තවද යටගිය දවස ජම්බුද්වීප පාද මස්තකයේ වූ මඤ්ඤං දීප නම් වූ කොදෙව්වේ මැද මූලනි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරමින් සිටිනා සඳ හිට්ටාණපාල නම් වූ ඇමැත්තා තෙමේ රා නීලයා නම් වූ පුරිස සමග කුමන්ත්‍රණ කොට පියා රාජ්‍ය බලය ලබා ගන්නේ අප නම් මැද මූලනියා මෙන් නොව මහත් වූ යහ පාලනය කරන්නේද, ලිච්ඡවී රජ දරුන් මෙන් සමගියෙන් සිටින්නේ ද ආදි වශයෙන් වහසි බස් දොඩමින් සිටින්නෝය.
ඉදින් ඒ අතර රා නිලයා ද විසිවසක් කඹුට ලබා ගත් මහමැති කම වෙදැයි කිය කියා අර්ජුනයා නම් වූ පුරිසා කැඳවා භාණ්ඩාගාරය සිස් කරන්නට වන්නෝය.
මඤ්ඤං දීපයේ ජනයා ද පුරුදු ලෙසම මඤ්ඤං කෙලිමින් මහත් සේ උදම් ව කදිමැයි කදිමැයි කියමින් ප්‍රීති ඝෝෂා නගා වයිපයියක් නොමිලේ ලැබෙන තෙක් උඩ බලාගෙන සිටි සඳ නොමිලේ ලැබෙන වයිපයිය කෙසේවෙතත් තිබුණු පයියද නැති වී යන බවක් දැක වෙළෙවි වී ගියේ කුම් කරමුදැයි තැන තැන කොඳුරන්නට වන්නේ තැන තැන මහත් වූ ඝෝෂා නගන්නට වන්නෝය.
එසඳ හිට්ටාන පාල රජුරුවෝද , රානිලයාද රාජ සභාව කැඳවා අපි දැන් කුමක් කරමුදැයි විචාරන කල , ආනුර නම් වූ කුමාරයා කියන්නේ " දේවයිනි , තොප ජනයාට කියු ලෙස මැද මූලනියාගේ සොර කම් එලි කරව, එවිට ජනයා මද කලක් සංසුං කර ගත හැකි වෙ දැයි කියා සිටියේය. එකල රානිලයා ද කියන්නේ " බල කොලුව අප කෙසේ නම් මැද මූලනියා සොර කල් කලැයි කියා සිපිරි ගෙට දක්කන්නේද? උහු අප විසින් අර්ජුනයා ලවා කෙරවූ සොරකම් හෙලි නොකර සිටිත්දැයි විමසා සිටියෝය.
එකල ආනුරයා කියන්නේ " එම්බා රානිලය. තොප නම් මහත් වූ මන්ද බුද්ධිකයෙක් නොවේද? මැදමූලනියා සිපිරි ගෙට දක්කන්නට සදන්නේ තා උමතුවෙන්ද? තොප කළ යුත්තේ මැද මූලනියා සමග ඩීල නම් වූ කථිකාවක් කොට උහු සිපිරිගෙට දක්වන ව්‍යාජයක් රඟ දැක් වීම පමණක් නොවෙදැයි කියා සිටියහ.
ඔහුගේ මහත් වටනා වූ උවදෙස් ඇසූ හිට්ටානපාල රජ්ජුරු තැනද, මහමැති රානිලයාද මැදමූලනියා හා ඩීල දමා කුඩා කුඩා සොරකම් කළැයි කියමින් මැද මූලනියා ගේ සව්වන් එපසයිඩිය නම් වූ තැනට ගෙන්වන්නේ මදක් ප්‍රශ්න විචාරා , උන් පොහොයකටද දෙපොහොයකටද ආදි වශයෙන් සිපිරි ගෙට යවා ඉනික්බිති නැවත නිරුපද්‍රිතව නිවෙස් කරා යවන්නේය.ඉදින් එම චෞර පුරුෂයෝද මහත් වීරයින් සේ දෑත් ඔසවා යදම් පෙන්වා ජය ඝෝෂා නගමින් සිපිරිගෙටත් ඉක්බිති උහුගේම ගෙටත් යන්නෝය.
මේ ආකාරයෙන් විටෙක භාණ්ඩ මිල උත්පාතනය වන විටද, තෙලබනුවේ පිරිවැය වැඩි වන විටද, ආදි වශයෙන් නොයෙක් විට එක් එක් පුරුෂයින් එපසයිඩියට කැඳවා උන් හා පයුරු පාසනම් කොට මහත් වූ විකාර රඟ දක්වමින් සිටින්නෝය.
ඉදින් මෙසේ කලක් ගත වන විට මඤ්ඤං දීපය මහත් වූ නියඟයකට ගොදුරු වන්නේ ජනයා මහත් වූ පීඩාවට පත් ව හඬ නගන්නට පටන් ගත්‍තෝය. නියඟය නිසාවෙන් ගොවි තැන් විනාශ වන්නේ සහල් නැලියක් මිලට ගන්නට කහවනු කරත්තයක් පවා මදි වුනෝය. ඒ අතර විල්පත්තු නම් වූ මහත් වනයක් ඇමත්තෙක් විසින් නසන්නේ යැයි තවත් ජනයා හඬ නගන්නෝය, එසේ ජනයා පීඩාවට පත්ව කුපිතව සිටින සඳ රානිලයා තෙමේ සිතුණු සිතුණු විට විදෙස් ගතවන්නේ තම සව්වන් ප්‍රීති කිරීම සඳහා එකෙකුන්ට කහවණු ලක්ෂය බැගින් දෙන්නෙමො යැයිද, අලංකාර අස් රියක් දෙන්නෙමෝ යැයිද ආදි වශයෙන් කතා කියන්නේ , ජනයා තව තවත් කුපිතව ගියාහුය.
