Monday, August 1, 2016

පිං ඇති ගණ දෙවි පෑනක් දෙන්නේ



මිනිහෙක් වුනාම විලි ලැජ්ජාවක් කියා දෙයක් යම්තමින් හෝ තිබිය යුතුය. යමෙක් දේශපාලකයෙක් වන විට එය  සාමන්‍ය මිනිසුන්ටත් වඩා තිබිය යුතුය.

කලබල නොවන්න... මම සැරසෙන්නේ ඊනියා පාද හා රෝදයාත්‍රාවලින් කොළඹ බලා එන  කට්ටිය  ගැන නෙවේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ගුප්ත විද්‍යාවන්හි ඇලී ගැලී සිට එම නිසාම පාරාජිකා වී දැන් පාදවල දිය පට්ට එනතෙක් තම අනුගාමිකයන් පයින් ඇවිදවන්නේය.ඔවුන් කැමතිනම් අපිට මොකද?

මම මේ කතා කරන්නේ , එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධියක් සහිත   වෛද්‍ය වරයෙක් ද , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වන , ඊටත් වඩා තරුණයෙක් ද, දේශපාලන අඹරේ නැගී එන තරුවක් වශයෙන් තමන්වම හඳුන් වා ගනු ලබන්නාවූද, කලක් මාධ්‍ය ක්ෂේත්‍රයේ පිනුම් ගැසූ පුද්ගලයෙකු වන්නා වූද  බුද්ධික පතිරණ ගරු මන්ත්‍රී තුමා ගැනය.

කට්ට කපටි කයිරාටිකයන් විසින් මෙරට අසරණ ජනතාව ජ්‍යෝතිෂ, නක්ෂස්ත්‍රය බඳු තිරශ්චීන විද්‍යාවන්  මගින් මුලාවේ හෙලීම කලක සිට පැවතුනද , මෑත කාලයේ දී එය වසංගතයක් බවට පත්ව තිබේ.

අද , හැම මගුලටම බෝධි  පූජා මල් පූජා, පහන් පූජා, ආදි වශයෙන් කියමින්  ගිහි පැවිදි දෙපාර්ශවයේම කපටින් විසින් ජනතාව ගසා කමින් සිටියි. විභාග කාලය ලංවන විට බෝධි පූජා දේව පූජා ,ආදිය නිල වශයෙන්ම සංවිධානය කරනු ලබයි.

දේශපාලකයින්ගේ හා  ජනමාධ්‍යවල වගකීම වන්නේ මෙම  අන්ධ විශ්වාසවලින් ජනතාව මුදාගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් සොයා ගැනීමට මග පෙන්වීමයි. එහෙත් එම තක්කඩින්ද ජනතාව තව තවත් අඳුරට  යොමු කර දුක්ඛිත භාවයේ පතුලටම ගිල්වමින් සිටිති.

දුගී බවටත්, අන්ත අසරණ බවටත් ඇද දමා තිබෙන ජනතාව තම ප්‍රශ්න වලින් ගොඩ ඒමට වෙන කිසිම මගක් නොදක්නේ  මෙම ගර්හිත විද්‍යා වන් කෙරේ ඇලෙති.

සරසවි වල පවත්නා සීමිත අවස්ථා ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා පෙල ගැසීම වෙනුවට සිසුන් ගණදෙවි පූජා සඳහා පෙල ගැසීම දේශපාලකයා පැත්තෙන්  ගතහොත් ලොකු සහනයකි. රෝහල්වල  අඩු පහසුකම් නිසා නිසි ප්‍රතිකාර ලබා ගත නොහැකි තම ඥාතියා වෙනුවෙන් අරගල කිරීම වෙනුවට ඔවුන් බෝධීපූජා සඳහා පෙලගැස්වීමට හැකිනම් ඉතා අගනේය.

එමනිසා බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාගේ ක්‍රියාව මොන්ටිසෝරි වැඩක් නොවන බව නම් පැහදිලිය.

අද දින සංවිධානය කර තිබූ ගණදෙවියන්ගේ  අති විශේෂ විභාග පෑන් බෙදීම හා විශේෂ ආශීර්වාද ගණදෙවි පූජාව  අප දැකිය යුත්තේ එලෙසය.

සටහන-  කපටි කපුවෙක් විසින් ජීවම් කර දුන්  තෙල්  තම පෑනට දමාගෙන විභාගය ලිවීමට ගොස් අමාරුවේ වැ‍ටුණු සිසුවෙක් ගැන වූ කෙටිකතාවක් කලකට ඉහත කියවූ බව මතකය.

16 comments:

  1. පඬුරු ගැටගහන්න ඕනේ මේ ගොන්පාට් කරවන මන්ද බුද්ධිකයාගේ අහවල් තැන ය.

    ReplyDelete
  2. ඔබ මේ විකාර කියනවා. මා මේ කල්පනා කරන්නේ අපේ කාලේ පූජා නොතිබුන එක ගැන.

