Tuesday, February 10, 2015

අවසන් පිදුරුගහ


මහින්දගේ පරාජයෙන් පස්සේ ශ්‍රිලනිපයේ බලය මෛත්‍රී අතට ලැබීමත් එක්ක නන්නත්තාර වුනේ චන්දේදී මෛත්‍රීට වැඩියෙන්ම මඩ ගහපු උදවිය. මේ අය අතර ඉස්සරහින්ම ඉන්නේ   විමල් වීරවංශ, වාසුදේව, දිනේශ්,හා ගොම්මන්පිල හතර දෙනා .

මෙයාලට බුදු ෂුවර් එන චන්දේදී  සංධානෙන් නාමයෝජනා නොලැබෙන බව. ඒ විතරක් නොවේ සංධානයක් කියලා එකක් දැන් ඇත්තෙත් නැහැ නේ.

ඉතින් නාකි ඊනියා වාමාංශිකයෝ ටිකයි, මඩ කරියෝ සෙට් එකයි නන්නත්තාරයි. ෂේප් එකේ පාර්ලිමේන්තු ඇවිත් පොර ටෝක් එකක් ඉෂු කරලා , පාර්ලිමේන්තු කැන්ටින් එකෙන්ම බඩ පුරවගෙන ,නහින දෙහින කාලෙ පාර්ලිමේන්තුවේ ඩිස්පැන්සරියෙන්ම හත්මුතු පරම්පරාවටම බෙහෙත් ටිකත් අරගෙන ඉන්න තිබ්බ චෑන්ස් එක නැති වුනොත් මුන්ට ගෙවල් වලිනුත් ගහලා එලවනවා.

මොකදෑ කරන්නේ කියලා කල්පනා කර කර ඉන්න කොට තමා මතක් වුනේ අර විජිතමුනියා ගේ මැරිච්ච තාත්තාව ෆෝර්ම් කරලා අර ගෙන පෙරමුණක් අටව ගත්තොත් චන්ද ටිකක් අරගෙන ආයෙත් සැරයක් දියවන්නාවට රිංගාගන්න පුලුවන් වෙයි කියලා.

ඔන්න දැන් ඉතින් කට්ටිය සෙට් වෙලා, ජාතික නන්නත්තාරයින්ගේ පෙරමුණක් අටවගන්නයි සූදානම. මහින්ද මාම ඉස්සරහට දාලා චන්ද ටිකක් කඩා ගන්න. මේසැට්ක් හිතන් ඉන්නේ පහුගිය චන්දේ දී මහින්දට චන්දේ දුන්න ලක්ෂ 58 ම උන්ට ආපහු චන්දේ දෙයි කියලා.

මුන්ට අමතක වෙලා තියෙන්නේ ඔය ලක්ෂ 58 ගන්න මොනතරම් දැඟලිල්ලක් දැඟලුවද කියලා. අයි. ටී.ඇන්, ජාතික රූපවාහිනි, ස්වර්නවාහිනි, දෙරණ ,හිරු , ඔක්කොම රූපවාහිනි නාලිකා, ගුවන් විදුලි නාලිකා, දිවයින, සිළුමින,.දිනමින, රිවිර, මව්බිම, වගේ පත්තර මුලු මාස දෙකක් පුරාවට නැ‍ටුවේ මහින්දගේ බෙර පදේට. ලංගම බස් දාල සෙනග ඇද්දා. රාජ්‍ය දේපල මුන්ගේ ගෙදරින් ගෙනත් වගේ බෙදුවා. මහා නොනවතින දන්සැල් දුන්නා. මඩ ගැහුවා, මැරවැඩ කලා,මේ හැම ශක්තියම දාලා ගත්ත ලක්ෂ 58 ඒ මොනවත් නැතිව, අඩු ගානේ පත්තරයක්වත් නැතිව, බලෙන් පහ වෙච්ච , තමන්ගෙම අනුගාමිකයෝ මලමිනියක් කියලා අඳුන්වන කෙනෙකුට ලැබෙයි කියලා හිතන්නේ වීරවංශලා වගේ මොලේ පුස් කාපු නන්නත්තාර වෙච්චි අය විතරයි.

මහින්ද  කියන්නේ දැන් නිකම් ම පිදුරු ගහක් විතරයි. ඒකේ එල්ලිලා ඉන්න වීරවංශලා ඒකත් එක්කම ඉතිහාසේ කුණු බොක්කට යවන්න මේක තමා හොඳම වෙලාව.

සටහන- මහින්ද අගමැති කරන පෙරමුණට මුලින්ම පහර දෙන්නේ යූඇන්පිය නෙවෙයි මහින්ද විශින් පාගා ගෙන හිටපු  විපක්ෂනායක නිමල් සිරිපාල සිල්වා ප්‍රමුඛ ශ්‍රිලනිප ජ්‍යෝෂ්ඨයෝ

11 comments:

  1. කියලා වැඩක් නැත, මේ නන්නත්තාරයෝ සෙට් එක මහා ජන්දෙන් පස්සේ මොනවා කියලා කියන්නද?මුන් නිකන් පරපෝෂිතයෝ වගේ.මහින්දගෙන් තොර පැවැත්මක් නැහැ.එකයි ඔය තරම් මහින්ද මත්තෙම මැරෙන්න දගලන්නේ.

