Wednesday, July 15, 2015

මහින්දට ආ අභිරහස් දුරකථන ඇමතුම කුමක්ද?


පසුගිය සඳුදා උත්සවයකට සහභාගි වෙමින් සිටි හිටපු ජනාධිපතිවරයා හදිසියේ ලැබුණු දුරකථන ඇමතුම නිසා එම ස්ථානයෙන් පලා ගිය බව ප්‍රවෘත්ති විකාශ තුලින් දැක ගන්නට ලැබුණි.
 
ඔහු එසේ පලා ගිය එසේ ගිය හේතුව සොයා ගිය අපට දැන ගන්නට ලැබුණේ විශ්මයජනක කථා පුවතකි.
 
එම දුරකථන ඇමතුම ලැබීමට මොහොතකට කලින් ඔහු කියමින් ඇති කථාව මෙබඳුය.
 
" අපි මේ රටේ දූෂණය, බොරුව, වංචාව නැති කරනවා,  සාමකාමී පරිසරයක් අති කරනවා ,  ජාතික ආරක්ෂාව තහවුරු කරනවා"
 
ඒ මොහොතේ සිදු වූ  දුරකථන දෙබසේ  කියවුනේ මෙවැන්නකි.
 
" සර්, මේ දැන් භූ ගර්භ විද්‍යාතනයෙන් අපේ සුසිල් ඇමතිතුමාට කෝල් එකක් ආවා"
 
"ඒ මොකක්ද සුසිල්ට ප්‍රශ්නයක්ද,"
 
"සුසිල්ට ප්‍රශ්නයක් නැහැ සර්, ඔය සර් ඉන්න තැන පොලව පැලෙනවලු, ඉක්මනට ඔතැනින් පැනගන්න සර්"
 
ඉන්පසු සිදු වූ දෙය කවුරුත් දනිති.

6 comments:

  1. බුහෑක් හික් හික්. පොළව පැලිල බතුරු වුනොත් ඇති හිහි

    ReplyDelete
  2. නියමයි. නියමයි. කියන්න වචන නැහැ. හරිම අගෙයි.

    ReplyDelete
  3. ඔය අතරෙ ස්ටේජ් එක අයිති එකා බය වෙච්චි පාර උටත් විලිරුදාව හැනේනැති. ඇයි යකෝ කඩං බැස්සොත් හම්බුකොරං කන ලැලි කෑලි ටික.

    ReplyDelete