Monday, December 29, 2014

මගේ ඡන්දය මහින්දට නොහොත් මේ දෑස මක්කටැයි ජැකලයින් නොදු‍ටු


මේ සැරේ ජනාධිපතිවරණේදී කාට චන්දේ දෙන්දෝ  කියලා අහස පොලව ගැට ගැහෙන කම් කල්පනා කොරත් උත්තරයක් ඔලුවට ආවෙම නෑ. 

තරඟේ ඒ තරම් නැගලා යනවා.

මහින්ද මාමී යුද්දේ කලා, පාරවල් හැදුවා ,එයාර්පෝර්ට් හැදුවා( ප්ලේන් නාවාට මොකෝ) , වරායවල් හැදුවා( නැව් නම් නෑ තමා) .

එතකොට මෛත්‍රී මාමා යහ පාලනේ ගේනවා, ඒකාධිපතියෝ එලවනවා, දූෂණේ නැති කොරනවා

මං කියන්නේ කොහොමද මං වගේ හුදී ජනයෙක් මේ දෙන්නා ගෙන් කෙනෙක් ‍තෝරා ගන්නේ.

ඕන්න ඔය වෙලාවේ තමා හුට්ටප්පරේ සිද්ද වුනේ.

අපේ මහින්ද මාමට සපෝර්ට් එක දෙන්නේ ලංකාවෙන් විතරක් නෙවේ කියලා ආරංචි වුනේ.

එයාගේ චන්ද කෙරුවාවට සපෝර්ට් එක දෙන්න ඉන්දියාවෙනුත් ඇවිල්ලා

සල්මන් කානුයි ජැකලයින් කෙනඩියි... වැරදුනා ජැකලයින් ෆර්ඩිනන්ඩ්ස්

ආයේ තවත් මොනවද

ජැකලයින් ෆර්ඩිනන්ඩ්ස් මේ ඇස් දෙකට පණ පිටින් දකින්ඩ සලස්සපු පුණ්‍ය කර්මේම මදිද මහින්ද මාමට චන්දේ දෙන්න



වේලක් ඇර වේලක් කෑවත් මදිද මේ වගේ පිං කඳක් මේ ඇස් දෙකින් දැක්කට පස්සේ.

ඔන්න මම නම් මහින්ද මාමට 

සටහන- සල්මල් කාන් / ජැකල්යින් ෆර්ඩිනන්ඩ්ස් ලංකාවට ඇවිත් මහින්ද මාමට සපෝර්ට් එක දෙන්ඩ  ලක්ෂ පන්සීයක් ගත්තාලු. ඉතින්  මොකද? ලංකාවේම ඉන්න අත්තන ඇට නායකලා ත් ඉතින් නිකම්ම  ආවය මහින්ද මාමිට සපෝර්ට් එක දෙන්ඩ

(photo from Lankadeepa)


6 comments:

  1. අනේද කියන්නේ.
    ------
    මමනම් ඡන්දේ දෙනවා ජැකී රාජපක්ෂ ඡන්දේ ඉල්ලුවොත්.
    සමන්මලී අක්කිත් ළඟ ඉන්නවා නම් තමයි වටිනාකම

    ReplyDelete
  2. දැන් ඔය උඩින්ම තියන චායාරූපයේ ඉඳගෙන ඉන්න පිරිමි තුන් දෙනා ගෙන්, සලොමොන් කාන් කවුද කියල ලියුවා නම් නේද හොඳ?

    ReplyDelete
  3. දැන් මහින්දගේ රැස්වීම් වලට බස් දාලත් සෙනග ගෙන්න ගන්න බැරි වෙලා තියෙන්නේ , එම නිසා ජැකී, අබ්දුල් සලීම් සල්මාන් කාන් වගේ අයව ගෙන්වලා බලනවා , ජනවාරි වෙනකොට ඒකත් හරි ගියේ නැතිනම් , මහින්ද ගේ සුවාසිලන්ත යහළුවාට කියලා එහෙන් Reed Dancers ලා ගෙන්වන්නයි ඉන්නේ .

    ReplyDelete
  4. //අබ්දුල් සලීම් සල්මාන් කාන්//
    පවු බන් නානසාර.....

    ReplyDelete
  5. Meda inne illan kaan.

    ReplyDelete