Monday, April 1, 2013

සුචරිත ගම්ලත් නැවත මැරීම




අප යුගයේ සිටි විශිෂ්ටතම බුද්ධිමතුන් කිහිප දෙනා අතර ප්‍රමුඛයෙකු වශයෙන් හැඳින්විය හැකි , කීර්තිමත් භාෂා විශාරදයෙකු, විචාරකයෙකු හා මාක්ස්වාදියෙකු වන මහාචාර්ය සුචරිත ගම්ලත් මිය ගොසිනි.

 අප ඔහු ගැන ගුණ ගායනා නොකරමු.අප එයට සුදුස්සන් නොවේ.

අනික මේ වන විට බොහෝ දෙනෙකුන් එය කරමින් සිටිති. සමහරුන් අවංකවමත් තවත් සමහරුන් තමන් ද  ඔහු මෙන් බුද්ධිමතෙකැයි පෙන්වීමට " ගම්ලතුයි මමයි, අපි ඒ කාලයේ " පන්නයේ ලිපිත් ලියනු ඇත.

මේ ආකාරයේ ලිපියක් කාලයක් තිස්සේ අතුරුදහන්ව සිට නැවත කරලියට පැමිණ සිටින  පරණවිතාන නැමත්තෙක් තම බ්ලොගයේ පල කර තිබේ.

තනතුරු හා දේශපාලන බලය වෙනුවෙන් කිසි හිරිකිතයක් නැතිව පාලකයින්ට කඩේ යන ඔහු මේ ලිපියෙන් පෙනී සිටීමට උත්සාහ කරන්නේ තමන් ගම්ලතුන්ගේ අතිජාත මිත්‍රයෙක්ව සිටි බවයි.

ගම්ලත් මහදුරුගේ ලිපි සිළුමිනේ පල වුනේ ඔහු නිසාලු. වෙනකක් තබා සුචරිත ගම්ලත් , ඔහුගේ සුප්‍රසිද්ධ ශබ්ද කෝෂය මුද්‍රණය කිරීමට ක්‍රමයක් නැතිව තමා ලඟට ආ බවත් එවිට තමා මැදිහත් වී එයට මග පාදා දුන් බවත් ඔහු කියයි.

තම ‍රැකියාව අහිමි කර සිටිද්දි පවා එය නැවත ලබා ගැනීමට දේශපාලකයින් පස්සේ නොයා ඉංග්‍රීසි ටියුෂන් දෙමින් දිවි ගැට ගසා ගත් සුචරිත ගම්ලත් මහාචාර්යවරයා තම පොතක් මුද්‍රණය කර ගැනීමට පරණවිතාන වැනි දේශපාලන ඇම්බැට්ටයෙක් පසුපස ගියේ නැත.

අනික ඔහුට තම පොත් මුද්‍රණය කර පල කරවා ගැනීමට කිසි අපහසුවක් තිබුණේත් නැත. ඔහුගේ පොත් පල කරන්නට ඕනෑ තරම් ප්‍රකාශකයෝ සිටියහ.

 පරණවිතාන මහතානනි.

 මියගිය ශ්‍රේෂ්ඨ මිනිසුන්ට අපහාස කිරීම සදාචාරාත්මක දෙයක් නොවේ.









19 comments:

  1. ඔය පරණේ කියා ඇති කතාවට සමාන කතාවක් මම ඔහු ඉරුදිනට ළියු ළිපියක් තිබුනාත් යන්තමට වගේ මතකයි. කෙසේ වෙතත් මෙම විවේචනය, කොමෙන්ටුවක් ලෙස එතන පල කළේ නම් වඩා වටිනවා නේද..?

    ReplyDelete
  2. මේ මා, මා නිසා, මම කීවා, මම කළා යන වදන් මමත්වය උදේසා වර්ධනය කරගන්නා දේශපාලන පෞරෂයක හෙවත් පුද්ගල ප්‍රතිරූප වර්ධනය කරගැනීමකදී දකිය හැකි කැපී පෙනෙන දෙයක්.

    සුචරිත ගම්ලත් මහතාට පොත් මුද්‍රණය කරගන්න අපහසුවූවා කියන එක මටනම් විහිළුවකි. මාගේ සොයුරෙක් දිනක් ඔහුගේ පොතක් ප්‍රකාශ කිරීම සඳහා මරදානේ ගොඩගේ පොත්හලට ගිය අතර, එම මොහොතේ සිරි සුමන ගොඩගේ මහතා හමුවීමට මහාචාර්යවරයෙක් පැමිණියේ ය. නමුත්, ඔහුට කිසිදු අපහසුවක් නොවන පරිදි සියලු කටයුතු කර දීමට ගොඩගේ සමාගම නම්‍යශීලී විය.