    ReplyDelete
  3. හැබැට නරකද මිනිහගේ නම මන්ද බුද්ධික කියලා වෙනස් කලොත්?

    ReplyDelete
  4. මිනිහා විභාගෙ පාස් ද? ඇත්තටම විභාග සමත් වී, සීමාවාසික පුහුණුව නිමකර වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ගත් කෙනෙකු ද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මිනිහා වෛද්‍ය ශිෂ්‍යකුව සිටියා මිස වෛද්‍යවරයකු ලෙස කටයුතු කෙරුවේ නැහැ.මට මතකයි වරක් ඔහු පුවත්පතකට කියා තිබුනා තමන් වෛද්‍ය උපාධිය අතහැර මාධ්‍යවෘත්තියත්,දේශපාලනයත් තෝරා ගත්බව.

      Delete
    2. බුද්ධික පතිරණට MBBS නෑ, මිනිහා final exam ඇනගත්තා. ඒ නිසාම internship කරන්න දුන්නෙ නෑ. ඒත් මම දැක්කා මිනිහා interviewවල කියනවා දේශපාලනයට ආපු නිසා internship කරන්න බැරි වුණා කියලා. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙ නියෝජිතයෙක් කිව්වා ප්‍රසිද්ධ විවාදෙකදි, පාලිමන්ට් එකේ දෙන්නෙක් ඉන්නව final fail වෙච්ච කියල. ඒක කිව්වෙ ලංකාවෙ වෛද්‍ය උපාධියෙ ගුණාත්මකභාවය ගැන කතා කරමින්.

      Delete
  5. පාර්ලිමේන්තු නිල වාර්තා අනුව ඔහු වෛද්‍යවරයෙකු නොව මාධ්‍යවේදියෙකි.
    http://www.parliament.lk/en/members-of-parliament/directory-of-members/viewMember/3155

    ReplyDelete
    Replies
    1. මේ මන්ත්‍රීවරයා නම් (හෝමෝෆෝබියාවෙන් පෙළෙන්නෙකු වුවද) වෛද්‍යවරයෙකු බව පෙනේ.
      http://www.parliament.lk/en/members-of-parliament/directory-of-members/viewMember/3227

      Delete
    2. අපට පෙනෙන හැටියට මේ ලින්කුවේ පෙන්වන ගොන් පුඟුලා නම් විවිධාකාර ෆෝබියා රැසකින් පෙළෙන මනපහත් මුග්ධ කුහක මැටිමෝල් අපතයෙකු බව පෙනේ.

      මනපහත් අධම බ්ලොග්කරුවෙක්

      Delete
  6. අලි ඔලුවක් සහිතව මීයෙක්ගේ පිටේ යන දෙයියෙක් තමන්ට සමානයි කියල හිතුනද දන්නෙ නෑ.

    ලංකාව ලෝකයෙන්ම අමුතු රටකි . දැනට අවු 40 කට ඉහත තිබුනාට වඩා වඩා මිත්යාවිස්වාශ දැන් තිබේ.

    ReplyDelete
  7. ඕකා මහාරාජාගේ ගොන් වස්සෙක් නිසා තමයි රනිල් ඔය ගොන් වස්සා පැත්තක දාලා තියෙන්නේ.. මාමයි බෑනයි දෙන්නම එකයි... දන්නවනේ මුගේ මාමා කව් ද කියලා...

    ReplyDelete
    Replies
    1. මාමා නඩු කියන්න යන්නෙත් පඩුරු ගැටගහලා,බුද්ධිකටත් තියෙන්නේ තමන්ගේ "බුද්ධිය"මෙහෙයවලා පඩුරක් ගැට ගහලා රනිල්ගේ හිත දිනාගන්න එකයි.

      Delete
    2. මාමාගේ මූණ රොබට් මුගාබේ ගේ මූණ වගේමයි. මිනීමරු කුඩ්ඩාට ඔලු කටුවක් දැම්මා කියන බොරුව මූ තමයි ගෙතුවේ. කුඩ්ඩාව අද x ray කලොත් බොරුව අහුවෙනවා.

      Delete
  8. මේකත් හරියට එෆ්.එම් නාලිකාවල ලග්න ඵලාපල දානවා වගේ වැඩක්. බුද්දික දන්නවා මිනිස්සුන්ගේ හිත ගන්න ක්‍රමය. සමහර විට මිනිහා ඕවා විශ්වාස නොකරනවා වෙන්නත් පුළුවන්. ඒත් දකුණේ අය ඔය මන්ත්‍ර වගේ දේවල් වලට විශේෂයක් දක්වනවා නේද ?

    ReplyDelete
  9. කිසි කාලෙක නොතිබුනු විදිහට අපේ රට අන්ධ විස්වාස කියන මුලාවට බිලිවෙලා. හරිම දුකයි ඒ ගැන

    ReplyDelete