Friday, December 12, 2014

රජනි කාන්ත්ලා ගේ කෝවිල් වන්දනාව


බුරුසු උඩු ‍රැවුලක් ඇති වීරයා තම අත් ඔර්ලෝසුව දෙස සුභ  නැකත එනතෙක් බලා සිට නිවසින් එලියට බසියි. එවිට ඔහුගේ බිරිය සුභ ලකුණක් වන්නට වතුර වීදුරුවක් ‍රැගෙන ලතාවකට එයි. ඉන් ඉක්බිති  ඔහුගේ දෛවඥයා බුලත් අතක්   ‍රැගෙන ඔහු ඉදිරියට පැමිණ දේව කන්නලව්වක් කර හතර ගාතෙන්  වැඳ වැටේ.

ඉනික්බිති ඡන්දයට නාම යෝජනා දෙන වීරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්  බිලී බා ගැනීමට හැකි වීම ගැන ප්‍රසිද්ධියේ උදම් අනයි. ඒ අතර තම අතේ නිතරම තබා ගෙන සිටින ජීවම් කරන ලද මැජික් බෝලයක් ජනතාවට පෙන්වන්නේ ඔවුන් එහි බලයෙන් වශී කරගන්නටය.

තම අතේ තවරාගෙන සිටින ජීවම් කළ තෙල් විරුද්ධ පක්ෂ අපේක්ෂකයාගේ තවරන්නට ඒ අතර උත්සහ කරයි. එම පුද්ගලයාද බිය වී අතට අත නොදී වැඳ ආචාර කරයි.

අනතුරුව වීරයා ප්‍රසිද්ධ දේවාලයකට ගොස් දෙවියන්ට කන්නලව් කරමින් වැඳ වැටී  තමන් ඡන්දයෙන් දිනවා දෙන මෙන් යදියි.

ඔබ මේ කියෙව්වේ රජනි කාන්ත් රඟපාන දකුණු ඉන්දියානු චිත්‍රපටියක ජවනිකාවක් නොව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමා නාම යෝජනා දෙන්නට ආ සැටි හා ඉන්පසු කල කී දේවල්ය.

මෙසේ අසීමාන්තික ලෙස මිථ්‍යා මතවල ගැලී එල්බී ගිලෙමින් සිටින ,ඇසට ඇසක් දතට දතක් න්‍යායෙන් කටයුතු කරන නායකයින් සිටින මෙවන් රටකට,එහි ජනතාවට, අබසරණ මිස අන් කිසි සරණක් ඇත්තේම නැත්ද??


10 comments:

  1. රටේ බහුතරයක් මිනිස්සු කරන්නෙත් ඔය ටිකමනෙ ඕයි....

    ReplyDelete
    Replies
    1. රටේ මහා එකා පිස්සු කෙලින කොට අනෙක් එවුන් ඒවා කරන එක පුදුමයක්ද ඕයි.:D

      Delete
    2. manoj ammata hukalane nomination denna giye. eka liyanna manoj pakayata amathaka wela.

      Delete
  2. සැබෑ ජනතා නියෝජිතයෙක්, ජනතා පුත්‍රයෙක්!
    රටට ගැලපෙන රජෙක්.

    ReplyDelete
  3. මේ තරම් මිත්‍යා මත එක මිනිහෙකුට විශ්වාස කරන්න පුළුවන්ද කියලත් සැකයි.බටහිර විද්‍යාව බොරුකියල කියන ඊනියා විද්වතුන් මිස සැබෑ විද්වතුන් නොසිටීමේ අඩුව තමයි.මට නම් මේව කියවනකොට හයියෙන් හිනා යනව

    ReplyDelete
  4. මේ බෞද්ධ නායකයොද? මේ වගේ ගූ බයගුල්ලෙක්ද අපේ රටේ නායකය උනේ. මේ වගේ ගූ බයගුල්ලෙක්ද අපේ රටේ නායකය වෙන්නෙ?

    ReplyDelete
  5. තිරුපති වල ඉන්න වුන්ටත් ජන්ද අයිතිය තියෙනවාදන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. umbe ammagen ahapanko. undata hukana welawaka mahinda gen ahala thota kiyayi wesa ballo.

      Delete
  6. අමාවක ඒළිය වැටෙන්නට ම නෙලා අැත......................

    ReplyDelete