    පරණවිතාන මහතාගේ ලිපියද එතරම් සුදුසු නොවන අයුරින් පද හසුරුවා ඇති බව වැටහෙනවා. එහෙත් මා ගම්ලත් මහතාගැන කීමට මහා ලොකු දැනුමක් ඇත්තෙකු නොවේ. එබැවින් දන්නා සහ තේරුණාවූ අයුරින් සරල එහි අදහසක් ප්‍රකාශ කළා.

    ග්‍රාමීයව හැදුණූ වැඩුණ නමුත් දැනට රජයේ ප්‍රධාන පෙලේ සිටින ඉන්ජිනේරුවෙකුගේ(නම අවශ්‍ය නැත) පියා අභාවයට පත්විය. පියා ජීවත් වුයේ මුල් පදිංචි ගමේම ය. මළ ගෙදර අවසන් කටයුතු දින ගමේ බොහෝ පිරිස්, ඉන්ජිනේරු මහතාගේ හිතවතුන් සහ ප්‍රබූවරු එක්රැස් විය. සියල්ලන්ම සිංහල හොඳින් දනී. ආගමික කටයුතු අවසන් කර, පසුව මරණාධාර සමිතියේ සහ ඉන්ජිනේරු මහතාගේ හිතවතුන් තේරෙන සිංහලෙන් කතා පැවැත්වීය. (සමහරු කතා කළේ ඉන්ජිනේරු මහතා ගැනය) අවසානයේ ස්තුති කතාව මා කියන ඉන්ජිනේරු මහතා කිරීය. කිසිවක් නොතේරුණ ගමේ වැසියල් උඩ බිම බලාගෙන සිටියේය. ඔහුගේ සමහර හිතවතුන්ද පුදුම විය. ඔහු ගමේ වැසියන් වෙනුවෙන් ඉංග්‍රිසියෙන් ස්තුති කථාව කිරීය. මේ ඇයි....?

    ReplyDelete
  3. එකී කතාවට සම්බන්ධවන අන්දමේ ප්‍රකාශයක් ගම්ලත් ඇදුරු තුමා විසින් පුවත්පතකට දී තිබූ සම්මුඛ සාඛච්ඡාවකදී කියා තිබූ බව මා හටද මතකයේ ඇත. නමුත් එය ඔවු විසින් කියා තිබුනේ ඔහුට ආවේණීක බැණ අඩගසනා ස්වරූපයෙන්මය. පරණවිතාන නැමැත්තා කියනා තරම් සුහදශීලීව නම් නොවෙයි.

    ඔබත් මෙවැනි ලිපි ලිවීමේදී තරමක් හෝ කරුණු සොයා බලා ලියනවා නම් වඩා යහපත්ය. නැතහොත් අදාල පෝස්ටුවෙහිම එකී කරුණ සදහන් කරන්නට වග බලා ගන්න.

    ReplyDelete
  4. අමාවක කරුණු නොදැනයි මේ ලිපිය ලියා ඇත්තේ. අප කාටත් දේශපාලනයක් ඇත. පරණේටද දේශපාලනයක් ඇත. එහෙත් ඉන් ඔබ්බට ගිය දැනුමැති තැනැත්තෙකි පරණේ.. ගම්ලතුන් වැනි වියතුන් රාජ්‍ය මාධ්‍යයන් වියුක්තව සිටි වකවානුවක එතුමෝ යළි එම මාධ්‍ය වෙත ගෙන එන්නට මූලික පිඹුරුපත් සැකසුයේ පරණේ බව මම ඉදුරාම දනිමි. එතුමෝ නැවත වතාවක් ලේක් හවුස් ප්‍රකාශයයටන්ට ලියන්නට කෙරුණු සාකච්ඡාව පැවතියේ ගෝල්ඩන් නගට් අවන් හලේ දීය.එය පැවැත්වුණේ පරනේ ගේ මුලිකත්වයෙනි. එයට රන්ජන් අමරරත්න මම චින්තක රණසිංහ සහභාගී වුවා මතකය.
    සියලු දේශපාලන මත ඉවත දා හුදි පාටක පහන් සංවේගය වෙනුවෙන් එතුමෝ යළි රාජ්‍ය මාධ්‍යයට ලියන්න ගත්තේ එතැනින් පසුවය. ඒ අනුවය එතුමන් හා මහැදුරු කේ එන් ඕ ධර්මදාසයන් අතර සාහිත්‍යමය සංවාදය ගොඩනැගෙන්නේ. පරනේ ඒ සද් කාර්ය කලේ යුගයේ වටිනාම මිනිසකුගේ සේවය පාඨකයාට ලබා දෙන්නට මිස වෙන අරමුනකින් නොවේ. කිසිදිනක පරණේ ගම්ලත් සූරින්ට අගෞරව නොකරනු ඇත. ඒ තරමට එතුමන් ගැන පරනේ තුළ වුයේ අපරිමිත ගෞරවයකි.

