Wednesday, January 13, 2016

කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්


අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් නම් එවැනි රටක නීතියෙන්,අධිකරණයෙන් හා විනිසුරන්ගෙන් පලක් නැතැයි කීවේ සුනිල් ආරියරත්න හා නන්දා මාලිනිය.

අලුත් ලොවක් තනන්නට යෑම නිසා පාලකයින්ගේ උදහසට ලක් වී දිවි ගලවා ගැනීම සඳහා උපන් රටින් පලා ගොස් සිට පැමිණ, නැවත තමන් ඉපදුන රටේම පුරවැසි භාවය ඉල්ලන කුමාර් ගුණරත්නම් මාස දෙකක් තිස්සේ සිර ගෙදරක සිටීම ගැන කිසිවෙකුත් ඉහත ආකාරයේ ප්‍රශ්න අසන්නේ නැත. මානව හිමිකම් සංවිධාන, දේශපාලන ‍රැඩිකල් වරුන්, සමාජ ක්‍රියාකාරින් , මාධ්‍ය කිසිවෙක්  ඒ ගැන කථා නොකරයි. ඒ ඔහුගේ දේශපාලනය  ඔවුන්ට දිරවන්නේ නැති නිසාද? 

පුද්ගලයෙකු පැහැරගෙන යාම ගැන චෝදනා ලබා සිටි හිරුණිකා විනාඩි විස්සකින් ඇප ලබා එලියට පැමිණියේ සෙනසුරාදා දිනකය.ඒ යහපාලනයේ හැටිය. පසුගිය රජයේ වංචා දූෂණ මැර ක්‍රියා සොයා වංචනිකයන්, දූෂිතයන් ,හොරුන් හා මැරයන් හිර ගෙදර යවන්නට බලයට පැමිණි යහපාලනයේ වැඩ එහෙමය.රාජ්‍ය දේපල හොරා කෑමේ චෝදනා ලැබූ වුන් සියලු දෙනාම එලියේය. කුමාර් ඇතුලේය.

කුමාර් ගුණරත්නම් පසුගිය දෙසැම්බර් අට දා කෑගලු උසාවියට ගෙනවිත් තවත් සති දෙකකින්  රිමාන්ඩ් භාරය දිගු කල අතර එදින ඔහුගේ උපන දිනයද විය. අද කැගලු උසාවිය තිබෙන තැන මීට වසර 50 කට පෙර තිබුනේ කෑගල්ල රෝහලයි. මේ සිදු වීමේ උත්ප්‍රාසය වනුයේ කුමාර් නීතී විරොධී ලෙස මෙරටේ සිටියා යැයි කියා 2015 දී සිරභාරයට ලක් කරන තැන ම පිහිටා  තිබූ රෝහලේදී ඔහු මීට වසර පනහකට පෙර ඉපදී තිබීමයි. ඔහු ඉපදුන රටේ පුරවැසි භාවය අහෝසි කර ,එය නැවත ඉල්ලන විට කුදලාගෙන ගොස් හිරේ දමයි.යහපාලනය යනු එයයි.

කුමාර් අත් අඩංගුවේ සිටින්නේ නීති විරෝධී ක්‍රියාවක් කල නිසා යැයි කියන අයට කීමට ඇත්තේ නොදන්නා මගුලක් කතා නොකර සිටින ලෙසය. එසේ නම් ඔහු අත් අඩංගුවටගැනීමට මෙතෙක් කල් බලා සිටියේ මන්ද? ඔහු සිටින තැන සොයා ගැනීමට නොහැකි වූ නිසා යැයි කියන්නේද? රටේ බුද්ධි අංශ එතරම් දුර්වලද? ඔහුව පාවාදුන්නවුන් ඔහු යන එන තැන් ගැන නොදැන සිටියේද? ඔහුට රට හැර යාමට සිදු වූයේත් කලක් ඔහු සමග එකට දේශපාලනය කලවුන් සමහරකුගේ පාවා දීම් නිසා බව අද රහසක් නොවේ. කුමාර් නිදහස් කරන ලෙස ඉල්ලා ගසා තිබූ  පෝස්ටර් පවා ඔහුගේ පරණ දේශපාලන සගයින් විසින් ඉරා දමා ඇතැයි කියවේ.

