Monday, October 15, 2012

ලංකා තලේබාන්


මෙතුවක් කල් තලේබාන් ලා හිටියේ ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය වගේ මුස්ලිම් රටවල පමණි.. දැන් ලංකාවෙත් තලේබාන් සංවිධානයක් බිහි වී තිබේ. එහි  නම බොදු බල සේනාව ය. ඔරිජිනල් තලේබාන් ලා සේම මේ තලේබාන් ලා ටත් තමන්ගේ ආගම හැර වෙන ආගම් නයාට අඳු කොල බඳුය.

එපමණක් නොවේ. බුද්ධාගමේ නිල ආරක්ෂකයා හා ප්‍රකාශකයා විදියට තමන්වම පත් කරගෙන සිටින මේ  ලංකා තලේබාන් ලා දැන් බෞද්ධයින්ට බුද්ධාගම අදහන්න හැටිද කියා දීමට පටන් ගෙන තිබේ. දැන් බුද්ධාගම අදහන්නට සිදු වී ඇත්තේ  ගලගොඩ අත්තේ කියන විදියටය. අනම් මනම් වලට ආවෝත් සුම්මා තමාය.

පිටිදුවේ සිරිධම්මට වගේම තමන් බුදු වී ඇතැයි කියන ගාල්ලේ  සිරිවර්ධනටත් මේ ආගමික පොලිසීයේ හිරිහැර විඳින්නට සිදු වුනේ වැඩි ඈතක නොවේ.

 බෞද්ධයින් වෙනත් ආගම්වලට හරවනවා යැයි කියමින් චෝදනා කර අල්ලා ගත් පිරිසක් මේ තලේබාන් බල සේනාව විසින් ශ්‍රී ලංකා පොලිසියට භාර දුන් පුවත අද දින පුවත්පත් වල පල වී තිබුනි.

යමෙක් ආගමකට අපහාස කරන්නෙ නම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් කරන්නේ නම් ඒ ගැන නීති මගින් කටයුතු කල යුතු ආකාරයක් තිබේ.

එසේ නැතිව නීතිය තම අතට ගෙන මෙසේ ක්‍රියා කරන්නට ඊනියා බොදු බල සේනාවට බලයක් ලැබුනේ කෙසේද? ඔවුන් බුද්ධාගමේ ආගමික පොලිසීය වශයෙන් පත් කලේ කවුද?  කවදා සිටද?

අද මෙසේ වෙනත් ආගම් වලට හා බුද්ධාගමේ ම වෙනත් ඇදහිලි කරුවන්ට පහර දෙන මේ බෞද්ධ තලේබාන් ලා අනාගතයේ දී සැබෑ තලේබාන්ලා මෙන් මිනිසුන්ගේ නිදහසට බාධා කරන ක්‍රියා වලට නොපෙලඹෙතැයි සහතිකයක්  ඔවුන්ගේ මේ උමතු ආගම්වාදි ක්‍රියාවලට උඩගෙඩි දෙන ජනමාධ්‍ය  වලට දිය හැකිද?

පන්සල් නොයන අයට දඬුවම් කරන්නට, පන්සිල් අනිවාර්ය කරන්නට, ඇඳුම් පැලඳුම් ගැන නීති හදන්නට ඔවුන් අනාගතයේ දී ක්‍රියා නොකරනු ඇත්ද?

ඒ ආකරයේ මූලධර්මවාදයකට ලංකාව පත් කිරීමට පෙර මේ තලේබාන්  ක්‍රියා වල අනතුර හෙලිදරව් කිරීම සිහි බුද්ධියක් ඇති  සියලු දෙනාගේ වගකීමකි.

සටහන- බුද්ධාගම හෝ වෙනත් ආගම් ගැන අපේ උනන්දුවක් නැත. එහෙත් කැමති කෙනෙකුට තමන් කැමැති ආගමක් තමන් කැමති පරිදි ඇදහීමේ නිදහස තිබිය යුතු යැයි අප විශ්වාස කරමු.

10 comments:

  1. ආගමික නිදහස ශිෂ්ඨ සමාජයක අනිවාර්යෙන් තිබිය යුතු දෙයකි. ඔබ සමඟ 100% එකඟ විය හැක.

    ReplyDelete
  2. මේ ආකාරයේ උමතු ක්‍රියා කෙලවර වන්නේ කොහෙන්දැයි ඒවා පටන් ගන්න අයවත් නොදනිති.

    ReplyDelete
  3. මුදල් සහ වෙනත් වරදාන දෙමින් අනුගාමිකයන් බඳවා ගන්න මුලදර්මවාදී ක්‍රිස්තියානී නිකායන්ද මේවට වගකිවයුතුය.මොවුන් තමන්ගේ ආගමට බඳවා ගැනීමේදී බුදුපිළිම පොලවේ ගැසීමේ සිරිතක් ඇතිබව වාර්තාවේ මෙය නිවැරදියි කියා ඔබ සිතනවද? ලංකාවේ කතෝලික සභාව පවා මෙම ක්‍රිස්තියානී නිකායන්ගේ කටයුතු සම්බන්දව විවේචනය කර ඇත.

    ReplyDelete
    Replies
    1. කෙනෙක් මුදලට හෝ වෙනත් වරදානයකට හෝ වෙන ඕනෑම මගුලකට ඕනෑම ආගමක් අත හැර තවත් ආගමකට බඳවා ගැනීමේ හෝ යෑමේ වරදක් මම නම් දකින්නේ නැත. අද ලෝකයේ ආගම් වලට ඇති තැන එයයි. අඩුම තරමෙන් එවැනි වාසියක්වත් නැත්නම් ආගම් වලින් ඇති පලය කුමක්ද?

      Delete
    2. එක අතකින් බැලු විට ඔබේ දැක්මද අන්තවාදී බව පෙනේ.ඔබ සිතන්නේ මුදල සෑම දේටම වඩා වැදගත් ලෙසිනි.

      Delete
    3. ඔබ වැරදිය.මම හිතන්නේ ආගම් යනු නොවැදගත් දෙයක් බවයි

      Delete
    4. එයද අන්තවාදයකි

      Delete
    5. තම තම නැණ පමණින් හිතෙන හැටි නොව.

      Delete
  4. මේ දවස්වල හැම පන්සලේම කටින පිංකම්. හැන්දෑවේ හයේ ඉඳලා මොහොදින් බෙග් පීකරෙන් කෑ ගහනවා. ඊට පස්සේ නායක හාමුදුරුවෝ දෙනවා පොරි හැලෙන්න. ඊළඟට ආරාධිත ධර්ම දේශනය. මුස්ලිම් දෙමල බෞද්ධ ඔක්කෝටම බලෙන් දෙන්නේ. ස්‍රද්ධාව පිරිලා ඉතිරිලා. අර නිත් මිනිස්ස්ය් කාටද දන්නේ නෑ බනින්නේ. මුස්ලිම් පල්ලියේ විනාඩී 10 ක් පීකරේ දානවට නීතී ගෙනාපු උන්ට මේවා පේන්නේ නැද්ද දෙවියනේ..

    ReplyDelete
  5. පන්සල් යන්න කලිසම් නොඅඳිනු, සුදු සරම් අඳිනුයැයි මට අවවාද ලැබුනේ දශක දෙකකටත් වඩා පෙරදී ය.

    ReplyDelete