Wednesday, July 27, 2016

මුරලි වීරයා සහ ද්‍රෝහියා

දේශමාන්‍ය ඩේව් වට්මෝර්
 
මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ  දඟ පන්දු උපදේශකයෙක් වශයෙන් ක්‍රියා  කිරීම නිසා බොහෝ දෙනෙකුට මල පැන ඇත. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිති කරුවන් ටෙස්ට් තරඟවලදී 20-20 ස්ටයිල් එකෙන් දවා ගැනීම නිසා මෙම මල පැනීම තව දුරටත් උග්‍ර  වෙමින් ඇත.මේ අනුව මුරලිදරන් පැය කීපයක් ඇතුලත වීරයෙකුගේ සිට ද්‍රෝහියෙකු දක්වා පහත් වී ඇත.

බැරි වෙලාවත් මුරලිගෙන් උපදෙස් ලැබූ පන්දු යවන්නන්ට අත දිග හැර පහර දීමට ශ්‍රි ලංකා පිප්ති කරුවන්ට හැකි වූයේනම් මෙම ප්‍රශ්නය මෙතරම් දුර නොයන්නට ඉඩ තිබුණි.

නමුත් ඛේදයකි, ශ්‍රී ලංකා පිති කරුවෝ දැවී ගියේ මහ හුළඟකට අහු වුනු  කාඩ් බෝඩ් ගෙවල් වගේය. ඉතින් කැන්ගරුවන්  ඌරාගේ මාලු ඌරාගේ පිටේ තියා කැපුවා යැයි සිතා සිංහලයෝ දෙමල මුරලිට එරෙහිව අවි ආයුද ඔසවමින් සිටී.


පහතින් ඇත්තේ මෙම සිද්ධිය ගැන පල වූ ලිපියකට ලැබුණු ප්‍රතිචාරය.

Frank Martin japan
Demallu ohoma thamai !!
Para demallu Australia wa ta kath adina wa!!
 
\
               කන්න දෙන අත හපා කන එක දෙමල අයගේ ගතියකි…. කිසි දිනක ඔවුන් විස්වාස නොකරන්න
දෙමල කෝලාහල කාලයේ පන එපා කියා දුවන විට බේරා ගෙන තිබුනේ මම දන්නා සිංහල පවුලකි
Reply    
 
           
                       Sisira Kankanamage            

          Do NOt trust tamils, coolies who came from India cannot be trusted at all. He has shown the qualities of all Tamils, This is an opportunity to see how Tamils can be bought to do any dirty act, Hello world, open up your eyes!!!! Now you can witness the nature of Tamils by yourself. Even his father is same, Kundasale Tamils were protected by the Sinhalaese people in the area. This is how he return the favor.!!!

වන්නාටය.

දැන් මේ මහත්තුරුන් කියන්නේ මුරලි ඕස්ට්‍රේලියානු  කණ්ඩායම පුහුණු කිරීම වැරදි බවයි. දෙමලුන්ගේ හැටි ඔහොම බවද ඔවුන් අපට කියති.

මුරලිට බැට දෙන අය අතර ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති, තිලංග සුමතිපාල ය. මේ උන්නැහේගේ ක්‍රිකට් කෙරුවාව වගේම ඔට්‍ටු කෙරුවාවද වෙන වෙනම නොව එකට තබා කතා කල යුතුය.

කෙසේ නමුත් මේ ශුද්ධ සිංහල  මහත්තුරුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ . එනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කරුවන් වශයෙන් වරින් වර සේවය කළ පහත අයවලුන් සියලු දෙනාම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ද යන්නයි.

1. මඳ කලකට ඉහතදී ශ්‍රී ලංකා වාසි ක්‍රිකට් ලෝලින්ගේ වීරයෙකුව සිටි ඩේව් වට්මෝර්

2. ටොම් මූඩි

3. ට්‍රෙවොර් බේලිස්

4.පෝල් ෆාබ්‍රේස්

5.ග්‍රැහම් ෆෝර්ඩ්

6. ජෙෆ් මාර්ෂ්

7. බෲස් යාර්ඩ්ලි

මේ සියල්ලන් පසෙක තැබුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල මහ රසිකයා වූ ටෝනි ග්‍රෙග් ගැන තත්වය කුමක්ද?

