Saturday, December 10, 2016

මේ සේයාරුව කොතරම් අසභ්‍යද?



මේ කාන්තාව මරා මලකඳ බල්ලන්ට දමනු

එහෙම කියන්නේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම්  පිළිබඳ මහ  කොමසාරිස් ධූරය දරන සයිඩ් රාද් අල් අල් හුසේන් කුමරුගේ  සෞදි අරාබියේ ජනතාවයි.

මේ කාන්තාව මලාක් අල් ශෙහ්රි කර ඇති අපරාධය නම් ඉහත ඇති ඇගේ ඡායාරූපය තම ට්වීටර් ගිණුමේ ප්‍රසිද්ධ කිරීමයි. එනම් ප්‍රසිද්ධ ස්ථානයක තම බුර්කාව හා අභයා නම් වූ සිරුර වැසෙන සේ  අඳින ඇඳුම නො ඇඳ පෙනී සිටීමයි.

මානව හිමිකම් කොමසාරිස්ගේ රටේ මෙම අපරාධයට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දිය හැකිය.එක් එක් රටවල මානව හිමිකම් අර්ථ දැක් වීම් එහෙමය. එකේනෙකට වෙනස්ය.

 තවත් උදාහරණයක් ගන්නේ නම් ශ්‍රි ලංකාවේ මිනිසුන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම මානව හිමිකම් කැඩීමක් නොවීමට ඉඩ ඇති අතර එසේ පුද්ගල පැහැර ගැනීම් කරන්න වුන් හිරේ දැමීම මානව හිමිකම් කැඩීමකි.

6 comments:

  1. අනේද කියන්නේ

    ReplyDelete
  2. මචං....හුසේන් ලොක්කා සවුදියෙක් නෙමේ, ජෝර්දාන් බුවෙක් නේද...

    ReplyDelete
    Replies
    1. ඔව්, එයා ජෝර්දාන් ජාතිකයෙක්.

      Delete
  3. ජනතාව ද, රජය ද, ආගමික පිස්සන් ද?

    ReplyDelete
  4. කාන්තාවන්ගේ නිදහස පිළිබඳ පකිස්ථානය පවා තවම ඉන්නේ පාසුගාමී තත්වයක. සෞදියට ඒ ඉර පායන්න තව ගොඩක් කල් යයි.

    ReplyDelete
    Replies
    1. ඒවා කවදාවත් වෙන දේවල් නෙමේ ඇනෝ. මුස්ලිම් ජනතාව ගැන නෙමේ මම කියන්නේ. මේ අන්තවාදීත්වය අද ලෝකේ හැම රටකම වාතයක් වෙලා. එහෙම වෙද්දී මේ අන්තවාදීන්ගේ කැදලි වලින් මොන බලාපොරොත්තුද....මේ සියලු අන්තවාදීන් පාගා දමන්නේ තම ශාස්තෘලාගේ වැදගත් කම්. ඒකයි දුක.

      Delete