Tuesday, June 2, 2015

පාදෙණිය, පැණිදෙණිය, පේරාදෙණිය


අපේ කාලේ  පැණිදෙනියේ කම්මලේ ඉගෙනගත්තු පාදෙණිය  හරි ප්‍රසිද්ධ මිනිහා. එය නුවර වටේ පිටේ  කෙල්ලන්ට  ඇඩ්‍රස් එක දූන්නේ පාදෙණිය ,පැණිදෙනිය ,පේරාදෙණිය කියලා.

මට මේ ඇඩ්‍රස් කතාව මතක් මතක් වුනේ මේ දවස් වල තියෙන රජයේ වෛද්‍ය  නිලධාරි සංගමේ නිලවරණේ නිසා.

මේ චන්දෙට එක් පැත්තකින් ඉල්ලන්නේ වාර ගණනාවක්ම සභාපති විදියට හිටි අනුරුද්ධ පාදෙණිය. මිනිහා අර මම මුලින් කිව් පාදෙණියගේ නෑයෙක්ද දන්නේ නැහැ.

ඒත් මිනිහා වැඩ කරන්නේ නම් මහින්ද රාජපක්ෂගේ ලඟම නෑයෙක් වගේ. මහින්දත් වාරදෙකක් මදි වෙලා තුන් වැනි සැරේටත් ඉල්ලලා කෙලවා ගත්තනේ.

පාදෙණිය නොහොත් අපේ පොඩි මහින්දත් ඒ මහින්දට ලඟින්ම ඉඳගෙන උදව් කරා.ඒ දවස් වල අරලිය මන්දිරේමයි හිටියේ.

ඕනේ නම් මිනිහගේ ඇඩ්‍රස් එක ඒ දවස් වල ලියන්න තිබ්බා
" පාදෙණිය, අරලිය ගහ , කොල්ලුපිටිය " කියලා.

ලොකු මහින්ද ජනාධිපති චන්දෙට  සකල රාජ්‍ය බලය යොදා ගෙන මහජන දේපල  හිතු මනාපෙට පාවිච්චි කලේ මැද මූලනෙන් ගෙනාව වගේනේ.

මතකනේ ඒ දවස් වලරාජ මාධ්‍ය ද, සිල් රෙදිද, සමෘද්ධි ද ,බයිසිකල් ද, මෝටර් බයිසිකල් ද, අරලිය දන්සැල් ද ,මතක් වෙනකොටත් ආශාවේ බැහැ.

අපේ පොඩි මහින්ද නොහොත් දොස්තර පාදෙණියත් චන්දේ කරන්නේ ලොකු මහින්ද වගේමයි.

මිනිහා චන්දෙට පාවිච්චි කරන්නේ සංගමේ සම්පත්.  ඇරපු අතක් නෑ අයියා වගේමයි.

චන්දේ සංවිධානය කරන්නේ පාදෙණිය.

තැපල් චන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ පාදෙණිය.

ඒවා යවන්නේ කාටද කියලා තීරණය කරන්නේ පාදෙණිය.

ඒවා තැපැල් කරන්නේ පාදෙණිය.

ඒවා ලකුණු කරන්නේත් පාදෙණිය.

ඒවා ගණන් කරන්නේ ත් පාදෙණිය

ප්‍රථිපල දෙන්නෙත් පාදෙණිය.

අඩු ගානේ මිනිහාගේ විරුද්ධවාදින්ට තැපල් චන්ද ලැයිස්තුවවත් දෙන්නේ නැහැ.

කොටින්ම කිව්වොත් මහින්දම තමා.

හැබැයි ඉතින් ඔය විදියටම චන්දේ කොරපු මහින්දත් පැරදුනා.

13 comments:

  1. //අපේ කාලේ පැණිදෙනියේ කම්මලේ ඉගෙනගත්තු පාදෙණිය හරි ප්‍රසිද්ධ මිනිහා. //
    පාපන්දු ක්‍රීඩක?

    ReplyDelete
    Replies
    1. දෙනියේ අනෙක් මොන බෝලේ ගැහුවත් ෆුට්බෝල් බෑ, දෙනිය සමතල නෑ, මඩ වඟුරු, කටු පඳුරු තියනවා.

      Delete
  2. අර කම්මලේ පාදෙනිය නම් අපේ කාලේ වගේ කියලා මතකයක් තියෙනවා. ඒ කියන්නේ කළමැදිරියාත් අපේ කාලේ පොරක් ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කිව්වොත් මිනිහා රසිකලාගේ කාලෙ වගේම අපේ කාලෙත් මිනිහෙක්. ඒකෙන් කියවෙන්නේ නැහැ රසිකලා අපි එක කාලේ කියලා

      Delete
  3. පාදෙණියට පින් දෙන්න කාලෙ හරිද?
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17184-2015-06-02-22-23-26

    ReplyDelete
  4. Dear Blogger ඔබ වෛද්‍ය වරයෙක්ද ? .

    ReplyDelete
    Replies
    1. If one has an MBBS degree s he allowed to do any kind of surgery ?

      Delete
  5. //අපේ කාලේ පැණිදෙනියේ කම්මලේ ඉගෙනගත්තු පාදෙණිය හරි ප්‍රසිද්ධ මිනිහා. එය නුවර වටේ පිටේ කෙල්ලන්ට ඇඩ්‍රස් එක දූන්නේ පාදෙණිය ,පැණිදෙනිය ,පේරාදෙණිය කියලා//
    හැක්.. පාදෙණියේ මේ මහත්තයා ගැන කතන්දර හැමතැනම තියෙනවා වගේ..

    ReplyDelete
  6. පාදෙණිය ගැන නං කියල වැඩක් නෑ...හැබැයි ඇඩ්‍රස් කිවිවම මේක මතක් වුණා...අපේ බුවෙක් හිටියා ගම දෙයියන්දර.....මිනිහට ලියුම් යවනකොට එඩ්‍රස් එක හරිම ලේසියි.....ගෙදරට යවනවනං, “විශ්ව විද්‍යාල ශිෂ්‍යයා, දෙයියන්දර“ කැම්පස් එකට එවනවනං “දෙයියන්දර ශිෂ්‍යයා, විශ්ව විද්‍යාලය“ මොකද දෙයියන්දරින් විශ්ව විද්‍යාලයකට ගියපු එකම එකා අපේ බුවා.....නම කියන්නේ නෑ දැන් බුවා රුහුණ විශ්ව විද්‍යාෙල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උතුමෙක් නිසා!

    ReplyDelete
  7. He was very poor in English, told "each hammer like this" means each hammer stroke like this

    ReplyDelete
  8. අපේ අනුරුද්ධ පාදෙනිය සර්ට මඩගහන උඹ එන්ජීඕ කාරයෙක් බව අපි දන්නවා.ඇමරිකන් ඩොලර් වලට අපේ සර් යටවෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එතකොට උඹහැගේ පාදෙනිය සර් ඇමෙරිකන් එම්බස්යෙන් දුන්න ස්කොල් එකක් අරගෙන ඇමෙරිකා ගීයේ මොකොද බං

      Delete