Tuesday, April 9, 2013

අගමැතිද අකැමතිද?



ජනාධිපති තුමා ගමනක් යනකොට   උද්ඝෝෂණයක් දෑක්කේය. එතුමා වහාම වාහනයෙන් බැස ඒ ගැන විමසුවේය. ඒ එතුමාගේ හැටිය. මෙන්න ඒ ගැන දිවයින වාර්තාව.



හැබැයි එතුමා මෛත්‍රීපාල ඇමතිතුමාගේ කතාව විස්වාස කලේ නැත. ඒ ගැන තවදුරටත් සොයා බැලුවේය. ඊට පස්සේ තීරණයක් ගත්තේය. පහතින් තියෙන්නේ ඒ ගැන දිවයින වාර්තාවයි. මේ වාර්තා දෙකම තිබුනේ එකම ලිපියේය. හැබැයි තැන් දෙකකය.



දැන් මේ වාර්තාව නොහොත් වාර්තා දෙක කියෙව්වාම අපිට පහත සඳහන් නිගමන වලට එලඹෙන්න හැකිය.

1. වැඩේ ඉක්මනින් විසඳනවා යැයි  මෛත්‍රීපාල ඇමතිතුමා කියපු දේවල් ජනාධිපතිතුමා ශත පහකට ගණන් ගෙන නැති අතර ඒ ගැන වැඩි දුර හොයා තිබේ.

2.ඊටපසු ඒ වැඩේ හරියට  කරන්න භාර දුන්නේ මෛත්‍රීපාල ඇමතිතුමාට නොව ශාන් මහ ඇමතිතුමාටය.

3. එහෙම විතරක් නොව ඒ ගැන පබ්ලිසිටි එකක් දෙන්නට වෙල්ගම කට්ටියට  භාර දුන්නේය.

4. වෙල්ගම කට්ටියත් ඒ වැඩේ ලෙසට කරලා තිබේය.

5. මෛත්‍රීපාල ඇමතිතුමා පැන්ෂන් යන කාලේ හරිය.

4 comments:

  1. //5. මෛත්‍රීපාල ඇමතිතුමා පැන්ෂන් යන කාලේ හරිය.//

    නැහැ ඔප්ශන් දෙකක් තියනවා

    1) ගිනි සිලුව පත්තු කිරීම
    2) චබක්කුව තල්ලු කිරීම

    ReplyDelete
    Replies
    1. චබක්කුව තල්ලු කිරීම//
      :D

      Delete
    2. එහෙම එනවනම් මෙයාම හොඳා...

      Delete
  2. ඒ බව වැටහෙනවා....

    ReplyDelete