Tuesday, August 9, 2016

රථ නොඝට්ඨෝන සූත්‍රය

 
උද්ඝෝෂණයක යෙදුනු සරසවි සිසුන්ට පොලිසීය  පිරිත් පැන් ඉසින අවස්ථාවක්
 
පාස් වුනාද නැත්ද කියන එක පැත්තකින් තිබ්බා උනත් වෛද්‍ය විද්‍යාව වගේ භෞතීය විද්‍යාවක් හදාරපු බුද්දික පතිරණ කියන මන්ත්‍රී උන්නාන්සේ පවත්වපු ගණ දෙවි පූජාව ගැන ලියලා කී බෝර්ඩ් එකෙන් අත ගත්තා විතරයි, මෙන්න බොලේ ඒ ජාතියෙම තවත් වික්‍රමයක්.

මෙදා සැරේ වික්‍රමපාල වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය.කුරුණෑගල නුවර පාරේ පිලැස්සේ රිය අනතුරු වැඩියි කියලා ඒක අඩු කරගන්න පොලිස් කට්ටිය මහා සංස රත්නය වැඩම කරවලා පිරිතක් කිව්වා කියහන්කෝ.

උන්වහන්සේලා දෙසපු " රථ  නොඝට්ඨෝන සූත්‍රය " කොච්චර බලවත්ද කියනවා නම්  පිරිතෙන් පස්සේ පිලැස්සේ එක අනතුරක්වත් උනේ නැහැ කියන්නේ. ඒ විතරක් නෙවේ මේ පිරිත් වැඩේ හරිද කියලා ටෙස්ට් කරන්න මහා වේගෙන් වාහන දෙකක් මූණට මූණ එවලා වද්දන්න සලස්සලා. වාහන දෙක රොකට් වේගෙන් ඇවිත් හරියට මි.මි 2.5 ඈතින් නැවතිලා,

ඔන්න ඔහොමයි  වැඩ සිද්ද වෙන්නේ.

දැන් ලංකාවේ අනිත් පොලිසි වල මහත්තුරුන්ටත් තියෙන්න මාවතගම පොලීසියට ඇවිත් වැඩේ කොරන හැටි දැන කියා ගන්නයි. ප්‍රශ්නෙකට තියෙන්නේ මේ විදියට අනතුරු අඩු වෙන්න ගියොත්  රථවාහන රක්ෂණේ අනවශ්‍ය දෙයක් වෙලා රක්ෂණ කොම්පැනි වහන්න වෙයිද කියන එක සහ පාරේ ඉරි අඳින කස්ටියගේ රස්සා නැතිවෙයිද කියන එකයි විතරමයි.

ට්‍රැ‍ෆික් පොලිස් මහත්තුරුන්ගේ රස්සා ගැන බය වෙන්න දෙයක් නැහැ, උන්නැහෙලාට පුලුවන්, අර තඩි මෝටර් බයිසිකල් වල නැගලා පිරිත් කිය කියා පිරිත් පැන් ඉහ ඉහා පාරේ උඩහ පල්ලෙහා යන්න.

මේ විදියට අනතුරු විතරක් නෙවේ, හොර මැරකම්, මංකොල්ල, මිනී මැරුම් නවත්තන්න, පිරිත පාවිච්චි කරලා මොනවා හරි ජිල්මාට් එකක් දාගන්න බැරි වෙන එකක් නැහැ.

අනික මේ දවස්වල ‍රැල්ලක් වෙලා තියෙන මන රංජන වැඩවර්ජන, උද්ඝෝෂණ නවත්තන්න පිරිත් වතුරම යොදා ගන්න ඇහැකි නෙව. බැටන් පොලු, කඳුලු ගෑස් කොපු වලටත් පිරිත් ටිකක් මතුරලා එව්වානම් පංකාදු පහයි.

ලංකාදීප වාර්ථාව

සටහන- එක අතකට බෝධි පූජාවලින් පොලිස්පතිකම ගත්තායි කියන රටක මොකා මොනවා කරාම මොකද නේද?

16 comments:

  1. චඃ..........මාර අයිඩියා එක. හැම පොලීසියකම OIC හැටියට හාමුදුරු කෙනෙක් පත්කරානම් වැඩේ අහවරයි නේ.

    ReplyDelete
    Replies
    1. අපූරු සොයා ගැනීමක් ! පොලිසිය විසුරුවා දමා වැඩි වැඩියෙන් හාමුදුරුවරුන් බඳවා ගෙන රටපුරා පිරිත් කියවන්න. අපරාද සුරුස් ගාල අඩුවේවි !

