උණ රෝගේ හැදී යම්තම් හොඳ වෙනකොටම මෙනන්ලා, වීරවංශලා ගැන මඤ්ඤං කතා අසා මොලේ මඤ්ඤං වී ඇඳට වුනු මම ආපහු නැගිට්ටේ පෙරේදා .
ඩෙංගු හොඳ වුනත් හොඳ නොවෙන උණක් තියෙන නිසා නැගිට්ට ගමන් ගොහින් ටීවී එක ඉස්සරහා වාඩි වුනේ මේ දවස් වල මොනවද සිද්ද වෙන්නේ කියලා බලාගන්ට.
ඔන්න දැම්මා නිව්ස්.
කවුද ගොය්යෙක් කතා කරනවා .
" අපේ ජනාදිපති තුමාගේ දේශප්‍රේමි ආන්ඩුව, ශීඝ්‍රයෙන් සංවර්ධනය , ආස්චර්ය,දෑත සක්තිමත් කොරනවා, මම ඇමති මමම නොවෙද.... බ්ලා බ්ලා.. බ්ලා......"
යහ්කෝ මේ අර මම කෑලි කෑලි වලට කැපුවත් මේ ආන්ඩුවට යන්නේ නැහැ,මේ ඒකාධිපති දූෂිත පවුල් පාලනය පරාද කොරන්න මගේ දිවි හිමියෙන්ම සටන කොරනවා කිය කිය හිටපු දයාසොරි උන්දෑ නේද මයික් එකක් පලන්නේ.
මම විතරක් නෙවේ අපේ ගෙදර ඔක්කොම හිනා වෙනවා... අල්ලපු ගෙදරිනුත් හිනා ... ඊට එහා ගෙදරිනුත්...
මට හිනාව නවත්ත ගන්න බෑ ඕයි. හිනා වෙලා හිනා වෙලා ... බඩ රිදෙනකම්ම හිනා වෙලා ... සිහිය නැතිව වැටෙන කම්ම හිනා වුනා. වෙන මොනා කරන්නද ඕයි?
සටහන- මේ ලිපිය පල වෙන විට මම අධික ලෙස හිනා වී නැවත රෝගාතුර වීම නිසා රෝහල් ගත කර ඇති බවත් මේ සටහන ලියන්නේ අපේ ආච්චි බවත් කරුනාවෙන් සලකන්න.