Friday, March 4, 2016

ලෝක කුසලාන දිනන මග

 


2016.03.04

සභාපති
ලෝක ක්‍රිකට් සම්මේලනය



 හිතවත් මහත්මයාණනි

2016 ලෝක T 20 ක්‍රිකට් තරඟාවලිය

මේ ලිපිය ‍රැගෙන එන ටී. සුමටි මහතා ශ්‍රී ලංකා කවුන්සිලයේ සභාපති වන අතර  මාගේ ඉතා හොඳ හිතවතෙකි.  ඒ මහතා ශ්‍රී ලංකාවට 2016 20 ක්‍රිකට් කුසලානය දිනා ගැනීම පිලිබඳව උනන්දුවක් දක්වයි.

  ඔහුගේ කණ්ඩායමේ පරණ වාර්තා  හා සුදුසු කම් පරික්ෂා කර බලා 2016  T20 ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ නම් මම ඉමහත් සේ කෘතඥ වෙමි.

සැ.යු. - කුසලානය දීමට තීරණය කිරීමේදී පසුගියදා බංග්ලාදේශය හා ඉන්දියාව වෙතින් අප  ලැබූ පරාජයන් නොසලකා හැරීමට කටයුතු කරන මෙන් ද ඉල්ලා සිටිමි

මීට
කිරිඩා ඇමටි

3 comments:

  1. පිටපත්:
    1. ටී. සුම්ටි මයා (දැන ගැනීම පිණිස)
    2. කිරිපල්ලේ වටඇල්ල ඇමටි (කොම්‍ රාඩරි ස්තුති‍ය පිණිස)
    3. අග්‍රාමාත්‍ය කාර්‍යාලය (ටෙම්ප්ලේටයක් ලෙස භාවිතා කිරීම සඳහා ඇමටි මංඩලයට බෙදා දීම පිණිස)

    ReplyDelete
  2. හත්තිලව්වයි............ ඇරලා නේද??????

    ReplyDelete