      ඇත්තටම විචාරක මා කල්පනා කළේ පොලිස් සේවයට වී ඇති නස්පැත්තිය පිළිබඳවයි. අනේ මේ වගේ හරක්. මොවුන් පිරිත් දේශනයටත් මේ කරන්නේ අවමානයක් නොවේද? මුන්ට මොලේ පැදෙන්න ඊළඟට බෝධි පූජාවක් තියන්න තියෙන්නේ.

      Delete
  2. පිරිත් විශ්ව ශක්තිය ආකර්සනය කරගෙන එයින් ශබ්ද තරංග ඉදිරියෙන් එන වාහනයේ වැදී ආපසු විත් අනිත් වාහනයේ තිරිංග පද්ධතියේ ඝර්ශනය ඇති කර එහි වේගය අඩාල කරන අතර ප්‍රදේශය අනුව කුරුනෑගල අය්යනායක, දකුණේ කතරගම , සබරගමුවේ සමන් ආදී දෙවිවරු දේවතා එලි යවා පිරිත් බලයෙන් පිටිපස්සෙ බෆර් එකෙන් ඇදීම කරනු ලැබේ. ඉස්සරහ බෆර් එකේ ෆෙන්ශුයි පිලිමයක් හා පාරේ මැද ඉරේ වාලම්පූරියක් සවිකර ඇත්නම් මෙය 100% සාර්තකය.
    රාවණා නැගිටීමෙන් පසු හෙල තාක්ශනයෙන් ටූ සීටර් හා 4 සීටර් දණ්ඩුමොනර ලැබී පාරවල්වල තදබදය අඩුවෙන තෙක් මේ ක්‍රමය බාවිතා කල හැක

    ReplyDelete
    Replies
    1. අම්මප? ආ යූ සුවර් ද?

      Delete
    2. yes. සීනිගම පොල් ගැහුව වගේ !

      Delete
  3. පොලීසිය ගූ ගොඩක් උනාට පොලිස්පති කියන එකා මෙතුවක් කල් අභිමානයක් ඇතිව උන්නා.. මේ පිස්සා ඒකත් ගූ ගොඩක් කළා.. දැන් හොරු අල්ලයි කනප්පු යවලා.. පේන බලලා.. හනුමා යවලා..

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      වත්මන් පොලිස්පතිතුමාට එජාප-ජවිපෙ ඇතුළු යහපාලන පාක්ෂිකයින් ඉතා කැමැත්තෙන් සිටියා ඉස්සර. නමුත් දැන් ඔහුට එරෙහිව විවිධ චෝදනා එනවා; උපුටා ගත්තේ ඊ නිව්ස් වලින්;

      //(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.26, පෙ.ව‍‍‍‍‍‍.8.15) යන යන තැන හඬමින්, පොලිස් කොල්ලන්ගේ බඩට ගසමින්, පස්සා පැත්ත මිරිකමින්ද, දේශන වලදී ස්ත්‍රී ලිංග ඇඟිලි වලින් පෙන්වමින් දෙපිට කැපෙන කතා කියමින් ද, පොලිස්පතිවරයෙකුට තරම් නොවන අන්දමින් මෙන්ම, නොතිත් ප්‍රචාරක කාමයෙන්ද පෙලීම නිසා “පොලිස්පති කෝලමක්“ බවට පත්ව සිටින ලංකාවේ පොලිස්පති පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ඉදිරියේදී ද කෝලමෙක් බවට පත්වූ බව අතිශය ශෝකයෙන් යුතුව වාර්තා කිරීමට සිදුව තිබේ.//

      //ප්‍රොටෝකෝල අනුව දෙවන වේදිකාවක් සකසා එහි අසුන් පනවා තිබුනේ ආණ්ඩුකාර වරුන් මහ ඇමැතිවරුන් ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිවරයා තානාපතිවරුන් ආදී ප්‍රභූන්ටය. අසුන්වල නම් ද සඳහන් කර තිබිණ.

      තමා ගේ අසුන ඇත්තේ දෙවන වේදිකාවේ ත්‍රිවිධ හමුදාපතිවරුන් අසල බව දුටු පොලිස්පති පූජිත ජයසුන්දර එහි සිටි පොලිස් නිලධාරීන්ට බැන වැදී තම අසුන ගෙන ගොස් ජනාධිපතිවරයා අගමැතිවරයා සිටි වේදිකාවේ අසුන් අතර රූපවාහිනී කැමරා වලට ලක් වෙන්නට තබා ගත්තේය. ඉන්පසු එහි වාඩි වී රූපවාහිනී කැමරා වෙත උකුසු ඇස් යොමුකරමින් ඊට ලක්වන්නට නිතර උත්සාහ ගත්තේ එහි සිටි සියළු ප්‍රභූන්ගේ ‘පොලිස්පති කෝලම‘ බවට පත්වෙමිනි.