    ReplyDelete
  5. සුචරිත ගම්ලත් සුරින් වසර 27ක් පුරා වෙහෙසී සකස් කළ සිංහල ඉංග්‍රරිසි ඩික්ෂනරිය සදහා නිසි වටිනාකමක් ගෙවන්නට ප්‍රකාශකයෙක් නොවු බව අමාවක නොදන්න හැඩයි. අවසක එය උපුල්ශාන්ත සන්නස්ගලයන් තමා නිසි වටිනකමක් දී මුද්‍රණය කළේ. එම පොත එතුමන් සැලකුවෙ කම දිවියේ අග්‍රඵලය ලෙසයි. එය සාධාරණ කර්තෘ භාගයකට යටත්ව මුද්‍රණය කරගන්නට තැනක් නොමැතිය එතුමො මහත් ච්ත්ත පීඩාවෙන් සිටි බවත් ඔබ නොදන්නා හැඩයි.

    ReplyDelete
  6. අමාවකට වෙච්ච දේ.
    කුහක කමට අහුවෙන හැම එකක් ගැනම ලියන්න යනවට හොඳ වැඩේ. නොදන්න රෙද්දවල් ගැන මිට පස්සෙවත් නොලියා හිටහං.

    ReplyDelete
  7. පරණයා ගැන මම හොඳින් දනිමි. ඔහු ගම්ලත් ගැන ලිව්වේ තම දේශපාලන ව්‍යාපෘතියට ලකුණු දමා ගැනීමට මිස අන් කිසිවකට නොවේ. ඔහු ගම්ලතුන් සිළුමිණට සම්බන්ධ කලා නම් එයටත් හේතුව එම කරුණමැයි.

    @ ano 9.47 ඔබ ඔය කියන පුවත්පත් ලිපිය පෙන්වන්නේ නම් මැනවි.
    \
    @ano 10.12 මම පෝස්ට් ලියන්නේ ඡන්ද බලාගෙන නොවේ, name dropping වලටත් නොවේ.

    ReplyDelete
  8. විශිෂ්ටයෙකු වූ ගම්ලත් අශිෂ්ටයන්ගේ දේශයෙන් නික්ම ගොස් ය. ජාතිවාදී වැඩිහිටි බබ්බුන් විසින් මේ රට විනාශයට ඇදගෙන යද්දී, ඊට එරෙහිව තනි අලියෙකු මෙන් සටන් කළ, සැබෑ වැඩිහිටියෙක් නික්ම ගොස් ය. ඒ වර්ගයේ, ගජමුතු දැරූ (අවසන්?) හස්ති රාජයා ද කැලය හැර ගිය පසු දැන් ඉතිරිව හිඳින්නෝ කවුරුන්ද?

    ප්‍රාඥ නාමධාරී අතුණුබහන් බුදින හයිනාවුන් ය.
    රුධිර පිපාසිත ප්‍රභූ වේශධාරී ගිජුලිහිණීන් ය.
    රජ පා ධූලි සිඹින නපුංසක මහැදුරු කැස්වටුවන් ය.
    එක් රුහිරු සැණකෙළියකින් තවකෙකට මාරු වන ඇසිල්ලේ රාම තෙල් අරිමින් ඉසිඹුලන ජුගුප්සාජනක සිංහයෝ ය.
    ''අනේ අපි නං ඕවට නෑ'' වයිපර් ප්‍රතිපත්ති දිවි හිමියෙන් සුරකින අදේශපාලනික බුද්ධිමත් හා පැටවුන් ය.

    ගම්ලත්,
    ඔබ නුවණින් පෙර දුටු බොහෝ ජවනිකා, යළි යළිත් රඟ දැක්වෙමින් තිබෙයි. පෙර යම රංගය ඔබ දුටුවෙහි ය. පසු යම රංගය ඉදිරියට ය. ඒ නොදකින්නට ඔබ භාග්‍යවන්ත වූයෙහි ය...!

    භාග්‍යවන්තයාණෙනි,
    ඔබට සුභ රාත්‍රියක්...!

