Monday, June 22, 2015

පා (දඩයින්) ගේ ගේ පාදඩ වැඩ

 
රටේ  හැම නාස්තාදි වැඩක් ම කරන්නේ අටවත් පාස් නැති නූගත් රස්තියාදුකාර දේශපාලකයෝ කියලා අපිට ඒ ගොල්ලෝ කියනවා. ඒක නිසා ඒ වගේ රස්තියාදු කාරයෝ පාර්ලිමේන්තුවට එන එක වලක්වන්න ඔන්න දැන් 20 වෙනි සංශෝධනේකුත් ගෙනැල්ලා .

කස්ටියට මතක ඇතිනේ පහුගිය කාලේ මැතිවරණ තිබ්බ හැටි.  මහජන මුදලින්ම කැම්පේන් කරපු හැටි. මන්දිරවලට එක එක දවසට නොයෙක් නොයෙක් කට්ටිය ගෙනැල්ලා කන්ට බොන්ට දීලා චන්ද අල්ලස් දීලා ....


එක දවසක දොස්තරලා, තව දවසක ඉංජිනේරුවෝ. ඊ ලඟට නලු නිලියෝ, පත්තර කාරයෝ, ග්‍රාමසේවකලා, ඔය විදියට අහවල් මන්දිරේට නොගෙනාපු කෙනෙක් නැහැ.ගෙනැල්ලා මහජනමුදලින් කන්ට බොන්ට දීලා චන්දය ඉල්ලනවා.

හොඳයි, අපි කියමුකො චන්ද දවස් වල ඒ වගේ වැඩ කරන්නේ නූගත්, මැර ,ප්‍රජාතන්ත්‍රවාදය බල්ලාට දාපු, දේශපාලකයෝ කියලා.

එතකොට තමන් ලංකාවෙන්ම උගත් පිරිස කියන දොස්තර මහත්තුරුත් ඒ වැඩේ කරන එක හොඳද?

ජූනි 27 තියෙන රජයේ වෛද්‍ය නිලදාරි සංගමේ චන්දෙට ඉදිරිපත් වෙන පාදෙනියගේ කණ්ඩායම සංගමේ සාමජිකයන්ට පණිවිඩයක්  යවලා 2016 පාසැල් වලට ළමයින් ඇතුල් කර ගන්ට ඕනෑ නම් ජූනි 23 සංගමේ තියෙන ‍රැස්වීමට එන්ට කියලා. කොහොමද පාර. නාවොත් ළමයට ඉස්කෝල නැතිලු.
 
27 චන්දේ තියන කම් ඉන්ට බැරිව තියන මේ තදියම මොකද්ද?

මේ වෙනකොට චන්දේ තියන්ට විසිරුවලා තියෙන සංගමයක් මේ වගේ ඉල්ලීමක් කොරන එක මොන තරම් සදාචාර සම්පන්නද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ.

මහින්ද මාමිගේ අරලිය දන්සැලෙයි පාදෙනිය අයියාගේ  මේ වැඩෙයි අතර වෙනසක් තීයෙනවාද?

කිසිම වෙනසක් නැහැ.

මේකෙන් එන්ට තියෙන නිගමනේ තමා මේ වගේ ජරා වැඩ කරන එක බලලෝභි දේශපාලුවන්ට විතරක් සීමා වෙච්චි දෙයක් නොවේ කියලා.

තමන් මහා උගත් බුද්දිමතුන් කියලා පෙන්න ගෙන ඉන්න අය උනත් බලයට තියෙන කෑදර කම හමුවේ ඕනෑම පාදඩ වැඩක් කරන්න පෙලඹෙනවා .

රට හදන්න නම්  මුලින්ම මේ පාදඩ සංස්කෘතිය  පරාජය කරන්න ඕනෑ.

වෙන මගක් නැහැ.


5 comments:

  1. පාදෙනියා පාදඩයෙකි අවලමෙකි චන්ද හොරෙකි GMOA එකට වැද්ද ගන්න සුදුසු නැති ත්‍රස්තවාදියෙකි ගස් බල්ලෙකි

    ReplyDelete
    Replies
    1. Padeniya is a shameless fellow who even gets a cut of the commission for GMOA member insurance policies. He has close links with the agent handling this group insurance policy and receives a cut as a cash payment.

      Delete
  2. පාදෙණිය එච්චර තදයෙක්ද ?
    මට මතකයි එක පාරක් පාදෙණිය අර ජාතික කපටි සුට් ඇඳලා ගත්තු පින්තුර වගයක් තිබ්බා.ජන්ද පෝස්ටර් වලට වගේ හරි යන.

    ReplyDelete
  3. පාදෙනිය දැන් විකාර වී ඇත..

    ReplyDelete