      පූජිත ජයසුන්දර මීට පෙර මහින්ද රාජපක්ෂගේ යුගයේදී ද මෙවැනිම ප්‍රචාරක කාමයෙන් සහ දීනත්වයෙන් මත්වූවෙකි. එකල ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහනුවරට පැමිණි උත්සවයකදී මේ යෝදයා නිල ඇඳුම පිටින් වේදිකාවේදීම මහින්ද රාජපක්ෂට දන ගසා වැන්දේය. එම දුර්ලභ සේයාරුව මෙහි දැක්වේ. එහි කැමරා මානාගෙන සිටි කිසිවෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නිල ඇඳුම පිටින් දණගසා වඳිනු ඇතැයි නොසිතූ නිසා නියම සේයාරුව ගැනීමට නොහැකි විය. මෙහි ඇත්තේ දණ ගසා වැඳ නැගිටිද්දී ලබා ගත් සේයාරුවකි. පූජිත ජයසුන්දරගේ මෙවැනි පොලිස්පති කෝලම් නිසා පොලිස්පති ධූරය දිනෙන් දින අගෞරවයට ලක් වන බව නම් කිව මනාය. //

      http://lankaenews.com/news/3958/si/si
      http://www.lankaenews.com/news/4323/si

      මේ කරුණු ඇත්තද? මේවා සත්‍යනම් පොලීසිය ඇත්තේ බරපතල අර්බුදයකය. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා බඳු උගත් බුද්ධිමත් පුද්ගලයකු වැරදි තීරණයක් ගනී යැයි සිතිය නොහැක. එදා අන්ත දූෂිත කාලකණ්ණි රාජපක්ශ රෙජීමය පැවති සමයේ පත්කළ එන්.කේ. ඉළංගකෝන් මහතානම් දක්ෂ විනයගරුක එස්.ටී.එෆ්. නිලධාරියෙකි. නමුත් ඔහුගේ සමයේදීත් පොලීසිය අතින් වැරදි සිදුවුණා නේද?

      Delete
  4. කාලෙකට ඉස්සර පැහැරගෙන ගිය ළමයෙකු සොයන්න පොලීසිය පටන් ගත්තේ බාරයක් වෙලා, මස් නොකා, අරක්කු නොබී පේවෙලා නේද?

    ReplyDelete
  5. //රථ නොඝට්ඨෝන සූත්‍රය//
    +++++++++++++++++++

    ReplyDelete
  6. ගොඩක් වෙලාවට හැප්පෙන්නේ දෙහි ගෙඩි තුනයි මිරිස් කරලයි එල්ලල නැති වාහනලු නේද?

    ReplyDelete
  7. සමරසේකර අංකල් විශ්වාස කරන විදියට ගැටඹේ පන්සලට කප්පමක් දුන්නා නම් කිසි අනතුරක් වෙන්නේ නෑ. දඩ කොළ ලැබෙන්නත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ මෝඩ නාකි හමාල ඔහොම්මමයි. හදන්ට බැහැ. තවත් ඔයවගේම අමුම අමු ගොබ්බ දැනට පිටරටක ඉන්න නාකි පොල්බූරු මැටිමෝලෙක් ඉන්නව. ඔය පහල ලින්කුවේ පෙන්වන මේ ගොන් පුඟුලා නම් විවිධාකාර ෆෝබියා රැසකින් පෙළෙන මනපහත් මුග්ධ කුහක මැටිමෝල් අපතයෙකු බව පෙනේ.

      මනපහත් අධම බ්ලොග්කරුවෙක්

      Delete
    2. //තවත් ඔයවගේම අමුම අමු ගොබ්බ දැනට පිටරටක ඉන්න නාකි පොල්බූරු මැටිමෝලෙක් ඉන්නව//

      වැඩේ තියෙන්නේ ඔය කියන පොල්බූරු මැටිමෝල ගේ බ්ලොග් එකට හිට්ස් එනවා ඉහටත් උඩින්. ඔයාගේ අධි බල මොලෙන් ලියන එකේ මැස්සෝ ඇහිරෙනවා. ඉතින් මං කියන්නේ, ඔය පෙන්නන ඉරිසියාව සාධාරණ නැද්ද?

      Delete
    3. මේ මනපහතයා යන වචනය මා 2014 දෙසැම්බරයේ දී නිමවා යොදා ගත්තේ ජගත් පතිරණ නම් ජාතිවාදියා හැඳින්වීම සඳහා ය.

      http://rasikalogy.blogspot.com/2014/12/story-of-evil-mind.html

      විස්තරය එහි ඇත.

      Delete
  8. එක අතකට බෝධි පූජාවලින් පොලිස්පතිකම ගත්තායි කියන රටක මොකා මොනවා කරාම මොකද නේද?

    ReplyDelete
  9. පොලිසි වහලා දාලා හමුදුරුවන්ට රාජකාරි භාර දුන්නා නම් අහවරයි.

    ReplyDelete