Sunday, February 1, 2015

කුමාර මහත්තයාට අත නොතබනු



පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ නොනිල නායක හා මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයාට එරෙහිව කරමින් පවතින දේශපාලන හිරිහැර අපි තරයේ හෙලා දකිමු. 

ඔහු මේ රටේ පුරවැසියෙකි. ඔහු රටින් පලා යාමට සිදු වූයේ  රාජපක්ෂ රෙජිමයේ  හිංසාවන් නිසාය. දැන් රෙජිමය පරාජය කර යහ පාලනයක් ගොඩ නගා තිබේ. එහි නායකයින් , රෙජිමයේ පලි ගැනීම් නිසා විදේශ ගත වී සිටින සියල්ලන්ට නැවත මව් බිමට පැමිණීමට ආරාධනා කර තිබේ. 

එහෙත් ලංකාවට පැමිණ දේශපාලනය කිරීමට සැරසෙන කුමාර් ගුණරත්නම්ට මෙම යහපාලනය අදාල නොවන බවක් පෙනේ. දිගින් දිගටම ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා හිංසා කරමින් ඔහුව ආපසු යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වේ. මෙය නම් දේශපාලන පලි ගැනීමක් මිස අන් කිසිවක් නොවේ. 

ඒඔහු නැවත ලංකාවට පැමිණ තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට උදව් කලේ පැවති ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉ‍ටු කිරීමට යැයි වන උපකල්පනයේ පිහිටා සිටය.ඔවුන්ගේ එම ක්‍රියාවෙන් විපක්ෂ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට පාඩුවක් විය හැකි බවත්, රාජපක්ෂට වාසි වූ බවත් ආණ්ඩු වේ ආධාරකරුවන්  නගන චෝදනාවයි. එය එසේම වූවා කියා උපකල්පනය කලත් කුමාර් ගුණරත්නම්ගෙන් පලි ගැනීම ගැලපෙන්නේ යහපාලනයේ කුමන කොටස සමගදැයි අපට තේරුම් ගත නොහැක.

1989 පරාජයෙන් පසුව ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසි 1994 දී ඔවුන්ටද මෙවැනි  චෝදනාවකට ලක් වීමට සිදු විය. ඒ එවකට පැවති එජාප රජයේ කොන්ත්‍රාත්තුවක් ඉ‍ටු කරමින් විපක්ෂ සංධානය පරාජය කිරීමට එජාපයට උදව් කරන බවයි. අද ජවිපෙ එම චෝදනාවම තමන්ගෙන් කැඩී ගිය පෙසපෙට කිරීම  මොන තරම් සදාචාරත්මක දැයි ඔවුන් සිතන බවක් නොපෙනේ. කෙසේ වුවත් ඔවුන් කුමාර් ලංකාවේ සිටීම ගැන නම් කැමති නැති බව පැහැදිලිවම පෙනේ. ජවිපෙ නායකයින් ලංකා ඊ නිව්ස් වැනි ආයතන හරහා දිගින් දිගටම , කුමාර් පි‍ටුවහල් කරනුයි හඬ නගනුයේත්, නව රජය තුල තමන්ට ඇති සම්බන්ධතා භාවිතා කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඔහුට හිරිහැර කරවන්නේත් එබැවිනි.

එම නිසා  කෙනෙක් දරන දේශපාලනය මතය කුමක් වුවත් ඔහුට හෝ ඇයට ඒ මතය දැරීමට ඇති අයිතිය ට පහර නොගසන මෙන්  අපි තරයේ ඉල්ලා සිටිමු. 


එම අයිතිය තිබිය යුත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ, රවී කරුණානයක හෝ අනුර කුමාර දිසානායකට පමක් නොවේ. එය කුමාර් ගුණරත්නම්ට , සිරිතුංග ජයසූරියට , විජේ ඩයස්ට හෝ පානි විජේසුන්දරට ද එක සේ තිබිය යුතුය. යහපාලනය යනු එයයි.

11 comments:

  1. පුකේ ලයිට් කලාමැදිරියා කියනවා නම් අත නොතියා ඉන්නම්කෝ

    ReplyDelete
  2. රෙජිම් චේන්ජ් එක හරියට වෙලා නෑ.වෙනදා වගෙම නායකයෙක් පත් වුනා.පරණ ක්‍රමයටම යනවා.

    ReplyDelete
  3. https://www.facebook.com/search/100003218426297/photos-of?ref=photo_pivot_sl

    ReplyDelete
  4. කුමාර් ගුණරත්නම් කියන්නෙ ද්විත්ව පුරවැසියෙක් නෙමෙයි නේද? ඉතින් සංචාරක වීස මත ඇවිත් දේශපාලනය කරන්න දීම තාක්ෂනිකව වැරැද්දක්නෙ. ඒ නිසා මනුස්සයට කියන්න මුලින් ලක්ෂ 5 ගෙවල පුරවැසි බව ගන්න කියල. එතකොට හරිනෙ!

    ReplyDelete
  5. ජවිපෙ නායකයින් ලංකා ඊ නිව්ස් වැනි ආයතන හරහා දිගින් දිගටම , කුමාර් පි‍ටුවහල් කරනුයි හඬ නගනුයේත්, නව රජය තුල තමන්ට ඇති සම්බන්ධතා භාවිතා කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඔහුට හිරිහැර කරවන්නේත් එබැවිනි.

    sure da?

    ReplyDelete
  6. සම්පූර්ණ ඇත්ත. යහපාලනය ගජමිතුරු යහපාලනයක් නොවිය යුතුයි.

    ReplyDelete
  7. කුමාර් ඇයි තමන්ව පැහැරගෙන ගිය කට්ටියට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න කියල ඉල්ලන්නේ නැත්තේ කියන එක මට ප්‍රශ්නයක්. ඒ ඇරෙන්න ඔහුට බොරුවට නිතිය ක්‍රියාත්මක කරනන් කියල හිංසා කිරීමට මාත් විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්ණයක්.

      ඒ සමගම අප මතක් කරගත් කාරණයක් තමයි, ඔහු පැහැරගැනීමෙන් නිදහස් වූ පසු, පොලීසියට පැමිණ ඒ ගැන පැමිණිළි කළ බව.

      ඒ ගැන පරී්ණයක් පැවැත්වුණා යැයි හිතන්ට අමාරුයි. ඔහු ආපසු පැමිණීමේ කොන්දේසියක් ලෙස, ඒ කළ පැමිණිල්ල අස් කර ගත්තාද දන්නේ නෑ. ඒත්, ඉඩම් ආරවුලක් වගේ, පැහැරගැනීමක් වැනි දෙයක් අස්කර ගන්න බෑ කියායි මට හිතෙන්නේ.

      Delete
  8. මේ දේවල් තාමත් පෙර විදියට වර්තා වෙන කොට හිතෙනවා තාමත් තියෙන්නේ මහින්දගේ ආණ්ඩුවමද කියලාත්.

    ReplyDelete
  9. කුමාර් ගුණරත්නම්ව චන්දයට පෙර ගෙන්වා ගන්න සජින් වාස් ඔසී $ ලක්ශ 5 දුන්නා. දැන් මිනිහා ගොඩ ඕවා බොරු ශෝ

    ReplyDelete