Wednesday, October 31, 2012

"අපි රාජාණ්ඩුවකට කැමති නැහැ" නොහොත් වාමාංශිකයන්ගේ බබා හුකුම්


 
අද ක්‍රි.ව 2017  දෙසැම්බර්  මස 15 වෙනිදා.

වේලාව මධ්‍යහන දොලහයි.

මේ රෝස මල් එෆ්.එම් සේවයේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි.

 ශ්‍රී ලංකාණ්ඩුව  රාජාණ්ඩුවක් බවට පත් කිරීම සඳහා  මේ වසර මුලදී  ගෙන ආ 24 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව චන්දය භාවිතා කිරීමෙන් තමන් මහත් වරදක් කර ඇති බව ශ්‍රිලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය ( ඒකේ නම මට මතක නැතිය)  ඇතුලත් වාමංශික එක්සත් පෙරමුණ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කෙසේ නමුත් එම සංශෝධනය ගෙන එන අවස්ථාවේ තිබූ විෂයානුබද්ධ කරුණු සැලකිල්ලට ගෙන මනෝ මූලික තත්වයන් හා විෂය මූලික තත්වයන් පිලිබඳව ගැඹුරින් අධ්‍යයනය කොට, ශ්‍රී ලංකාවට එරෙහිව සිදු වෙමින් පවතින බටහිර අධිරාජ්‍ය බලවේග වලට විරෝධතාවක් පෙන්වීමටත්, මාක්සීය කේන්ද්‍රීය අපසාරනය හා අභිසාරනය තත්වයන් පාලනය කරමින් ,විකල්ප මානව සාරධර්ම පිලිබඳව ඇති උග්‍ර පාරභෞතික මතවාදයන් විඛණ්ඩනය කරමින් රටේ භෞමික අඛණ්ඩතාව සමග ගැට ගැසුනු ලෙනින් වාදි මූලධර්මයන්ට අනුගත වෙමින් ආර්ථව චක්‍රය මැනවින් පාලනය කිරීම  උදෙසා එම අවස්ථාවේ රාජාණ්ඩු පනතට පක්ෂව චන්දය දුන් නමුත් තමන් රාජාණ්ඩු ක්‍රමයකට  මහත්සේ විරුද්ධ බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

එසේම පසු ගිය මාසයේ පැවත් වූ මහ රජ තුමාගේ ඔ‍ටුනු පැලඳවීමේ උත්සවයට හා  ඊයේ පැවත් වූ ඔ‍ටුන්න හිමි කුමරා නම් කිරීමේ උත්සවයට පවා තමන් සහභාගි වූයේ මෙම අතිශය සංකීර්ණ  ප්‍රතිමාක්ස්වදි ප්‍රවණතාවන් පරාජය කිරීමට බවත් , නමුත් එය  ඓතිහාසික වැරද්දක් බව ඊයේ  සවස තේරුම් ගත් බවත් එම පක්ෂ විසින් නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

සටහන- තමන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වීමෙන් වැරද්දක් කර ඇති බව කොමියුනිස්ට් පක්ෂයේ රාජා කොල්ලුරේ මහතා පසු ගියදා පැවසීය.

4 comments:

  1. ඔය බොල් වාමාංශිකයො ටික හිතගෙන ඉන්නෙ හැමොම බබා හුකුම්ල කියල.

    ReplyDelete
  2. 2017 මොකක්ද බන් 18 අත උස්සලා ඒක තමයි කරේ.. මම ඒකයි ඔය කටෙන් එකක් කියලා පුකෙන් (පුක යනු කුණුහබ්බයක් නොවේ) තව එකක් කියන ඩීව්, තිස්ස විතාරන, වාසු වගේ උන්ට වඩා මර්වින්ලට, රත්තරංලට, විජිතමුනිලට කැමති.. උන්ගෙ බොරුව නෑ. උඹ දන්නවද කොමියුනිස්ට් පක්ෂේ සමුළුවට ආපු මාධ්‍යවේදියෝ එලෙව්වා කියලා. ඔය පචයන්ගේ හොඳම එකා තමයි ඩීව්.. අනික් උන් දෙන්නා අඩු ගානේ කට වහගෙන ඉන්නවා..

    ReplyDelete
  3. පව් මුන්ට. ගලේ පැහැරුවට අන්තයි.

    ReplyDelete
  4. 2017 වෙන්න ඕන නැහැ දැනටම තියෙන්නේ රාජාණ්ඩුවක් තමයි.ඔටුන්න, සිංහාසනය ප්‍රසිද්දියේ නොපෙන්වන එක විතරයි අඩුවට ඇත්තේ.

    ReplyDelete