    { Boondi Dot Lk : බූන්දි

    ReplyDelete
  9. මට නං හිතෙන්නේ නෑ ඒ ලිපියේ රචකයා බොරුවක් ලියා ඇතිය කියා. ඔය සිදුවීම් වෙන්න ඇති. ශබ්දකෝෂය සම්පාදනය කර හමාර වූ පසු එය ප්‍රකාශනය කරවා ගන්න සුචරිත ගම්ලත් ඕනෑම කොන්දේසියකට එකඟවෙන්න අකමැති වු බව ඒ ලිපියෙනුත් තේරෙනවා.

    ReplyDelete
  10. පේන විදිහට , ඔබතුමා මෙතනදි පටලවාගෙන වගෙයි

    ReplyDelete
  11. සමහර විට යම් සිදු වීමක් වෙන්න ඇති. එහෙත් ඒවාත් මේ ලිපිය වගේම ඔහුගේ දේශපාලන ව්‍යපෘතියේ කොටස් මිස අන් කිසිවක් නොවේ.

    ReplyDelete
  12. ‘ඒ ඔක්කොමත් හරි කියමුකො. මේ යකා දොස්තර කෙනෙක් වුනාට පස්සෙ මාව බලන්න ආව. නමුත් මිනිහගෙ දේශපාලන අදහස් සම්පූර්ණයෙන් ම වෙනස් වුනා. මිනිහ ප‍්‍රයිවට් චැනලින් පටන්ගත්ත. කොටින් ම කියනවනම් මිනිහ දැන් අන්ත ජාතිවාදියෙක් වෙලා. මේ රටේ තියෙන අන්ත ජාතිවාදි දේශපාලන ව්‍යාපාරයක් එක්ක තමයි දැන් මිනිහ ගනුදෙනු කරන්නෙ. ඒ නිසා දවසක් මම මිනිහට මෙහේ ආපු වෙලාවක කිව්ව. ‘මීට පස්සෙ තමුසෙ කැමතිනම් මාව බලන්න එනව. හැබැයි කිසිම දෙයක් ගේන්න එපා. මොකද මම කැමති නැහැ මගේ ආත්මය විනාස කරගන්න’ කියල. අදටත් මිනිහ මට කතා කරනව. එනව යනව. නමුත් මම මගේ ප‍්‍රතිපත්තිය වෙනසක් කරෙත් නැ. මිනිහ වෙනස්වෙලත් නෑ.’’

    -සුචරිත ගම්ලත්-
    (ජයසිරි අලවත්ත)

    ReplyDelete
  13. 1992 හෝ 93 දී පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කලාගාරයේ තිබුනු ‍රැස්වීමකදී -මතක හැටියට කලාගාරයේ සේවය කල මෙන්ඩිස් අයියා නම් සේවකයෙකුට උපහාර ‍රැස්වීමකදී- ඔහු මහාචාර්ය කේ,එන්,ඕ ධර්මදාස ඉදිරියේම ඔහුව පතුරු ගැහු හැටි තාම මතකය.

    එසේම එම ‍රැස්වීම අවසානයේ පෙන්වූ පතිරාජගේ බඹරු ඇවිත් චිත්‍රපටය ගැන මාක්ස්වාදි පදනම මත හිඳිමින් අපූරු විචාරයක්ද කලේය.

    ReplyDelete
  14. මම මෙම ලිපියට අදාල පරණවිතානගේ ලිපිය කියවූ නමුත් ඔබ කියු අන්දමේ හැඟීමක් දැනුනේ නැත. එසේම ඔබ මෙම ලිපිය යම්කිසි දේවේෂ සහගත හැඟීමකින් ලියා ඇති බවද කණගාටුවෙන් වුව කිව යුතුය [කණගාටු දැනුනේ මා ඔබව මීට වඩා ඉහළින් තබා තිබු නිසා].

    ReplyDelete
  15. තව දෙයක්; මම දන්න විදිහට ඔය ශබ්ද කෝෂය ප්‍රකාශයට පත් කළේ ටියුශන් ගුරු සන්නස්ගල.

    ඕකෙන් පොරට සෑහෙන්න පාඩු වුනා ඒ වුනාට ඒ ගැන සතුටු වෙනවා කියලා පොර, පොර ටෝක්ස් දෙනවා මන් අහගෙන.

    ReplyDelete
    Replies
    1. පොරටෝක් කතාව නොකියා ඒ ගැන මා ඉහළින් කියා තිබෙනවා මාලන්.

      Delete
  16. kohomath kalamadiriya poddak
    tharahen liyanne kiyala one kenekta danenawa...

    ReplyDelete