මොවුන් සියලු දෙනාම විදෙශිකයන්ය. දැන් අප ඉදිරියේ ඇත්තේ අමුතුම උභ‍තෝකෝටිකයකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට විදෙස් පුහුණු කරුවන්ගේ සේවය ලබා ගැනීම කැපය. හැබැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින්ට පුහුණු කරුවන් වශයෙන් වෙනත් රටවලට සේවය ලබා දිය නොහැක. මාරය.

නමුත් බල්ලන් බිරුවාට තවලම යයි.එම නිසා මෙම ඊනියා දේශප්‍රේමි මහත්තුරුන්ගෙ ප්‍රාර්ථනා ඉ‍ටු වන්නේ නැත.

ශ්‍රී  ලංකාවට විදෙස් පුහුණු කරුවන් මිලට ගැනීමට අයිතියක් ඇත්නම් මුරලිට හෝ වෙන ඕනෑම කෙනෙකුට තමන්ව විදෙස් රටකට විකීණීමටද එම හා සමාන අයිතියක් ඇත. මේ යුගයේ ඇත්ත එයයි.

ඔබට මුදල් තිබේනම් ඕනෑම දෙයක් මිලට ගත හැකිය. ඔබ ලඟ ඇති දේට ඉල්ලුමක් තිබේනම් ඔබට එය විකුණා ගත හැකිය. එතැනින් එහාට ඇති කෙහෙල්මලක් නැත. දේශප්‍රේමය , ජාති ආලය, ආගම් ආලය පමණ්ක් නොව පවුල පවා මෙම යුගයේ හුදු වෙලඳ භාණ්ඩ පමණි.

12 comments:

  1. මේ ගැන චමීර දෙද්දුවගේ තබා තිබුණු සටහන් මෙසේ ය.

    අවසානයේ මුරලිටද,
    "කොතන හිටියත්, මොනව කරත් දෙමළා දෙමළමයි යකෝ"
    "පර දෙමළා"
    යන වදන් අසා ගැනීමට සිදුවිය......
    විහිලුවට හරි හෙට උදේට ඔස්ට්‍රේලියන් තානාපති කාර්යාලය "අද දවස ඇතුළත ඔස්ට්‍රේලියන් තානාපති කාර්යාලයට ඇතුළු වන සෑම කෙනෙකුටම ඔස්ට්‍රේලියාවේ නිත්‍ය නේවාසික වීසා එක දෙනවා" කිව්වොත් මොනව වෙයිද ?....
    පෑගී මියගිය සංඛ්‍යාව 108 යි කියලා පහුවදා පත්තර වල පොල්ගෙඩි අකුරින් යාවි..

    ReplyDelete
  2. මුරලිගේ ක්‍රියාකලාපය ගැන මටනම් කිසිම ගැටළුවක් නැහැ. ඇරත් ක්‍රිකට් යනු අපේ දෙයකුත් නෙවෙයිනේ. ලිපියේ විග්‍රයන් එක්කත් මම එකඟයි. දැන් අපේ දේශප්‍රේමී මහත්වරුන්ට ක්‍රිකට් ගැනයි මුරලි ගැනයි කතා කරනවට වඩා කතා කරන්න වැදගත් දේවල් තියෙනව. මුරලි වගේ චරිත අපේ රටේ බොරු ජනවාර්ගික ප්‍රශ්න උලුප්පමින් දෙමළ ජනයාට අසාධාරනකම් වෙන බවට පච හලන එවුන්ටත් හොඳ අතුල් පහරක් දී තිබෙන බව අමතක කරන්නත් බෑ.

    ReplyDelete
  3. තිලංග සුමතිපාල ක්‍රිකට් වලට මොනවද කලේ කියා මුරලි ඇසු ප්‍රශ්නයට තිලංගට ඇඩ්‍රස් නෑ.

