Tuesday, October 6, 2015

පෙම් ලොවදී දු‍ටු ඔහුමද මේ



අපේ ගෙදර කුස්සිය පැත්තෙන් බරස් බරස් ගාන සද්දෙත් එක්ක ගොරෝසුවට සිංදුවක් ඇහෙනවා.

"පෙම් ලොවදී දු‍ටු ඔහුමද මේ ,ඔහුට ද මා අන්ධ වුනේ".....

මම හිමීට කුස්සියට එබිලා බැලුවා..

අපේ ආච්චි හිරමනේ වාඩි වෙලා පොල් ගානවා

සීයා වංගෙඩිය උඩ වාඩි වෙලා සිංදුවක් කියනවා

"පෙම් ලොවදී දු‍ටු  ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුණේ

මිදි යුෂ යයි රැවටී හලා හල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුණේ ඇයි මා............."

මම හෙමිහිට සීයාට කිට්‍ටු කරලා ඇහුවා " සීයේ, ඔය සිංදුව සීයට ගැලෙපෙන්නේ නැහැනේ, ඕක ගෑනු කෙනෙක් කියන සිංදුවක්නේ " කියලා

" මොකොද මට ගැලෙපෙන්නේ නැත්තේ ? මේ සිංදුව තමා අද රටේ වැඩි දෙනෙකුට ගැලපෙන සිංදුව, ලක්ෂ හැටක්ම මේ සිංදුව කියනවා ,ඉතින් මං කිව්වම මක් වෙනවද? " "කියලා සීයා කියපි .

මම හිමිහිට මාරු වුනා.

සටහන- මේ සිංදුවත් , පරාජිත මන්ත්‍රීන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් ඇමති කම් ගැනීම හෝ  එතනෝල්  කුඩු මුදලාලිලා  ට ඇමති කම් දීම හෝ  දහම් සිරිසේන තරුණයාගේ UN  චාරිකාව අතර   හෝ කිසි සම්බන්ධයක් නැති බව අපේ සීයා දිවුරා කීවේය.
.

5 comments:

  1. සීයා දිවුරාම කීවා නං හරි නෙ ආයෙ මොනාද... සීය හරි
    කලාමැදිරිස් වැරදී
    මේක ගොසිප්පෙකක් කලාට
    හිහික්

    ReplyDelete
  2. දකින්නේ එකක් කරන්නේ එකක් ..... ඒක තමා පෙම් ලොවෙත් වෙන්නේ

    ReplyDelete
  3. නන්දා නැන්ලදා, ආරියරත්න කුරුවිටබණ්ඩාරලා දැන් ඉතිං ආච්චිලා, සීයලා තමයි!

    ReplyDelete
  4. සීයා දිවුරලාම කිව්වනං ඉතිං පිළිගන්න වෙනවනේ......... ඒත් ඉතිං අනේ මන්දා...........

    ReplyDelete
  5. දිවුරලා කිව්වානම් අවුලක් නැහැ.

    ReplyDelete