Friday, November 21, 2014

මෛත්‍රී කිරීම හා මෛත්‍රීගේ කිරීම


මෛත්‍රීපාල ඇමති තුමා පොදු අපේක්ෂකයා වීමත්  සමග බොහෝ දෙනෙකුගේ රක පුත් වී තිබේ. මේ නම් ඔවුන් හීනෙන්වත් නොහිතූ දෙයකි. බුද්ධි අංශ බුදියා ගෙන සිටියා දැයි හිතේ.විමල් වීර වංශ බුහ් බුහ් ගානවා මිස කියන දෙයක් ඇහෙන්නේත් නැති ගානය. අනිත් අය මීක් නැත. ඒ නිසා මහින්ද තුමාට ම එලියට ඇවිත් මම විසි අට පාරක් දින්නා, විසිනම වැනි පාරත් දිනනවා යැයි කියන්නට වී තිබේ. 

  මෛත්‍රීපාල ආවා කියා මේ මජර ක්‍රමය වෙනස් කරනවා යැයි හිතිය නොහැක.  ඔහුද මේ තරම් කාලයක් එහිම එල්ලී ගෙන රටේ සාරය උරා බිව් කෙනෙකි. එහෙත් මේ මොහොතේ රටක් වශයෙන් අප හුස්ම ඩිංගක් ගත යුතුව තිබෙන නිසා,ගිනි පොලියට ණය අරගෙන ඒ මුදලින් බජව් දාන , මඩිය තර කරගන්නා පවුල් පාලනයේ ගමනට තිරිංග දැමිය යුතු නිසා හා ඊට  වෙන ක්‍රමයක් නැති නිසා මෛත්‍රීපාල වුවද  කම්  නැතැයි සිතේ. 

තව බොහෝ අය එන ආරංචි තිබේ. ඒ අතර වික්‍රමනායක ජෝඩුව, රෙජිනෝල්ඩ්, ජනක තෙන්නකෝන් පමණක් නොව හකීම්, දිගම්බරම්, සිටී යැයි කියවේ. සෝදාපාලුව තව දුරටත් ගොස් ගිරි හිම නිපාතයක් මෙන් වෙන්නටද බැරි නැත. 


කෙසේ වුවත් වැදගත්ම දෙය නම් රාජපක්ෂලාට හා වීරවංශලාට හීන් දාඩිය දැමීටමට පටන් ගෙන තිබීමය.  ඒ දකින මට හීනි ආතල් එකක් දැනේ. දැනට ඒත් මදෑ. සෙස්ස පස්සට බැරුවාය.   

8 comments:

  1. නෑ නෑ මෛත්‍රී ස්ථිරවම වැඩේ කරනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.

    ReplyDelete
    Replies
    1. එනකොට කවුරුත් එහෙම තමා. ආවට පස්සේ තමයි නියම පාට පේන්නේ.

      Delete
  2. මේ මදි තව එන්න ඕනා..

    ReplyDelete
  3. සංතෘප්ත වී ඇති පවුලක් එලවන්න අසන්තෘප්ත පවුලක්

    ReplyDelete
  4. ඔබේ අදහසට එකගයි.

    ReplyDelete
  5. අමාවක කියන දේට මමත් එකඟයි.......මේ රටට, පුරවැසියන්ට ලෝකයෙන් තනිනොවී ජීවත්වෙන්න හුස්ම ටිකක් ගන්න ඕන. කස්ටිය ආවට මදි, දැන් වැඩේට බහින්න ඕන.

    ReplyDelete
  6. ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමට වග බලාගන්න ;-)

    ReplyDelete
  7. මම කැමති විදහේ පාලකයෙක් නම් මේ කල්පයටවත් පහළ වෙන එකක් නැහැ.
    කවදා පායත්ද අප පුන් සඳානෝ
    පරහිත පිණිස දළ දන්දෙන ඇතානෝ
    මුසි බසින් අප නොපෙළෙන රජනෝ

    ReplyDelete