Monday, September 21, 2015

එල්ලුම් ගහ

එල්ලුම් ගහ ගැන මෙන්න මේ වගේ කතාවක් නස් රුදීන් කියල තියෙනව.
ඒ රටේ රජතුමාට අදහසක් පහල වෙලා තියෙනව රටේ ජනතාව සත්‍යයේ පිහිටුවන්න. දවසක් මේ ගැන සාකච්ඡා කරන්න නස් රු...දීන්ටත් ආරාධනා ලැබුණා.


සාකච්ඡාවෙදි රජතුමා තමන්ගෙ අදහස පැහැදිළි කළා.


 "මගේ අදහසක් තියෙනවා ජනතාව සත්‍යයේ පිහිටුවන්න'


 ' ඒ කිව්වෙ?'


 "ජනතාව ඇත්ත කතා කරන්න ඕන"


 "ඉතිං ඕක කොහොමද කරන්නෙ"


 "නීතියෙන්"


 "වැරදිලවත් බොරු කිව්වොත්?"


 "එල්ලල මරණව"


 "එහෙම නීතියෙන් ජනතාව සත්‍යයේ පිහිටුවන්න බෑ. ඕක කරන්න ඕන ධර්මයෙන්, සත්‍යයේ තියෙන වැදගත්කම ජනතාවට දාර්ශනිකව අවබෝධ කරල දෙන්න ඕන." නස් රුදීන් කිව්වා.


රජතුමා අදහස වෙනස් කළේ නෑ. ඔහු නගරයට අතුල් වෙන ප්‍රධන මුරපොල ලඟ එල්ලුම් ගහක් තැනෙව්වා. රාජපුරුෂයො දාල එතනින් යන ජනතව ගෙන් ප්‍රශ්න කළා. ඇත්ත කියපු අය නිදහස් කළා. බොරු කියපු අය එල්ලලා මැරුව.


නස් රුදීනුත් මෙතනින් යන්න ආවා.


රාජපුරුෂයො ප්‍රශ්න කළා.


 " කොහෙද යන්නෙ?"


 "එල්ලුම් ගස් යන්න යනව"


 "උඹ බොරු කියන්නෙ"


 "එහෙනම් මාව එල්ලනවා"



" එතකොට තමුසෙ කියපු එක ඇත්ත වෙනව. ඇත්ත කියපු අය එල්ලන්න බලයක් නෑ."

 "එහෙනම් මාව නිදහස් කරනව."


 "එතකොට තමුසෙ කියල තියෙන්නෙ බොරු. බොරු කියන අය එල්ලන්න කියල අපට නියෝග කරල තියෙන්නෙ. එල්ලුවොත් තමුසෙ කියල තියෙන්නෙ ඇත්ත. ඇත්ත කියන අය එල්ලන්න නීතියෙන් අවසරන් නෑ. එල්ලුවෙ නැත්තන් තමුසෙ කියල තියෙන්නෙ බොරු.... බොරු කියන අය එල්ලන්න කියල අපට නියෝග කරල තියෙන්නෙ.......... එල්ලුවොත් තමුසෙ කියල තියෙන්නෙ ඇත්ත............. ඇත්ත කියන අය එල්ලන්න නීතියෙන් අවසරන් නෑ............ එල්ලුවෙ නැත්තන් තමුසෙ කියල තියෙන්නෙ බොරු....


'දැන් තේරෙනවද....? ඉතින් ගිහින් කියනව තමුසෙලගෙ රජාට හැම හත්තිලව්වම නීතියෙන් කරන්න බැ කියල....."


සාහිත්‍ය මාසය වෙනුවෙන් බුකියෙන් උස්සන ලදි

14 comments:

  1. දැන් මේක කියන්න ඕනි කොයි රජාටද?

    ReplyDelete
    Replies
    1. මෑත කාලේ රජවරු දෙන්නෙක් හිටියද බං? උඹලා වගේ කස්ටිය රජතුමා රජතුමා කිය කියා වැඳුම් පිදුම් කලාද කීප දෙනෙකුට?

      Delete
    2. ඇනෝ මචං ඒ උඹට මාව මතුපිටින් පේන විදිය. ඒක වළක්වන්න මටත් බෑ.

      Delete
  2. දැන් එතකොට එල්ලනවද නැද්ද??

    ReplyDelete
  3. එල්ලුම් ගහෙන් ප්‍රශ්න විසඳන විදිහ පැහැදිලි කරන්න කවුරුත් නෑ. හැබැයි එල්ලුම් ගහ ක්‍රියාත්මක කරවන්න වලිකන්න කට්ටිය ඉන්නව. මේව විකාර විතරයි. එල්ලුම් ගහට බුද්ධිමත් පුළුල් චින්තනයක් ඇති බහුතරයක් එකඟ නෑ.

    ReplyDelete
  4. එහෙනං එල්ලුං ගහ මුල් අද්දමු ඉවරනෙ සීන් එක

    ReplyDelete
  5. නස්රුදීන් ගෙ කතාව ඇහුවට පස්සෙ අපි කොච්චර වඳ බැහැපු මනුස්සයොද කියල හිතුනා

    ReplyDelete
  6. නියමයි...... කලින් කියවලා තිබ්බත්, දැන් තමයි තේරුනේ අද මේ තියෙන තත්වෙටත් ගැළපෙන කතාවක් නේද කියලා................

    ReplyDelete
  7. හැම හත්තිලව්වම නීතියෙන් කරන්න බැ ඇත්ත​

    ReplyDelete
  8. ඔය කියන ඇත්ත මෙහෙ ඉන්න මී හරක්ට තේරෙන්නේ නැහැ බන්..

    ReplyDelete
  9. නියමයි. වෙන කියන්න දෙයක් නැහැ. එල.

    ReplyDelete
  10. එතන හිටපු සෙබලුන්ට යම් කිසි බුද්ධියක් තිබුන නිසා නස්රුදින් බේරුනා. එහෙම නැතිනම් නස්රුදින්ගෙ අවසන් කතාව වෙන්නේ මේක.

    ReplyDelete