ශ්‍රිලනි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වූවා යැයි කියන සාකච්ඡාවක සටහනක් ඊයේ ඉරිදා දිවයින පත්‍රයේ පල වී තිබිණි.
එය කියවූ මට නම් අනේ අපොයි කියා කියවිණි.
මෙය කියවූ විට ඔබට කියවෙන්නේ මොනවා දැයි දැන ගැනීමට අප කැමතිය.ඔබ එය මෙහි සටහන් කර තබන්නේ නම් අප කැමතිය.
" ජනාධිපතිවරයාගේ එම කතාවෙන් පසු නැගී සිටියේ නැවතත් අනුර යාපා ය. අනුර යාපා ජාතික සංවිධායක තනතුර සඳහා බැසිල් රාජපක්‍ෂගේ නම යෝජනා කළේය. යෝජනා කරනවාත් සමගම එය ස්‌ථිර කරන්නට පස්‌දෙනෙක් නැගී සිටියේය. පස්‌දෙනා බැසිල්ගේ නම ස්‌ථිර කරන්නට පොරකන අයුරු දක්‌නට ලැබිණි. අමුණුගම සියල්ලට පළමුව එම යෝජනාව ස්‌ථිර කළ අතර මර්වින් සිල්වා ඒ හඬ යටපත් කරමින් කතා කර යෝජනාව ස්‌ථිර කළේය.
"මම ස්‌ථිර කරන්න නෙවේ හිටියේ. මම අපේ බැසිල් මහත්තයව මේ තනතුරට යෝජනා කරන්නයි හිටියෙ. කවුද ඉන්නෙ මෙතුම තරම් සුදුස්‌සෙක් මෙතන. ඔන්න මමයි ස්‌ථිර කළේ. ඒ වන විට රෝහිත අබේගුණවර්ධන ඇතුළු තිදෙනෙක්‌ද ස්‌ථිර කරන්නට නැගිට යළි වාඩි වුණහ.
මේ අතර මර්වින් යළි කතා කළේය. මර්වින්ගේ කතාව තුළ කරුණු රාශියක්‌ම විය.
"හැමෝම මට කිව්වනෙ මගෙ කට හොඳ නැහැ කියලා. මගේ කට වහන්නත් සමහර අය ලොකු වෑයමක් දැරුවා. කවුරුත් කියන එකේ මමත් කටවහගෙන මාස දෙකක් විතර හිටියා. කට ඇරගෙන ඉඳල පුරුදු අපිට කට වහගෙන ඉන්න බෑ නලියනවා. මාව දැන් නලියන්න අරගෙන. අද වෙනකොට කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. එකෙක්‌වත් හැබැයි කතා කරන්නෙ නැහැ. පැත්තක ජිනීවා ප්‍රශ්නය. අනික් පැත්තෙ හලාල්. මාතෘකා කොච්චර තිබුණත් කතා කරන්න කෙනෙක් නැහැ. කතා කරන්න කැමැති අපිව නතර කරල දාල. අනේ සර් මෙච්චර කල් කට වහගෙන හිටිය ඇති. දැන් මට කතා කරන්න ඉඩ දෙන්න. මම දැන් ලෑස්‌තියි කට අරින්න..."
මර්වින්ගේ කතාවට හැමෝම සිනාසුණා මිස කිසිවෙක් අදහස් පළ කළේ නැත.
ඉන් අනතුරුව මධ්‍යම කාරක සභාවේදී කවදත් ලොකු කතාවක් ඇද ගන්නා උපාලි කොඩිකාර නැගිට කතා කරන්නට පටන් ගත්තේය. ඔහු කීවේ පක්‍ෂය ඇතුළේ ලොකු ලොකු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවය. ඒවා වැළැක්‌විය යුතු බව කියමින් එත්ම... ජනාධිපතිවරයා කටවහගෙන වාඩි වෙන්නට සංඥ කළේය.
මේ අයුරින් කතාබහ කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව කෙටිකාලීන රැස්‌වීමක් ලෙස අවසන්ව ගියේය. රැස්‌වීම ඉවර වූවා පමණි. සාමාජිකයෝ පොරකමින් පැමිණ බැසිල්ට සුබ පතන්නට පටන්ගත්හ.
(උපුටා ගැනීම දිවයින ඉරිදා සංග්‍රහයේ දේශපාලන (ඕප දූප ) තීරුවෙන්)

