Showing posts with label රාජපක්‍ෂ. Show all posts
Showing posts with label රාජපක්‍ෂ. Show all posts

Sunday, February 22, 2015

නෙත් එෆ් එම් හා දිවයින ජඩ මාධ්‍ය කලාව

මේ සේයාරුවට යොදා ඇති විස්තරය බලන්න. පස්ස දෙස බලා සිංහලද දෙමල දැයි හඳුනා ගත හැක්කේ සමන් ගමගේ බඳු කසිකබල් මාධ්‍ය කරුවන්ට පමණක් විය යුතුය.

 පසුගිය ආණ්ඩු සමයේ දී රජයේ හමුදා වැලිකඩ සිරගෙදර තුල අමානුෂික මිනිස් ඝාතනය දැන් නැවතත් කරලියට පැමින තිබේ. එදා එම සිදුවීමට මුහුණ දුන් සිරකරුවෝ අද එලියට පැමිණ එම සිදු වීම පිළිබඳව සියල්ල හෙලිදරව් කරමින් සිටිති.

ඒ සමයේ රාජපක්ෂලාගේ දොලපිදේනි වලට යට ව සිටි ඊනියා මාධ්‍යකරුවෝ කිහිප දෙනෙක් දැන් තම හාම්පුතුන් ආරක්ෂා කිරීම සඳහා බල්ලන් මෙන් උඩු බුරන්නට පටන් ගෙන තිබේ.

නෙත් එෆ්.එම් හි බැලුම් ගල වැඩ සටහන කරන ජඩ මාධ්‍යවේදින් දෙදෙනා  ඒ අතර ප්‍රමුඛයන්ය. මේ දෙදෙනා සිතා සිටින්නේ  තමන් ෂර්ලොක් හෝම්ස්ලා ලෙසය. ඒ මදිවාට ඔවුන් රටේ ජනතාවත් එලෙස සිතනු ඇතැයි අපේක්ෂා කරති.  පසුගිය කාලය පුරාවටම පික් පොකට් කරුවන් , ගනිකාවන් , පිම්පියන්, බඳු පහල මට්ටමෙ මිනිසුන් ඉලක්ක කරගත්තා විනා මේ ඊනියා හෝම්ස් ලා දෙදෙනා කිසි දිනක මහා පරිමාණ වංචා දූෂණ ගැන කතා කලේ නැත. ඒ ඔවුන්ට ලැබී තිබුණු කොන්ත්‍රාත්තුවයි. පසුගිය රජයේ මහා පරිමාන වංචා දූෂණ වලින් රටේ ජනතාවගේ සිත් වෙනතකට හැරවීමයි. ඔවුන් එය අපූරුවට කරමින් සිටිද්දී ඔවුන්ගේ ස්වාමියන් ගේ පාලනය හමාර විය . 

දැන් ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව වන්නේ තම පරණ ස්වාමියන් චෝදනා වලින් ආරක්ෂා කිරීමය.සාක්ෂිකරුවන්ට පමණක් නොව ඔවුන්ගේ නීතිඥයන්ටත් සිංහල කොටි ලේබල අලවමින් ඒ කාර්ය සඳහා මුල පිරුවේ නෙත් එෆ්.එම්. බැලුම් ගල කොන්ත්‍රාත්කරුවන් දෙදෙනාය.

දැන් ඒ සඳහා දිවයින පුවත් පතද එක්ව තිබේ. එයට ලියන සමන් ගමගේ නම් කුලී ලියන්නා කියන්නේ මේ සියල්ල එන් ජී ඕ නඩ වල වැඩ බවයි. මිනීමරුවන් ආරක්ෂා කිරීමට පෙරට විත් සිටින මේ ඊනිය ජඩ මාධ්‍යකරුවා තවදුරටත් කියා සිටින්නේ මේ සාක්ෂිකරුවන්  හා ඔවුන්ගේ නීතිඥයන්ට වෙඩි තබා මරා දැමිය යුතු බවයි. ඒ  දිවයිනේ වර්ගවාදි නඩය දන්නා නීතියයි.  කියවා බලන්න. 


