Wednesday, October 12, 2016

කුණු , ගිනි සහ මිරිස්

 
බදුල්ලේ කුණු කන්දක්  ගිනි ගෙන මහා කලබෑගෑනියකි. කුණු ගිනි ගැනීම ගැන අපි එතරම් කලබල විය යුතු නැත. රටේ සිටින තිබෙන  සමහර කුණු ගොඩවල් ගිනි ගෙන දැවී යනවා නම් අපි බොහෝ කැමතිය. නමුත් ඒවා ගිනි ගන්නේ නැත. ඉඳ හිට එෆ්. සී.අයි. ඩී එකෙන් ඇමට්ඝුමක් ආ විට පමණක් ඒවා යම්තමින් රත් වෙයි. එපමණකි.
 
එහෙත් බදුල්ලේ කුනු ගින්න එසේ නොවේ. කසළ කලමණාකරණයට කවදත් අසමත් අපේ රටට පාඩමක් කියා දෙන්නට මෙන් බදුල්ලේ කුණු කන්ද ඇවිලේ. එයින් නැගුනු විෂ දුමින් නගරය වැසී ගොසිනි.ඒ  මීතේන් විෂ වායුව  දැවීමෙනි.  පාසැල් සතියක් පුරා වසා දමා ඇත. ජනතාව  මුඛ වැසුම් දාගෙන කඩි මුඩියේ නගරයෙන් ඉවත් වෙති. එසේ නොහැක්කෝ කට නාසය වහගෙන ආඩාපාලි කියමින් සිටිති.
 
පලාතේ මහ ඇමති චාමර දසනායක මහතා වට පිට ඇති සියලු ගිනිනිවන හමුදාවලට අමතරව ගුවන් හමුදාවද කැඳවා ගිනි නිවීමට උත්සාහ කරයි. එසේ තිබියදීත් තුන්වැනි දිනටත් අති සාර්ථක ලෙස ගින්න විෂ වායු පතුරවමින් සිටියේය.   මහ ඇමති ප්‍රමුඛ පලාත් සභාවට වියලි කාලගුණයත්, ප්ලාස්ටික් ,පොලිතීන් අපද්‍රව්‍ය ගින්න මැඩීමට බාධා කරන බව සමහරු කියති.
 
එහෙත් මගේ නම් අදහස මහ ඇමති වරයාට ගින්න නිවා දැමීමට අවශ්‍ය නැති බවයි. ඒ කුමක් නිසා දැයි මම නොදනිමි. නමුත් එය එසේය. ඒ බව සාක්ෂි සහිතව පෙන්වීමට හැකිය.
 
සමන්ත විද්‍යාරත්න මන්ත්‍රි වරයාගේ ප්‍රකාශයකට කිපුණු චාමර මහ ඇමතිවරයා අන් කිසිවක් කීමට හෝ කිරීමට ප්‍රථම කළේ සීනිගම දේවාලයට ගොස් සමන්ත මන්ත්‍රිවරයා ඇඹරී යන්නැයි පතමින් මිරිස් ඇඹරීමය. බදුල්ලේ කුනු ගින්න නිවීමට එවන් පලදායි ක්‍රියා මාර්ග නොගෙන මහ ඇමති වරයා මේ කරන්නේ බොරුවකි.
 
මහ ඇමති තුමනි, බදුල්ලේ ගින්න නිවීමට ඔබට සැබෑ උවමනාවක් ඇති බව පෙන්වන්න.
 
දැන්ම සීනිගම ගොස් මිරිස් අඹරන්න.
 
සටහන- සීනිගම උන්නාන්සේ ඔබ සමග යම් හේතුවක් නිසා අමනාප වී ඇත්නම් පහත සඳහන් විකල්ප කෙරෙහිද ඔබට යොමු විය හැකිය.
 
1. නලින්ද සිල්වා උන්නාන්සේගේ නාථ දෙවියෝ.
2. පූජාවට්ටි හා නෝට්‍ටු ගිලින කතරගම දෙවි උන්නැහැ
3. සිරිපා අඩවියේ හීතලෙන් වෙවුල වෙවුලා සිටින සමන්  දෙයි යෝ( මතක ඇතිව ගල් භාගයක්වත්        පූජාවට්ටියේ තිබ්බොත් මහාපල දෙනු සත්තයි)



4 comments:

  1. /* සමන්ත විද්‍යාරත්න මන්ත්‍රි වරයාගේ ප්‍රකාශයකට කිපුණු චාමර මහ ඇමතිවරයා අන් කිසිවක් කීමට හෝ කිරීමට ප්‍රථම කළේ සීනිගම දේවාලයට ගොස් සමන්ත මන්ත්‍රිවරයා ඇඹරී යන්නැයි පතමින් මිරිස් ඇඹරීමය. */

    සමන්ත විද්‍යාරත්න තමන් ලිවීම ඇරඹූ "දුයිෂෙන් ගේ අඩවිය" බ්ලොගය යාවත්කාලීන කිරීම නවතා ඇත්තේ ඒ සාපය වැදිලාද මන්දා?

    http://rasikalogy.blogspot.com/2016/09/one-step-forward-two-steps-backward.html

    ?

    ReplyDelete
  2. කිව්වත් වගේ බොල පොරට තියෙන්නේ ඔය ගින්න නිවෙන්න කියලා පොල් ගෙඩියක් එහෙම ගහලා ඉන්නනේ.

    ReplyDelete
  3. //බදුල්ලේ කුණු කන්ද ඇවිලේ. එයින් නැගුනු විෂ දුමින් නගරය වැසී ගොසිනි.ඒ මීතේන් විෂ වායුවෙනි //

    කුනු ගිනිගත්තාම මීතේන් වායුව පිටවේ... ලකේ පුයිට් ගේ නවතම සොයාගැනීමකි!

    ReplyDelete