පැහැදිලි ලෙසම කුමාර් අත් අඩංගුවට පත් වෙන්නේ ඔහුගේ පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය කොටස් ගෙන ගිය උද්ඝෝෂණ නිසා රජය පත් වූ අපහසුතාවට පලි ගන්නටය. එසේම රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි කොටස් බිය ගන්වන්නටය. පසුගියදා බොරු චෝදනා නගමින් නීතිඥ නුවන් බෝපගේ අත් අඩංගුවට ගත්තේද එම අරමුණින්මය.

එසේම මරණ පරීක්ෂණයක් පවත්වන්නට පවා ප්‍රථම , පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්ද, පොලිසිය බාර ඇමති සාගල රත්නායක පාර්ලිමේන්තුවේදී ද ඇඹිලිපිටිය පොලිස් ප්‍රහාරය සුද්ද කරන්නට එන්නේ ද විරුද්ධ මතධාරින් බිය කරන්නටය. එසේම විරුද්ධ මතධාරින්  පැකිලීමකින් තොරව මර්ධනය කරන ලෙස පොලිසිය ඇතුලු මර්ධකයින්  ධෛර්යමත් කරන්නටත්ය.

කොටින්ම කිව්වොත් කුමාර්  ගුණරත්නම් අද හිරේ ඉන්නේ " අපි උඹේ දේශපාලනයට කැමති නැහැ, උඹ අපිට කරදරයක්, උඹ අපේ ආතල් කඩනවා, ඒ නිසා උඹ ඇතුලේ හිටපන්, උඹට විතරක් නොවේ අපි එක්ක හැප්පෙන ඕනැම කෙනෙකුට අපි කරන්නේ ඕකයි " කියා පෙන්වීමට රජයට ඕනෑ නිසාය.

12 comments:

  1. Replies
    1. මීලඟ ජනාධිපති කුමාර් වෙන එක නවත්වන්න ආණ්ඩුව කරන වැඩක් මේ.

      Delete
  2. සිරාවට දන්නේ නැතිනිසයි අහන්නේ.විමල්ගේ,විමල්ගේ බිරිඳගේ, ගීතා ඇන්ටිගේ කේස් ආගමන විගමන පණතට අදාල වෙන්නේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. නෑ. ඒවා සර්වබලධාරී දෙවියන්ගේ තීරණය මත කපා හැරියා.

      Delete
  3. කුමාර් ට එන්න දුන්නේ මහින්දගේ ආණ්ඩුව චන්දෙ අස්සේ විශේෂ අවස්ථාවක් හදල දීල. මහින්දගේ ආණ්ඩුව පැහැරගෙන ලිංගික හිංසනයට ලක්වුණා කියන කුමාර් ට ආයේ එන්න දෙන්න මහින්දට ආසාවක් ඇති වුනේ මොකද මන්ද. ඒටික නොලිය ඉන්න ලජ්ජද ? ඔයා ඕව කියන්න කොන්ඩේ බැදපු අග්නිදිග අසියාතිකයන්ට.

    අලුත් ලොවක් තනන්න ගිය කට්ටිය ගැන දැන් ඔය ලස්සනට පෙන්නේ. බාගයක්ම දැන් අන්තිම හොරු. විමල්, තට්ට විජේ, පිස්සු සෝමේ, වීරකුමාර විතරක් නෙවෙයි. ලොකු අතුල. මහින්ද විජේසේකර, අමරසිරි දොන්ගොඩ, රෙජිනෝල්ඩ් කුරේ මතක් කරගන්න බැරි තරම් ඉන්නවා. ඒ අලුත් ලොව හදන්න පෙරමුණේ හිටපු හිටපු කට්ටිය අද ඉන්න විදිය බැලුවම පෙන්නේ, අලුත් ලොව තැනුව නම් මරා ගේ හොරා කෑමට ත් වැඩිය හොරා කාල මේක ඉතියෝපියාවක් කරලා තමයි නවතින්නේ. කුමාරගේ දරුවෝ එහෙ සුපිරි සැප විදිනවා. මෙහෙ දුප්පත් මෝඩ කොල්ලෝ කෙල්ලෝ පාරේ දක්කනවා උපධියාවත් ගන්න නොදී. ඔන්න කුමාර් ලගේ ස්මජවාදේ.

