොල පැහැර ගන්නවා,මිනී මරනවා , කප්පම් ගන්නවා , කරන්ට පුලුවන් මරි වැඩ ඔක්කොම කරනවා. තනියෙමත් නෙවේ. තව කම්බ හොරු සැට් එකකුත් එක්ක සෙට් වෙලා. පොලෝසියත් හොරාට බයයි. නොදැක්කා වගේ අහක බලා ගෙන ඉන්නවා.

ඔහොම ටිකක් කල් යන කොට අලුත් ඕ. අයි. සී . මහත්තයෙක් පොලෝසියට ඇවිත් අපේ හොරාට පණිවිඩයක් එවනවා" ඒයි හෙට උදේ පොලිසියට ඇවිත් කට උත්තරයක් දීපන්" කියලා

එතකොට හොරත් එක්ක එකට හොරකමේ ගිය, එකට මං කොල්ල කාපු, කප්පම් ගත්ත හොරු සැට් එකට  මල පැනලා පෙලපාලියක් යනවා "අපේ හොරාට අත නොතබනු "," හොරකමට ඉඩ දෙනු", වගේ සටන් පාට කිය කිය. 

දැන්  පොලෝසිය මොකද කරන්න ඕනෑ

පොඩි හොරුන්ගේ ගෝරනාඩුවට බය වෙලා මහ හොරාට යන්ට දෙනවාද?

නැත්නම් මහ හොරයි පොඩි හොරුයි ඔක්කොම එකට කුද ලාගෙන ගිහින් කූඩුවේ දානවාද?



9 comments:

  1. පාර්ලිමේන්තු බයිය බබාලා නලවන ගීතය

    උඹෙ අප්පා කොතැන ගියේ
    ඡන්දෙන් පැරදී ගෙදර ගියේ
    කිරි මුට්ටිය බිඳී ගියේ
    බිල්ලන් අල්ලන් ගියා පුතේ

    බයි බයි බයි බයිය බබෝ
    චූ කරලා නිදියන්න බබෝ

    ReplyDelete
  2. බිම ඉඳගන්නයි, හොරු රකින්නයි බය වෙන්න එපා

    ReplyDelete
  3. දුප්පත්කමට වෙන්ඩැති බිම ඉදගන්ඩ ඇත්තේ....

    ReplyDelete
  4. තනිකරම ඕ. අයි. සී . මහත්තයාගේ වැරද්ද.කට උත්තර දෙන්න එන්න කියන්නේ නැතුව හංගපුවා පෙන්වන්න එක්ක ගියානම් ඉවරයිනේ

    ReplyDelete
    Replies
    1. එකඟයි. ගඩාෆියට දීපු බේත ඇයි මහින්දයට දෙන්න බැරි කියල මහජනතාව අහන්නෙ. මහින්ද කියන්නෙ ගඩාෆිට වඩා දරුණු තුච්ඡ කාලකන්නියෙක්.
      අපේ ගම්වල මිනිස්සුනම් මහින්ද කියන වචනෙ ඇහෙනකොටත් දත්මිටිකනව. ඒ විරෝධය කිසිම මාධ්‍යයකින් දෙන්නෙ නෑ. හැබැයි රබර් බෝලෙ දියේ ඔබන් ඉන්නව වගෙ තමා. හැමදාම ඇත්ත හංගන්න බෑ.

      Delete
  5. //පොඩි හොරුන්ගේ ගෝරනාඩුවට බය වෙලා මහ හොරාට යන්ට දෙනවාද?

    නැත්නම් මහ හොරයි පොඩි හොරුයි ඔක්කොම එකට කුද ලාගෙන ගිහින් කූඩුවේ දානවාද?//

    ඔය එකක්වත් කරන්න ඕනෙ නෑ.... අර පොඩි හොරුන්ට පොලිසියේ මොනවා හරි තනතුරු ටිකක් දුන්නනම් හරි........

    ReplyDelete
  6. විදුලි පුටුවට බය නෑ. නමුත් අල්ලස් කොමිසමට බයයි.

    ReplyDelete
  7. අනේ! මට නම් තේරෙන්නේ නැහැ. හොරු අල්ලන්න එපා කියනවා කෙසේ වෙතත්, පියසිරියා කියනවනේ මුං ප්‍රගතශීලී කියලා...

    ReplyDelete