    ReplyDelete
  4. ක්‍රීඩකයින් ගායකයින් දේශපාලකයින් නලුවන් ඔක්කොම කරන්නේ වීරකම් නොවේ, අප හැමෝමවගේ ඔවුන්ගේ රැකියාවයි

    ReplyDelete
  5. මේ වගේ සීන් එකක් පාකිස්ථාන එංගලන්ත සංචාරයේදී වුනා..එතනදි හිටපු පාකිස්ථාන් දගපන්දු යවන ක්රීඩක ශක්ලේන් මුස්ටෑක් එංගලන්තයෙන් තාවකාලික පහුනුකාරයෙක් විදියට මිලදී ගත්තා..
    ඒ වගේම පාකිස්ථානයෙන් එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන්ට කතා කලා..නමුත් කෙවින් පීටර්සන් එයට අකමැති වුනා..

    මම විශ්වාස කරන්නේ නම් කෙවින් පීටර්සන් හරි.. දිගුකාලිනව නෙමෙයි කෙටිකාලීනව පුහුනු කිරීමකට විශේෂයෙන් තමුන්ගේ රටට මෑතදී ක්‍රීඩා කල ජනප්‍රිය ක්‍රීඩකයෙක්.. මුරලිට ඔහුගේ කීර්තිය ගැන ටිකක් හිතන්නට තිබුනා.. හැබැයි එක දෙයක්..ඔහු නැතිකරගත්තේ ඔහුගේ කීර්තිය..ඒකට මට මුකුත් කියන්න බෑ ඉතිිං...

    ReplyDelete
    Replies
    1. එතකොට සුදූ නවසිලන්ත ටීම් එක ලංකාවට ආපු වෙලාවේ චමින්ද වාස් ටෙම්ප කෝචින් පාරක් දාල ගාණක් හොයා ගනිපු එක මහේල එංගලන්ත ටීම් එකට ලංකාව එහෙ යන්න කලින් ඇඩ්වයිස් පාරක් දීල ගාණක් කඩා ගනිපු එකේදි එහෙම ඔය කිර්තිය කොයිද හිටියේ.මූ දෙමල හින්ද මුට අමුතු කිර්තියක්ද?මහත්තයෝ මේ ඔක්කොම කරන්නෙ රස්සාවක් .අර ලසිත් මාලිංග සිංහලෙන්ම කියල දුන්නේ පහුගිය දවස්වල.

      Delete
  6. මුරලිධර (කොහොඹ යකා) ට පඩි ගෙවන්නේ බැනුම් අහනවටත් එක්ක තමයි බොල

    ReplyDelete
  7. ක්‍රිකට් කියන්නෙ දුප්පත්තු බඩගින්නෙ ඉදගෙන බිස්නස්කාරයන්ට හුරේ දාන එක. ක්‍රිකට් වලට ජාතියක් රටක් නෑ එකම රට ජාතිය සල්ලි.
    මුරලි ඔසී රටට පුහුණුව දෙන එක ඇයි වැරදි
    මුරලි අපේ කෙනෙක් හින්දද
    ඇත්තටම මුරලි අපේ කෙනෙක්ද
    සංග අපේ කෙනෙක්ද
    මහේල අපේ කෙනෙක්ද
    අර්ජුන අපේ කෙනෙක්ද
    නෑ මේ කවුරුත් අපේ අය නෙමෙයි මාලිංග සුද්ද සිංහලෙන්ම කියල දුන්නෙ ඒක

    ගංවතුර වෙලාවෙ ආධාර නොකල මේ මහ සල්ලිකාරයො තමිල්නාඩු ගංවතුරට ආධාර කලා. තමිල්නාඩුවෙ උන් නෙමෙයි මුන්ට හුරේ දාන්නෙ ලංකාවෙ ගංවතුරට අහුවුන අය.
    හැබැයි තමිල්නාඩු ගංවතුරට සල්ලි දුන්නහමයි ප්‍රසිද්ධිය ලැබෙන්නෙ.

    උඩ රසික කියල තිබුන චමීර දෙව්දුවගේ ගෙ අදහසත් වටිනව. ලංකාව වගෙ රටවල ජාතිකත්වයත් මිත්‍යාවක්.

    ReplyDelete