    ReplyDelete
    Replies
    1. නොදන්න මගුල් කතා කරන්න එපා කියලා කිව්වේ ඔයා වගේ මෝඩ කතා කියන අයට තමා. කුමාර්ව මහින්ද ගෙන්නපු මගුලක් නැහැ. හැබැයි ඒ වෙලාව ප්‍රයෝජනයට ගත්තා ලංකාවට එන්න. ඒ වෙලාවේ කුමාර් ලංකාවට එන එක තහනම් කරන්නේ නැහැ කියලා හරියට ගණන් බැලුවා.

      Delete
    2. නොයෙල් මුදලිගේ ලෙසින් පිටුවහල් කල කෙනෙක්ට නැවත පැමිණීමට හදිසියේම මහින්ද ආණ්ඩුව අවස්ථාව දුන්න. ඒ සදහා ඕස්ට්‍රේලියානුවන්ට විශේෂ අවස්ථාවක් හදිසියේ දුන්නෙත් මහින්ද. එහෙම එකක් දුන්නට පස්සේ දුමින්ද ගිහින් ආගමන විගමන පාලක කාර්යාලට අදාළ දඩ මුදල ගෙව්වා. ඊට පස්සේ තමයි කුමාර් වීස ලබාගෙන නොඑල් මුදලිගේ නමින් නැවත ලංකාවට පැමිණියේ. ඒක මහින්දගේ තවත් මෝඩ ගණන් බැලීමක් මිසක් කුරුටුගමීන්ගේ ගණන් බැලීමක් නෙවෙයි. ඒ ඔයාට කියා දුන්න හැටි වෙන්න ඇති.

      විමල්, තට්ට විජේ, පිස්සු සෝමේ, වීරකුමාර විතරක් නෙවෙයි. ලොකු අතුල. මහින්ද විජේසේකර, අමරසිරි දොන්ගොඩ, රෙජිනෝල්ඩ් කුරේ වගේ බොහොම ආදර්ශවත් හොරු බිහිකළ හොර පෙරමුණක් කෑලි වලට කැඩුනම තව නීල කාස හොරු කොච්චර බිහි වේද බලමු.

      Delete
  4. සාධාරණව බැලුවොත් මෙතැන වෙන්නේ ප්‍රේමකුමාර්ට විශේෂ සැලකීමක් නොකර සාමාන්‍ය නීතිය සාමන්‍ය විදියට ක්‍රියාත්මක වෙන්නට ඇරීම කියායි මට හිතෙන්නේ.

    මං හිතන්නේ ප්‍රේමකුමාර් හදන්නේ ද්විත්ව පුරවැසිබව ගන්න විය යුතුයි. සිඩ්නිවල අයෙකු නම් කීවේ එය එසේ නොවන බවයි.

    මට තේරෙන විදියට ඔහුට කළ හැකි එක දෙයක් තමයි, කෙලින්ම ඕස්ටේ‍රලියන් පුරවැසිකමෙන් ඉවත් වෙන බවට හයි කමිෂන් එකට දැන්වීම. එවිට උපත මත ඔහු ඉබේම ලංකා පුරවැසියෙකු වෙනවා. නමුත් ඒ නිසා ඔහු අතීතයේ කළ "නීතිය කැඩීමේ" වරදින් නිදහස් වෙන්නේ නෑ.

    ඒ සමගම එවිට ඔහුට ඔස්ටේ්‍රලියානු පුරවැසියෙකුට හිමි යම් නීතිමය වරප්‍රසාදයක් තිබේනම් එය අහිමි වෙනවා. එය ඔහුට ප්‍රශ්නයක් යැයි මා සිතන්නේ නෑ.

    තවත් කරුණත් නම්, දැනට නීතිමය තත්වය අනුව ඕස්ටේ‍ර්ලියානු පුරවැසියෙකු වෙන ප්‍රේමකුමාර් හොඳින් දන්නා කරුණක් තමයි, මෙවැනි වීසා වරදවලට අසුවෙන අයට ඕස්ටේ‍ර්ලියාවේ රඳවා ගැනීම් මධ්‍යස්ඨානවල අවුරුදු ගණං ගෙවන්න වෙන බව!

