Wednesday, February 18, 2015

අද මම නුගේගොඩ යමි.


අද නුගේගොඩ ‍රැලියට සහභාගි වීමට දැනටම පැමිණ ඇති  පිරිසෙන් කොටසක්

මහජන එක්‌සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ සහපිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ වල නායකත්වයෙන් අද දින (18 වැනි දා)  නුගේගොඩ නගරයේ දී රැළියක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමග මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් 58 ලක්‍ෂයකගේ සිතුම් පැතුම් ආරක්‍ෂා කිරීමට සහ ශක්‌තිමත් කොට ඉදිරියට ගෙන යැම සඳහා මේ ‍රැලිය පැවත්වෙන බව පැවසේ.

එසේම මහින්ද රාජපක්ෂ මහතා මීලඟ මහ මැතිවරණයෙන් අගමැති අපේක්ෂකයා වශයෙන් ගෙන ඒමද මෙහි එක් අරමුණකි.

ඉතින් අද මමත් නුගේගොඩ යමි. 

හැබැයි ඒ මම ඊනියා 58 ලක්ෂයෙන් කෙනෙක් නිසානම් නොවන බව කිව යුතුය.  මා යන්නේ මහින්ද රාජපක්ෂ මහතා මීලඟ මහ මැතිවරණයෙන් අගමැති කිරීමටත් නොවේ.

මා වැඩ ඇරී යන ගමන් කොණ්ඩය කපා ගැනීම සඳහා අද නුගේගොඩ යමි. 

එම නිසා මා තමන්ගේ 58 ලක්ෂයට ගණන් නොගන්නා මෙන් විමල් විලම්භීත වීරවංශ මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මට එවැනි ලැජ්ජාවක් දරා සිටීමට අපහසුය.

10 comments:

  1. යකෝ ‍තෝ තමා යහපාලන ගොන් හරකා

    ReplyDelete
    Replies
    1. ලක්ෂ ගණන් මිනිස්සු අද රටේ ඉදිරි ගමන ගැන දැනගන්න නුගේගොඩ ඇවිල්ල, ඔයා වගේ පුකේ ලයිට් හයි කරගත්තු උන් මිනිස්සු අස්සේ රින්ගන් නැතුව හිටියනම් තමයි හොද ?

      නුගේගොඩ රැළිය

      Delete
  2. මාත් යනවා නුගේගොඩ සුපර් මාර්කට් එකට මගේ බඩු කෑල්ල හම්බ වෙන්න. ඔන්න මාවත් ගනන් ගන්න එපා ඔය 58 ලස්සෙට

    ReplyDelete
  3. මම අද short leave එකක් දාලා කලිං ගෙදර යනවා මොකද පාර block උනොත් (හරක් නිසා)

    ReplyDelete
  4. සත්‍ය වසන් කරන්නට මෙවැනි දේ පැවසීම ඇත්තටම අතිශයෝක්තියක් නොවන බව කවුරුත් දනී

    ReplyDelete
  5. ඔබ වැනි අය 450000ක් කොන්ඩේ කපන්න, බඩු බලන්න නුගේගොඩ ගියත් 5000ක් නම් රැස්වීම වෙනුවෙන්ම ගිය බව පෙනෙනවා. අමාවක උනත් නිරුවත පැහැදිලිව පෙනේ.

    ReplyDelete
  6. ස ර ස තුමා නම් සවස තුනේ සිට නුගේගොඩ ආනන්ද සමරකෝන් වේදිකාව අසල සිට ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ශයක එක් පාර්ශවකරුවෙක් වුනා....

    ReplyDelete
  7. මගුලට නාවත් මිනිස්සු මළගමට එනවා , මේ ආවේ මහින්දගේ මල ගමට . මින් එහාට ඔහම එන්නේ නැහැ .,
    අනික මේක අබියෝගයක් නම් ජනතා විමුක්ති පෙරමුණට පුළුවනි මීට වැඩිය සෙනගක් එක මීටිමකට නුගේගොඩට ගෙන්නලා පෙන්නන්න . ලක්ෂ 58ක් චන්දෙ දුන්නේ මහින්දටම නෙමේ , මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා නිසා , මහින්ද අවුරුදු ගණනාවක් මේ රටේ හිටපු නායකයා නිසා මිනිසුන් කොටසක් ඔහු වෙනුවෙන් තාම ඉන්නවා නමුත් , මහින්ද සන්දානේ අපේක්ෂකයා වෙලා ආවත් අගමැති නම් වෙන්න බැහැ ,
    දැන් ඔහුට තිබෙන්නේ මියගිය නායකයෙකුට තිබෙන ගරු කිරීම , මේ අනුකම්පාව සීග්‍රයෙන් දියවී යනවා . 3 න් මාසේ දානෙන් පසු ඉවරයි .

    ReplyDelete
  8. හිහි එතකොට කලෝ ඔය රැලියට කවුරුත් ගිහිංම නැද්ද බං...
    අද නං ඇනෝලට පුල් ආතල් වගේ
    හිහි

    ReplyDelete