"වැලිකඩ සිදුවීම සම්බන්ධව සාක්ෂී දීමට පැමිණි අය කොටින් ලෙස ත් මියගියවුන් මහා අපරාධකරුවන්  ලෙසත් හංවඩු ගසමින් ඔවුන්  ආරක්ෂා කරන්නේ කවුදැයි මේ රටේ ජනයා හොඳින්ම දනිති. 
වැලිකඩදී එදා අපේ රණවිරුවන් මිනිස්‌ ඝාතකයන් වූයේලු. සොය සොයා සිරකරුවන් මැරුවේලු. පිටින් ආ ඝාතකයන් බන්ධනාගාරය තුළට පැමිණ මිනී මැරුවේලු. "නරි සඳ දුටු කල හූ කියන්නාක්‌" පරිදි මේ සියල්ල කියනුයේ අද දවසේ ඩොල්ර් කුට්‌ටි හමුවේ සදාකාලිකවම මේ රටට සතුරුවූ එන්ජීඕ නඩ සමඟ එකතුව දේශපාලන රැකවරණ ගෙන විදෙස්‌ගත වීමේ සූදානමක සිටින සහ දැනටමත් එසේ රටින් පිටවී සිටිනා සිංහල කොටි ත්‍රස්‌තයන්ය. 

මේ ලෙසින් වැලිකඩ සිද්ධිය අරබයා නැවත පරීක්‍ෂණ පැවත්වීමට යැමෙන් වත්මන් රජය ඉදිරියට එන ගැටලු රාශියකි. එහෙත් ඒ ගැටලුවලින් මිදීම සඳහා රජයට එක්‌ පහසු විසඳුමක්‌ද ඇත. ඒ "අපිත් හිරේ හිටියා" යෑයි දොඩවමින් අද වැලිකඩ සිද්ධිය ගෙන එන්ජීඕ නඩ සමග එක්‌ව රණවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්ට එදා උණ්‌ඩයකින් නොලැබුණ පිළිතුර මෙදාවත් ලබා දීමය. අප එසේ කියන්නේද නිකන්ම නොව. එදා මෙන්ම අදටත් මුන් රටට බරක්‌ වී නටමින් සිටින නිසාය."

මේ ලේ පිපාසිත වර්ගවාදි  ජඩ මාධ්‍ය මිනීමරුවන්ට කළ යුත්තේ කුමක්දැයි මෙරට ජනයා ඉක්මණින්  තීරණය කළ යුතුව තිබේ.  නැතහොත් මොවුන් ඉතා ඉක්මණින් නැවතත් රට රාජපක්ෂලාගේ මිලිටරි සපත්තුවට යට කිරීමට තම ජඩ මාධ්‍ය කලාව මෙහෙයවනු ඇත. 

Saturday, August 10, 2013

දරුවෝ සතුටු වෙති



අරලියගහ මන්දිරයේ සිදු කෙරෙන නිල කටයුතුවලට අමතරව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දැඩි ඇල්මකින් හා උනන්දුවකින් සිදු කරන තවත් විශේෂ කාර්යයක්‌ද වෙයි. ඒ පාසල් දරු දැරියන් හමුවීමයි. රටේ රාජ්‍ය නායකයා ළඟට පැමිණෙන දරුවෝ සැක බිය නොමැතිව ඔහු සමග කතාබහ කරති. සතුටු වෙති. සංග්‍රහ විඳිති. තෑගිද ලබති. මෙවර අරලියගහ මන්දිරයට යාපනයේ සිට සිසු කණ්‌ඩායමක්‌ද පැමිණියහ. මේ අය අතර කිසි දවසක කොළඹට නොපැමිණි සිසු සිසුවියෝද වූහ. සමහරුන්ට සිංහල ද බැරිය. පරිවර්තකයන් සිටියත් ජනාධිපතිවරයා ඒ දරුවන් සමග කෙළින්ම කතාබහ කරද්දී ඔවුහු අත්පොළසන් දුන්හ. ජනාධිපතිවරයා කියා සිටියේ මේ දරුවන් මල් වගේ. අපට ඒ හැම දරුවෙක්‌ම සම්පතක්‌ බවය. 

(උපුටා ගැනීම දිවයින ඉරිදා කුරහන් පිට්‍ටු සංග්‍රහයෙන්)