    ReplyDelete
    Replies
    1. ඔහු විශේෂ සැලකීමක් නොකර සාමාන්‍ය පුරවැසියෙකුට කරන සැලකීම කරන ලෙස තමයි ඉල්ලන්නෙ. ඔහු තමන්ට පරම්පරාවෙන් අයිති පුරවැසි භාවය ඉල්ලනවා කියන්නේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය අත හරිනවා කියන එකයි. නමුත් ආණ්ඩුව කරන්නේ ඔහුගේ දේශපාලන ක්‍රියාකාර කම් නිසා ඔහුව හිර තබාගෙන පි‍ටුවහල් කිරීමටයි සූදානම් වෙන්නේ. මේ සඳහා ආණ්ඩුවේ හිත මිත්‍රයන් වන අනුර කුමාර් ලාගේ පෙලඹවීමකුත් ඇති. මොකද ආණ්ඩුවට කෙසේ වෙතත් කුමාර් ගේ දේශපාලනය තර්ජනයක් වුනොත් වෙන්නේ අනුර කුමාරලාට නිසා.

      Delete
    2. ||මං හිතන්නේ ප්‍රේමකුමාර් හදන්නේ ද්විත්ව පුරවැසිබව ගන්න විය යුතුයි.||

      ඔහු ඉල්ලන්නේ පාරම්පරික පුරවැසි කම. ද්විත්ව පුරවැසිබව නොවෙයි.


      ||මට තේරෙන විදියට ඔහුට කළ හැකි එක දෙයක් තමයි, කෙලින්ම ඕස්ටේ‍රලියන් පුරවැසිකමෙන් ඉවත් වෙන බවට හයි කමිෂන් එකට දැන්වීම. එවිට උපත මත ඔහු ඉබේම ලංකා පුරවැසියෙකු වෙනවා.||

      මේ කතාව කරුණක් විදියට වැරදියි. ලංකාවේ පුරවැසි කම ලබාදීමට ලංකාවේ ආණ්ඩුව එකග වෙනකම් හෝ අඩුම තරමේ ඊට අදාල ලියවිල්ලක් ඉදිරිපත් කරනකම් ඔහුගේ ඕස්ටේ‍රලියන් පුරවැසිකම ඉවත්කළ නොහැකියි. ඕස්ටේ‍රලියන් රජය එයට එකඟ නැත. ඒ මන්ද යත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව රටක් නැති පුරවැසියෙක් සිටිය නොහැකි නිසා.

      ||නමුත් ඒ නිසා ඔහු අතීතයේ කළ "නීතිය කැඩීමේ" වරදින් නිදහස් වෙන්නේ නෑ||

      ඔහු සිරගත කොට ඇත්තේ "අතීතයේ කළ නීතිය කැඩීමේ" නිසා නොවෙයි විසා කාලය ඉක්මවා රැදී සිටියාය යන පදනමෙන්.

      Delete
    3. @ Anonymous January 14, 2016 at 3:17 PM

      අපේ පොදු මිතුරෙකු වෙන මා සමග කීවේ ද ප්‍රේමකුමාරට අවශ්‍ය ද්විත්ව පුරවැසිකම නොව ලාංකික පුරවැසිකම බවයි. මා මෙහි ලියා ඇති දේ, එනම්, කෙලින්ම ඕස්ටේ‍රලියන් පුරවැසිකමෙන් ඉවත් වෙන බවට හයි කමිෂන් එකට දැන්වීම. එවිට උපත මත ඔහු ඉබේම ලංකා පුරවැසියෙකු වෙනවා නේද යන්න මා සමග කි වීට ඔහුගේ පිළිතුර වුනෙත් ඔබ කියා ඇති දෙයමයි.

      ලංකාවෙන් ප්‍රේමකුමාර් ගැන සහතිකයක් ලැබෙන තුරු ඕස්ටේ‍ර්ලියාව එලෙස කිරීම වටහා ගත හැකියි.

      මා ඔහු අතීතයේ කළ "නීතිය කැඩීමේ" වරද යනුවෙන් අදහස කළේ, නීති විරෝධීව විසා අවසන් වූ පසු රටේ දිගටම රැඳී සිටිමේ වරදයි. ඒ සඳහා තමයි ඔහු දැන් රිමාන්ඩ්කර තියෙන්නේ.

      ඔබ අදහස් කරන "අතීතයේ කළ නීතිය කැඩීම්" මොනවාද?
      ;-)

      Delete
  5. මුන්ගෙ කොමෙන්ට් ටික කියෙව්වම පිස්සු හැදෙනවා

    ReplyDelete