    ReplyDelete
  2. මහින්ද ආපසු චන්දය ඉල්ලා අතට ගත් දේ කටට දා ගැනීමට නොලැබෙයි සුළුදිය පහවන කට්ටිය,

    1. කුට්ටිය මදි වෙච්ච් යු.එන්.පී කාරයෝ,
    2. NGO ග්‍රාන්ට් වලට ඉල්ලුම්පත් දාපු පුකේ වම්මු,
    3. ෆයිල් උස්සන් උසාවි ගිහින් විපක්ෂය වෙන්න බලන් හිටපු ජ.වී.පී කාරයෝ,
    4.විමුක්තිව ගම්පහට දාන්න බලන් හිටපු චන්ද්‍රිකගේ සෙට් එක,
    5.නිදහස් පක්ෂේ ජාතික සංවිධායක වෙන්න බලන් හිටපු ප්‍රා රාජිතගේ සෙට් එක,
    6. අනාගත අගමැති වෙන්න සිහින දකින චම්පිකගේ ඌරු මියෝ,

    පුකේ ලයිට් මොකෝ මේ සැලිලා, ඔයා අයිති වෙන්නේ මොන කුලකයටද ?

    ReplyDelete
    Replies
    1. මම අයිති මුනුෂ්‍ය කුලයට. තෝ කවුද බං.

      Delete
    2. කුලකයි, කුලයි පොඩ්ඩක් වෙනස් නේද බබා, තාම ගණන් වලට කුලක කලේ නැද්ද,?? කලිසමේ චු දාන්නේනැතුව ටොයිලට් එකට යන්න හොදේ.!

      Delete
    3. කළාමැඳිරියා අයිති වෙනේ චේදන කුලකයට ''NGO ග්‍රාන්ට් වලට ඉල්ලුම්පත් දාපු ෆයිල් උස්සන් උසාවි ගිහින් විපක්ෂය වෙන්න බලන් හිටපු ජ.වී.පී කාරයෝ''

      Delete
  3. මුලින්ම පහර ගැහුවේ අපේ කළාමැඳිරියා .... :v

    ReplyDelete
  4. ඔය කණ්ඩායමට පෙනෙන හැටියට නම් බලයක් නැත.ශ්‍රීලනිපයේ බිම් මට්ටමේ සහාය මහින්දටය.සාම ගිවිසුම් කාලයේ ජාතික මතය වෙනුවෙන් සිටියේ මීටත් වඩා අඩු දුර්වල පිරිසකි.එහෙත් එය වර්ධනය වුනේ විදුලි වේගයෙනි.
    එබැවින් මේ පිරිස අවතක්සේරු නොකරන්න

    ReplyDelete
  5. හතරදෙනා නේද ඉන්නේ නායක උපනායක ලේකම් උපලේකම්

    ReplyDelete
  6. මහින්දට ලැබුන චන්ද 58 ලක්ෂෙන් , ඔය කියන පෙරමුණු හදාගෙන පාර්ලිමේන්තු චන්දෙට ආවොත් , අනුපාත ක්‍රමයට මැතිවරණය කලොත් ආසන කීපයක් ලැබේවි . ලක්ෂ 10 කට වඩා චන්ද ලැබෙන එකක් නැහැ, නමුත් ප්‍රශ්නේ නාමල්ගේ අනාගතේ , 2015 ආසන ගත්තත් ඒ ටිකත් පසුව දියවෙලා යන නිසා . ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සිටින නායකයෝ වැඩිම පිරිසක් නැවත වරක් මහින්දට නායකත්වය දෙන්න කැමති නැහැ , දැනට අවුරුදු 10 පමණ පෙර 59 න් 56 ක් ම අකමැති වුනා කියා චන්ද්‍රිකා කීවා , දැන් ත්වය ටිකක් වෙනස් ඇති මොකද පසුගිය කාලයේ මහින්දගේ පිහිටෙන් හොරා කාපු පිරිස මේ අතර ඉන්න නිසා , ඒ නමුත් මහින්දට නැවත වරක් අගමැති වෙන්න නම් කිසිම දාකවත් ඉඩක් ලැබෙන්නේ නැහැ ,

    ReplyDelete
    Replies
    1. හරියට නිකන් රනිලට කවදාවත් චන්දෙන් අගමැති, ජානාධිපති වෙන්න බෑ වගේද ??

      Delete
  7. කඩේ යෑමේ විපාකය... දැන් තමන්ට තනියම දෙයක් කරගන්න බැහැ... ඔය කියන හතර දෙනාම තමන්ගේ ඡන්ද පදනමක් අැති අය නෙමෙයි... යන්තං හරි කට විතරක් තියෙන උඩ පැන පැන බොරු කියන අය.... දැන් බලමු..........

    ReplyDelete