අපේ ගරු විජිත හේරත් මන්ත්‍රී තුමා වාහනයක් පැදගෙන ඇවිත් ටෙලිෆෝන් කණුවක හප්පලා මහ ජර මරයක්ය. විජිත මන්ත්‍රී තුමා බීලා හිටියා කියලා ඒ අව් අස්සේ රාවයක්ද තිබේය. සමහරුන් මේකෙන් මාර ආතල් එකක් ගන්නවාය. තව සමහරු අම්බානකට දුක් වෙනවාය. අපිනම් ඉතින් මධ්‍යම ප්‍රතිපදාවෙන් මේ වෙන දේවල් දිහා පටිසෝතගාමි විදියට බලා ඉන්නෙමුය. මොකද කිව්වොත් විජිත හේරත් තුමා බොන්නේ අරක්කුද , විස්කිද එහෙම නැත්නම් වතුරද කියන එක අපිට අදාල නැතිය.
එතුමා කන බොන එක එතුමාගේ වැඩක්ය. සමාවෙන්න , එතුමාගේ හා එතුමාගේ පක්ෂයේ වැඩක්ය. හැබැයි එතුමා කන බොන මිනිහෙක් නම් අපි කැමතිය. මක් නිසාද යත් කන බොන මිනිස්සුන්ගේ අක්මාව නරක් වුනත් පපුව හොඳයි කියා පැරැණි දාර්ශනිකයෝ කියා තිබෙන නිසාත් තව කාරණයක් නිසාත්ය.
එනම් අපිත් ඉතින් ඔය වැඩේ කොරන නිසා අපේ විජිත මන්ත්‍රීතුමා අපේ ක්ලබ් එකේ මිනිහෙක් වීම ගැන සතුටු නිසාත්ය. අනික ඉතින් දේශපාලන පක්ෂ අමද්‍යප ව්‍යාපාර වෙන්නම ඕනෑ කියලා නීතියක්ද නැතිය.
හැබැයි ඉතින් විජිත හේරත් මන්ත්‍රී තුමා නම් කියන්නේ එතුමා එතුමා ඇක්සිඩන්ට් එක වෙන වෙලාවේ බීලා හිටියේ නෑ කියලාය. හැබයි තමන් නොබොන මිනිහෙක් කියලා එතුමා කියන්නේ නැත. එතුමා කියන්නේ මම ඒ වෙලාවේ බීලා හිටියේ නැත කියලාය.
වෙන්ටත් ඕනෑ එහෙමය. මොකද කිව්වොත් බීලා වාහන එලවන එක මාරන්තික නිසාය. නොබී ඔහොම නම් බීලා කොහොම වෙයිද? එම නිසා අපි එතුමාට දෙවරක් ගරු කරනවාය. එක වරක් එතුමාද අපි වාගෙම කන බොන මිනිහෙක් වීම ගැනය. දෙක වරට එතුමා බීලා වාහන නො එලවපු එක ගැනය.
හැබැයි මේ සීන් කෝන් එක ගැන මටත් පොඩි කොස්සක් නොහොත් ප්‍රශ්නයක් තිබේ. ඒ තුමා නොබී හිටි බව උසාවියත් පිලි අරගෙන තිබේ .
නමුත් ....
නමුත් එතුමාගේ කටෙන් මත් පැන් ගඳ ආ බව අධිකරණ වෛද්‍ය තුමිය කියා තිබේ.
දැන් මගේ ප්රශ්නය නම් එතුමා බීවේ නැත්නම් " එතුමා බීවේත් නැතිනම් එතුමාගේ කටේ අරක්කු ගෑවේ මොන පසික්කාටුවාද, අපේ ගරු මන්ත්‍රී තුමාට නොදැනෙන්න එහෙම කළේ කොහොමද " කියලාය.
හා කියමු බලන්ට.
සටහන- ආයේ සැරයක් කියන්නේ අපි බීමට විරුද්ධ නැති බවය.















