Thursday, August 23, 2018

අපි දසසිල් උපාසක නොහොත් ඈපාගේ පාපොච්චාරණය නොහොත් ජයතුංගගේ කුහකවත













1989 ඇඹිලිපිටිය සිසු ඝාතනයට සම්බන්ධව හිර දඬුවම් ලැබ පැමිණ සිටින ජාලිය ඈපා නැමත්තෙකුගේ සාකච්ඡාවක් රුවන් ජයතුන්ගේ බ්ලොග් පි‍ටුවේ පල කර ඇත. මේ වනාහි ජයතුංගට සුපූරුදු මඩ ශෛලියයෙන් ලියාඇති තවත් එක් කුණු හරුපයක් පමණි. ජයතුංගට අනුව ඈපා මාරම මාර පොරකි. උපාධි, විදේශ පුහුණු , ලෝකල් පුහුණු , තව උතුරුකරේ සටන් , ආදියෙන් සමන්විත කිසිදා පව් නොකරන ඒ මදිවාට හතරපෝයටම සිල් ගන්න පොරකි.ඉතින් එහෙව් ඈපා කියන දේ සහ එසේ කිව්වා යැයි ජයතුංග ලියන දේ බලමු.

මේ දෙබාන උත්සාහ කරන්නේ 1989 දී ඈපා ප්‍රමුඛ මිනීමරුවන් විසින් කළ  ඒ පාසල් සිසු ඝාතන සාධරණීකරණය කිරීමටය.මොවුන්ට අනුවතමන්  විසින් ඝාතනය කළ පාසල් සිසුන් දරුණු මිනීමරුවන්ය. ඇඹිලිපිටිය ප්‍රදේශය හොල්ලාගෙන සිට ඇත්තේ ඔවුන්ය. ( ඉතින් එහෙව් උන් මරා දැම්මාම මක් වෙනවාද?)

මෙම සිසු ඝාතන සියල්ල මෙම ම්ලේච්ඡ ඈපා ප්‍රමුඛ නඩයක් විසින් කළ බවට ඔහුගේම මුවින් පිට වී ඇත.

1. මල්වත්ත සිසුවා නොමරන ලෙස තමන් කී බව- එසේනම් අනික් සිසුන් මරා දමද්දී උඩ බලාගෙන සිටියාද?
2. එම සිසු ඝාතන සාධාරණ බව පැවසීමට ඔහු කියන්නේ එම සිසුන් මිනී මැරුම් පවා කළ බවයි.  ඔහුට ඒ බව ඔප්පු කළ හැකිද? නැත. ඔහු මේ උත්සාහ කරන්නේ දෙවන වතාවටත් එම සිසුන් මරා දැමීමටයි.

මෙම ජයතුංග ලිපියේඇති හාස්‍යජනකම කරුණ වන්නේ ජයතුංග පන්දුව ඔසවා දී ඩෑෂ් පහර එල්ල කිරීමට ඈපාට අවස්ථාව ලබා දීමයි. මෙන්න බලන්න.

1. අතුරුදහන් වූ සිසුන් ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටියාද ? ඔබට එසේ සිටි සිසුන් නම් වශයෙන් කිව හැකිද(මොකද බැරි)

2.ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය යට සිටි බුද්ධික කුලතුංග නම් ජවිපෙ ක්‍රියාධරයා ගැන කවුරුත් දන්නේ නෑ ඔහු පිලිබඳව සඳහනකුත් නෑ. ඔහුගේ භූමිකාව මොකක්ද ? (ඔය මොකක් හරි කියපන් ඈපා මචං)

3.ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ  සිටි සිසුන් විසින්  සිදු කල කඩාකප්පල්කාරී ක්‍රියා මොනවාද ? (උඹට ඕනෑ දෙයක් ලියාපං ජයේ මචං)


ජයතුංග ප්‍රශ්න අසන විට ඈපා ෆෝර්ම් වී උඩ පැන පැන රිසි සේ නෙලයි. තමන් එසේ නොවේ යැයි පැවසීමට එම සිසුන් අප අතර නැති නිසා ඈපාට හෝ ජයතුංගට කිසි විචිකිච්චාවක්,ලැජ්ජාවක්  නැතුවා සේය. 

මාරයි ජයතුංග ඔයානම් ඈ. ඔයත් මාරයි ඈ ඈපා

2 comments:

  1. ඔය ජයතුන්ග කියන මහත්මයා සොශලිස්ට් ෆෝබියාවෙන් පෙලෙන මානසික රොගියෙක්...........

    මෙයා මීට කලිනුත් ඔය වගේ පල් ගොබ්බ පෝස්ට් දාලා කමෙන්ට් වලින් කියපු ගොන් කතා වලට රිප්ලයි එනකොට සෑහෙන්න චාටර් වෙලා, සෑහෙන්න අසරණ වෙලා දැන් ඇනොනොමස් එහෙම වහගෙන පාලු ගෙයි වලන් තමා බිදින පජාතියෙක් මෙයා..............

    ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැදි බන දෙසුවට ඇත්තට පට්ට බයයි එයාලා.............

    ඔක කිතින්, තමුන්ගේ පන්තිය වෙනුවෙන් නැත්ත ඇත්ත කරලා රාජ්‍ය ත්‍රස්තවාදින්ව උපාසකයන් කරන සිගිති උත්සාහයක්.............

    ජනතාව දැනුවත් කරන්න............. එතකොට මෙ වගේ බොරුකාරයන්ව නිකන්ම නිරුවත් වෙනවා........................

    මෙ වගේ බොරුකාරයන්ව මෙහේම හරි හෙලිදරව් කිරිම ගොඩක් වටිනවා...................

    ReplyDelete
  2. ඒක නෙවෙයි, කවද්ද කියහන් උඹ එලියට ආවේ.
    ඇතුලෙදි හොඳට බෝර් කරන් එන්න ඇති. උඹල ඉතිං ඔය වැඩේට හරි දක්ෂයි නේ.

    ReplyDelete