Monday, May 16, 2016

උගන්ඩා,වැට් සහ ‍රැග්



මුසවේනි ගේ හොර  මගුලේ බාල් කන්ට 

 උගන්ඩාවේ සැප දීලා හිටපු තුමා නලව ගන්ට

අගමැති මැති ඇමතිලාට සැප වාහන පුද කරන්ට

බැඳුම්කරෙන් හොරාකන්ට මහ බැංකුවේ බෑනාලාට
 
සල්ලි කොහෙන්ද?
 
ගෙවපියවු වැට් බදු , ගෙවපියවු තව බදු
 
බදු බදු බදු
 
හැබැයි තහනම් වචනය බදූ
 
කතා කරපියව් ‍රැග් ගැන
 
අර කෙල්ලගේ කලිසොම ගැන
 
ඕනෑ නම් ජංගිය ගැනත්
 
කතා කර කර , කතා කර කර
 
ගෙවපියවු බදු , කාපියව් අල
 
නියඟලා අල


13 comments:

  1. සමාජ ජාලා වල අවධානය බදු වැඩි කිරීමට වඩා නවකවදය පැත්තට ගිය එක ඇත්ත. ඒත් එක ප්‍රශ්නයක් මඟ හැරුන නිසා කතා කරපු ප්‍රශ්නයේ වැදගත්කමක් නැතුව යන්නේ නෑ කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
  2. බදු නැතිව රට කළ නොහැක. නමුත්, ඒ බදු මුදල් මුසලීනිලා ගේ මගුල්වලට යන්නට සහ ලක්‍ෂ තුන්සිය පනහේ, ලක්‍ෂ පන්සීයේ කාර් ගෙන්වන්නට වියදම් කරන දේශපාලුවන් ගැන නම් ඇති වන්නේ දැඩි කෝපයකි!

    ReplyDelete
  3. ඕක කිව්වා ම ගොඩක් උන්ට අමාරුයි බං................ වෙන්නේ මේක තමයි........ අපි මේවා තේරුම්නොගන්න තාක් කල් වෙන්නේ මේ නාඩගම් වලට ඇදලා උන් දෙන චූන් වලින් අපි චූන් වෙවී ඉන්න එකයි........ තව සතියකින් වෙන චූන් එකක් දෙනවා.... මේ දවස් වල වැස්ස නිසා දැන් කට්ටිය බලාගෙන ඉන්න නාය ගිහිල්ලා අලුත් චූන් එකක් නිර්මාණය වෙනකල්...... හැබැයි ඉතින් දැනටමත් ගංවතුර තියෙනවානේ....... දැන් රැග් එක පැත්තකට දායි...

    ReplyDelete
  4. අද සිට මහ වැසි හා ගං වතුර

    රාජා භවතු ධම්මිනෝ......!!!

    ReplyDelete
  5. මචං උඹ ඇයි තාමත් අර කුමාර් ගුණරත්නම් නිදහස් කොරන්න කියලා දාලා තියෙන්නේ... නඩු අහලා අවුරුද්දකටද කොහෙද හිරේ ඉන්න කියලා තීන්දුවක් දුන්නා නේද...? :)

    ReplyDelete
    Replies
    1. හිරේ ඉන්න නිසා නේ නිදහස් කරන්න කියන්නේ. එලියේ හිටියා නම් කියන්න ඕනෑ නෑනේ.

      Delete
    2. ඇපෑලක් ඉදිරිපත් කොරහන්... බෝඩ් දාගෙන ඉඳලා වැඩක් නෑ හිටං

      Delete
  6. හැමදේම නික ගන්න හිතන්න එපා.

    රටක ජනතාව බදු ගෙවිය යුතුයි!

    විශේශයෙන් පහුගිය මැතිවරනේදී මේ රටේ ජනතාව අනුමත කලේ රනිල් වික්‍රමසින්හ මහතා ගේ ආර්තික ප්‍රතිපත්ති යි!

    තමන් ට වැඩි බදු ගෙවන්න වන බව ජනතාව දනගෙන හිටියා... එහෙත් ඔවුන් රනිල් වික්‍රමසින්හ මහතා ගැන විස්වාසය තබා චන්දය දී ඔහු ව අගමැති කලා.

    රටක් දියුනු කරන්න රනිල් වික්‍රමසින්හ මහතා ගේ ආර්තික ප්‍රතිපත්ති වලට අනුව වැඩියෙන් බදු ගෙවා කැප කිරීම් කල යුතු බව ඒ ජනතාව දැ සිටියා!

    ඔහෙලා හිතන තරම් මේ රටේ ජනතාව මෝඩ නැහැ!

    ReplyDelete
  7. ඈ බං සාරස ,මොකෝ බං උඹලගේ ශිෂ්ඨ පොෂ් රෝයල් කොලීජී කාරයෝ කෝප්පෙකට මිනී මරා ගන්නේ.

    ReplyDelete
    Replies
    1. කෝප්පයක් නෙවේ සුදූ ඒක පිඟානක්.. :)

      Delete
  8. // ඈ බං සාරස ,මොකෝ බං උඹලගේ ශිෂ්ඨ පොෂ් රෝයල් කොලීජී කාරයෝ කෝප්පෙකට මිනී මරා ගන්නේ. //

    අපි එහෙමයි.....

    ලකේ පුයිටුත් ලබන ආත්මේ වත් ට්‍රයි කොරනව හොඳා ඒ වගේ කොලීජියකට යන්න...

    ReplyDelete
  9. මරාත් එපා, වැටුත් එපා, රැගුත් එපා කියලා තමයි කියන්න තියෙන්නේ.

    මොකක්ද අර රොයල් කොලෙජ් කෝප්ප කතාව.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ.

      http://gossip.hirufm.lk/9669/2016/05/thrilling-bradby-encounter-ends-in-draw.html

      Delete