Saturday, October 31, 2015

යකාගේ සිහිනය





යකාගේ අඩවිය ලියන මධ්‍යස්ථ මතධාරියා නම් වූ බ්ලොග්  කරුවාට නිදහසේ ගමන් බිමන් යාමට, ඉගෙන ගැනීමට, නිදා ගැනීමට, සිහින දැකීමට ,සල්ලි දී ටිකට් අරගෙන ඇති බැවින්  තමන්ගේ පාඩුවේ කෝච්චියේ යාමට , පාඩම් කිරීමට, ආහාර ගැනීමට ,මලපහ කිරීමට සහ සංසර්ගයේ යෙදීමට අවශ්‍ය බැවින් මින් පසු කිසි කෙනෙකුන් කිසිම ආකාරයක උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර, පිකටින් , පෙලපාලි, ‍රැස්වීම් පැවත්විය තබා සද්දෙට අධෝ වාතයක් වත් පිට නොකළ යුතු  යුතු බව  මෙයින්  දැනුම් දී සිටින වගයි.

යම් අයෙකුට පාලකයින් වෙත කුමන ආකාරයක හෝ  දුක් ගැනවිල්ලක්, පැමිණිල්ලක්, ඉල්ලීමක්  කිරීමට ඇත්නම් මධ්‍යස්ථ මතධාරියා සැම දා  කරන පරිද්දෙන් පාලකයින්ගේ කකුල් ලෙව කෑමෙන්  හා වෘෂණ කෝෂ පොලිෂ් කිරීමෙන් එම කාර්ය වඩා සාමකාමි ලෙස කර ගත හැකි බවද මෙයින් දන්වා සිටිමු.

මෙම ආඥාව කඩ කරන අයට යමපාලන යහපාලන පොලීසියේ සාද් ගේ පුතුන් ලවා අවම බලය භාවිතා කරවන බවත් ඉන් ලැබෙන අතුරුඵල ගැන තම තමන් වග කියා ගත යුතු බවත් මෙයින් වැඩි දුරටත් දැනුම් දෙමු.

සටහන- මධ්‍යස්ථ මතධාරියා අමාරුවෙන් උපාධි එකින් එක ලබාගෙන  , සතෙන් සතේ එකතු කර ඉතා අමාරුවෙන් පංතියෙන් පංතිය ඉහලට නැගීමට දකින සිහිනයෙන් ඔහුව නොමුදවන ලෙස පෙර‍ටුගාමි කඩප්පුලියන්  සිතට ගත යුතුය.

9 comments:

  1. මධ්‍යස්ථ මතධාරියා කඩේ යන පොරක්ද

    ReplyDelete
  2. මේ දැන් යකාගේ අඩවිය නොහොත් අලුත් මධ්‍යස්ථ අඩවියට ගිහින් කමෙන්ටුවක් දැම්මා විතරයි... (හිත රිදුනාට ටිකක් පාලනය කරගෙන) ඒත් මේක සැර වැඩි නැද්ද බං....

    ReplyDelete
  3. සැරයි තමා....ටිකක් විතර ..

    ReplyDelete
  4. යකාගෙ සිහිනය ඔහුට සැබෑකරගන්නට ඉඩ හරින්න. ඔබට සිහිනයක් නැත්නම් කරුණාකර සිහින දකින්නවුන්ට අපහාස කිරීමෙන් වළකින්න.

    ReplyDelete
    Replies
    1. Well said Ravi. I don't see any thing wrong in yaka's post. Just another expression of ideas.

      Delete
    2. අපේ ගොනා අපිට හොදා................නේද රවී.

      Delete
    3. Ravi? That was his idea and this is my idea. I do have a right to express my ideas as well as Yaka

      Kalamadiriya

      Delete
    4. Ano,

      / අපේ ගොනා අපිට හොදා................නේද රවී. /

      සියලුම ගොන්නු තමන් හැර අනෙක් සියල්ලෝම ගොනුන් යයි සිතන්නෝය. එසේ සිතා ඔවුහු ස්වයං මෝහනයට පත්ව මහත් හඬින් තප්පු ලන්නෝය.

      Delete
    5. ඈත්තය.
      රවීගේ ඝෑසිරීමෙන් ඵය මනාව පසක්වේ

      Delete