එකල්හි රානිලයාද, ආනුරයාද, හිට්ටන් පාලයද සය කන් මන්ත්‍රණ පවත් වන්නේ දැන් නම් කුඩා කුඩා පුරිසන් සිපිරි ගෙට දක්කා මදිය. මහ එකෙකුන්ම අල්ලා රැඟුමක් දැක්විය යුතු යැයි සිතා මැදමූලනියා බණවා මේ සතුයේ එපසයිඩියට යවන්නේ කවුරුන්ද, මහ එකෙකුන්ම සිටියොත් මනා යැයි ඩීලක් දමන්නෝය.
මැදමූලනියාද සිතන්නේ පචායුද මානවකයා ඊට සුදුසු යැයි ද, උහුගේ මහත් සොරකම් ගැන නොවිමසා අස් රිය ප්‍රශ්නය පමණක් විමසා සිටිනු මැනැයි දන්වා සිටියේය.
ඉදින් අස් රිය ප්‍රශ්නය කෙසේද යත් , මැදමූලනියා රාජ්‍ය කරන සමයේ ඇමත්තෙක් ව සිටි පචායුද තෙමේ තම සකල ඥාති සනුහරයම කැඳවා උන්ට මහත් වූ සැප දෙන්නේ එකාට සිය ගණන් වූ අස් රිය ලබා දෙන්නේ අසුන්ට කොල්ලුද රාජ භාණ්ඩාගාරයෙන්ම ලබා දුන්නේ වෙස්සන්තර රජුන් දාන පාරමිතාව පිරු ලෙස යැයි දැන ගත යුතුය.
මැදමුලනියාද පචායුද මානවකයා කැඳවා " බල කොලුව, අපගේ මිත්‍ර රා නිලයා මහත් වූ අසීරු කලක් ගෙවයි, ඉදින් උහුගේ සිත සුව පතා තා පොහොයකට සිපිරි ගෙට ගොස් සිටිනුව යැයි කියා සිටියහ.
පාචායුද තෙමේ ද කියන්නේ " අවසර , දේවයනි, පොහොයකට නොව දෙපොහොයකටම මා සිපිරිගෙට යවනු මැනවයි ඉල්ලා සිටියහ.
පචායුදගේ එබස් ඇසූ මැදමූලනියාද, රා නිලයාද මහත් සේ අන්ද මන්දව යන්නේ පුත ඒ කිමදැයි විමසා සිටියහ.එකල්හි පචායුද මානවකයා කියන්නේ " දේවයිනි, අදින් දෙපෝයක් ගෙවන දින අප මහත් වූ උද්ඝෝෂණයක් කරන බව තොපට අමතකද. ඉදින් මා එදිනම නිදහස් කලහොත් නෙල්සන් මැන්ඩෙලාවන් ලෙසට එම උද්ඝෝෂණ බිමට පැමිණිය හැකි නොවේදැයි විචාලේය.
කදිමයැ, කදිමයැ කියූ මැදමූලනියා , තම ගජ මිතුරු රා නිලයා පසෙකට කැඳවා " ඕකා පොහොය දෙකක් නොව තුනක්ම සිපිරි ගත කරනු යැයි රහසේ කියා සිටියහ.
උන්ගේ සතර කන් මන්ත්‍රණයට හොරෙන් කං දුන් පචායුද පුරිස තෙමේ කියන්නේ " බල මිතුරනි, මාගේ සනුහරේ අඟනන්ගේ ඈත්ව සිටීමට හැකිනම් තුන් පොහොයක නොව සදාකාලෙටම සිපිරි ගෙට දැක් වූවත් කම් නැතැයි කියුහ.
මඤ්ඤං දීපයේ අස් රිය ප්‍රශ්නය නම් එසේ යැයි සියලු හුදී ජනයා දැන ගත මනාය.
''
//මේ ආකාරයෙන් විටෙක භාණ්ඩ මිල උත්පාතනය වන විටද, තෙලබනුවේ පිරිවැය වැඩි වන විටද, ආදි වශයෙන් නොයෙක් විට එක් එක් පුරුෂයින් එපසයිඩියට කැඳවා උන් හා පයුරු පාසනම් කොට මහත් වූ විකාර රඟ දක්වමින් සිටින්නෝය.//
ReplyDelete:D
+++++++++++++++++++++++++++++
ReplyDelete////මාගේ සනුහරේ අඟනන්ගේ ඈත්ව සිටීමට හැකිනම් තුන් පොහොයක නො///
ReplyDeleteරටක් වටින අඟනන් සෙට් එකක් තමයි යාලුවා වටේ ඉන්නේ.
මේ මානවක තෙමේ සිපිරිගෙයි නිකම්ම නොසිටියි . හුදී ජන පහන් සංවේගය පිණිසම වේදැයි සිතා තුන් යම් රෑ නිදි වරා මහත්ම වූ පුස්තකයක් කරන්නේ අර්නස්ට් හෙමිංවේද, ගයි ද මෝපසාංද පරදවාලමින් මහත්මවූ කීර්තියක් අත් කරගනිමින් හිට්ටානපාල රජතුමා සිහසුනෙන් නෙරපා හැර මැදමුලන රිටයර්ඩ් නරේන්ද්‍රයානන් සිංහාසනාරූඪ කරන්නෙම් යැයිද , නැති වූ යසස් නැවත ලබාගන්නෙම්යැයිද, සිතා අනලස්ව ක්‍රියාකරන්නේය. ( මේ කථා වස්තුව මෙයින් නොනැවතෙයි ඉතිහාසය පුරාම නැවත නැවත රඟ දැක්වෙයි.
ReplyDeleteඑළ
ReplyDelete