Friday, January 23, 2015

ඉබ්බන්ගෙන් පිහා‍ටු ගත නොහැකිය

 
ටෙලිකොම් සමාගමේ සභාපති ධූරයට ජනාධිපතිවරයාගේ බාල සොහොයුරු කුමාරසිංහ සිරිසේන මහතා පත් කර ඇතැයි වාර්තා වේ.

මේ ක්‍රියාව සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් කෙරුණු කුමාරසිංහ මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් ලැයිස්තුවක්ද අන්තර්ජාලයේ මේ දිනවල සැරිසරයි.

අධ්‍යාපනික සුදුසුකම් වලින් වැඩක් නැත. මේ තනතුර ඊටත් වඩා අධ්‍යාපනික සුදුසුකම් හා පලපුරුද්ද ඇති තව බොහෝ දෙනෙකුන් පෙන්වා දීමට කලාමැදිරියාට හැකිය. මොන සුදුසුකම් තිබුණත් ජනාධිපතිගේ මල්ලි වීම ඔහුගේ ලොකුම සුදුසුකම බව පෙනේ.

මේ පත් කිරීමෙන් අමාරුවේ වැ‍ටුණේ දේශපාලන වාද විවාද වලට එන මෛත්‍රී පාක්ෂිකයන් හා ගමේ ගොඩේ සිටි ඔහුගේ ආධාරකරුවන්ය. මේකද යහපාලනේ යැයි ඇසූ විට මුක පූට්‍ටු වන්නේ ඔවුන්ගේය.

අඩුවකට ඇත්තේ ඩඩ්ලි සිරිසේන ආරක්ෂක ලේකම් කමට පත් කර වැලිවේරියේ මස්සිනා ඇමෙරිකාවේ තානාපති කමට යැවීම පමණි.එයත් කළ විට යහපාලනය සර්වසම්පූර්ණ වේ.

ඉබ්බන්ගෙන් පිහා‍ටු ගත නොහැකි  බව නැවත වතාවක් ඔප්පු වෙමින් තිබේද?


7 comments:

  1. ඇයි අවුල්ද?

    ReplyDelete
  2. කොහොමත් එහෙම තමා.

    ReplyDelete
  3. අට පාස් උන් ඇමතිකම් කරපු රටේ , එහෙම කරපු උන්ටම 5,700,000 ක් චන්දෙ දුන් හරක් ඉන්න රටේ ඕව මොනවාද ?

    ReplyDelete
  4. බුහ් හහ් හා...............
    විය යුතු දේ ඒ ආකාරයෙන්ම සිදුවෙනව...
    සුදුස්සාට සුදුසු තැන නෙවී
    නුසුදුස්සාට නසුදුසු තැන කියල වෙනස් වෙමින් ඒනෙ දැං

    ReplyDelete
  5. ඇත්ත,මහින්දව ගෙදර යවලා අපි එතනට මෛත්‍රීව ගෙනාවේ මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් නෙමේයි.මහින්දගේ පවුල් පාලනය උදෙසා ගොඩ නැංවූ විරෝධය මෛත්‍රීගේ පවුල් පාලනය ඉදිරියේද ගොඩ නැංවිය යුතුයි.

    ReplyDelete
  6. මම නම් පවුල් පාලනයකට එච්චරම වරුද්ධ නෑ.විශේෂයෙන් මහින්ද මහත්තයාගේ.මොකද ඔහු දේශපාලනිකව තමා ලං කරගෙන හිටියේ.ඒත් දැන් මට පේන්නේ සෘජුවම හම්බ කරගන්න තමා මේ හදන්නේ තියලා.තව ටික දවසකින් මේ රටේ මිනිස්සු අපොයි කියලා ඔලුවේ අත තියාගන්නව සිකුරුයි.එතකොට අපි පරක්කුයි.

    ReplyDelete
  7. ඔබ මෛත්‍රි පාලනය ගැන බොහෝ බලාපොරොත්තු තබා ඇති බව පෙනේ.මෙම වෙනස සුවිශේෂී හැරවුම් ලක්ෂයක් පමණි.

    ReplyDelete