Monday, February 2, 2015

නිවාස පරික්ෂාවේ වේදනාව



 1931 සිට දේශපාලනය කරන තම පවුලේ නිවස කිසි දිනෙක පරික්ෂා කර නැති බවත් මෙවර ජනාධිපතිවරණයෙන් පසු මුල් වරට පොලිසීය එය පරික්ෂා කල බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බොහෝම හිත් වේදනාවෙන් තැන් තැන් වලදී කියමින් සිටියි

ඔහුගේ නිවාසය පරික්ෂා කිරීම ගැන හිත බොහෝ සේ රිදී තිබේ. ඔහුගේ පමණක් නොව ඔහුගේ අන්ධ භක්තික අනුගාමිකයන්ගේද හිත් තැලී  ද ඒ ගැන මුහුණු පොතේ කඳුලු වගුරවති.. 

තමන්ගේ නිවෙස පරික්ෂාවට ලක් කිරීම ගැන අඬන රාජපක්ෂලාට  පසු ගිය කාලය තුල ඔවුන්ගේ ඊනියා නගර සංවර්ධන වැඩ සටහන් වලට ඉඩම් අයිති කරගැනීමට කියමින් තමන් පරම්පරා ගණනක් විසු නිවෙස් වලින් එලියට ඇද දැමූ දහස් ගණනක් දෙනා ගේ වේදනාව තේරුණේ නැත. එකල ඔවුන් සිතුවේ එම ඉඩම් තම චීන හාම්පුතුන්ට විකුණා ලැබෙන කොමිස් මුදල් ගැන පමණි.

එසේම ඔවුන් උතුර නැගෙනහිර දෙමල ජනයාගේ නිවාස මතට බැරල් බෝම්බ ,මල්ටි බැරල් හා ෂෙල් ප්‍රහාර එල්ල කර නිවැසියනුත් සමග ඒවා සුණු විසුණු කරද්දී ඔවුන්ට දැනෙන වේදනාව ගැන හිතුවේ නැත.

නැගෙනහිර පලාතේ වෙරලබඩ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන අයිතිකරුවන්ටත් තහනම් කර හෝටල සැදීම සඳහා තම හිතවතුන්ට හා හමුදාවලට පවරද්දී ඒවායේ හිමිකරුවන්ගේ කඳුලු රාජපක්ෂට පෙනුනේ නැත.

උතුරේ නිවාස හා ඉඩම් බලෙන් යටකරගෙන අධි ආරක්ෂිත කලාප පවත්වාගෙන යද්දී එම නිවෙස් වල හිමිකරුවන්ගේ දුක ද රාජපක්ෂට දැනුනේ නැත.

ඉතින් දැන් තමන්ගේ න්වෙස යම්තම් පරික්ෂාවකට ලක් කළ පමණින් හූ තියමින් හො‍ටු පෙරමින් රාජපක්ෂ හඬන විට අපිට නම් දැනෙන්නේ පිලිකුලක් මිස කණගා‍ටුවක් නම් නෙවේ. 

6 comments:

  1. පුකේ ලයිට් පුරුද්දක් විදියට වගේ පෙරහැර ගිහිල්ල සතියකට විතර පස්සේ පොස්ට් එක දාන්නේ මොකද ? මුළු සතියෙම ඔය චේද දෙක තුන ලියනවද ??

    ReplyDelete
  2. ඔයා ගේ භාෂාව ගැන වෙනම කතා කරන්න ඕනෑ. මම කරන්නේ සිදු වීම් ගැන මගේ අදහස කීම මිස නිව්ස් දෙන එක නෙවේ.

    කලාමැදිරියා

    ReplyDelete
  3. 1. කනාමැදිරියා මිස කලා මැදිරියා නිවැරදි නොවේ.

    2. පුක යනු අසභ්‍ය වචනයක් නොවේ.( බොරුනම් රසික මහත්තයාගෙන් අහලා බලන්න)

    ReplyDelete
  4. මහින්ද රාපකෂ ඔය ඔක්කොම කලත් ඔහුට විරුද්දව මැර ක්‍රියා කිරීම සාධාරනයි කියන්න බැහැ

    ReplyDelete
  5. කරන කලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.

    ReplyDelete
  6. සීයලා, තාත්තලා, මහප්පලාට එහෙම නොවී තමන්ට විතරක් වුනේ ඇයි කියලා කල්පනා කරන්න ඕනෑ නේද?

    දිට්ඨ ධම්ම වේදනීය කරුමයක් වෙන්න ඇති.

    ReplyDelete