Thursday, May 5, 2016

උත්තරීතර වැඩ



වැට් බදු වැඩි වීමෙන්  බඩු මිල වැඩිවී, මහින්ද මාමි කිව් විදියට ටෙලිෆෝන් එකෙන් ලව් කරන්නත් බැරිව විරවපට්ටම් ගහගෙන , ඔරේ මන්දම් වී සිටින ශ්‍රී ලාංකික ජනතාවට එම ප්‍රශ්න අමතක කරලනු සඳහා මතු කළ කිරුළපොනද ගාල්ලද   සංවාදය නිමාවීමත් සමග අපේ එම ජනතාවට උත්තරීතර රසාස්වාදයක් ලබා දී බඩුමිල , වැට් බදු,  ප්‍රශ්නයමග හැරීම සඳහා අපේ රටේ උත්තරීතර සභාවේ සිටින උත්තරීතර ආණ්ඩු පක්ෂය  හා උත්තරීතර විපක්ෂය  එකතු වී උත්තරීතර ලෙස එකිනෙකාගේ බෙලි මිරිකා ගනිමින් ,ලේ පනින තෙක් උත්තරීතර ලෙස ගුටි ඇන ගනිමින් රඟ දැක් වූ උත්තරී තර කවට නාඩගම අවසන උත්තරීතර සභාවට එයින් අපහාසයක් වී දැයි සොයා බැලීමට පත් කල උත්තරීතර කමි‍ටුව උත්තරීතර ගුටි බැට කරුවන් දෙදෙනෙකුට උත්තරීතර උපරිම දඬුවමක් නියම කර තිබේ.
හිකිස්

සතියක්  උත්තරීතර සභාව තහනම්

 ඉබ්බා දියට දාන කොට ඇන්නෑවේ කිව්වලු

ඉදින්  මේ සියලු උත්තරීතර  වැඩ වලින් උත්තරීතරම වැඩය ඒ දඬුවම  නොවන්නේද?

9 comments:

  1. අපිට ගැහුවත් මොකද බං දැන් අපිට යහපාලනේ තියෙනවානේ......... අම්මපා අපිනං හවසට කෑවේ නැතත් ඔය යහපාලනේ ගැන කතා කර කර ඉදලා සතුටෙන් නින්දයට යනවා බං......

    ReplyDelete
  2. තටමල තටමල පඩයක් ඇරියත් ඔයිට සද්දලු

    ReplyDelete
  3. සතියක පාර්ලිමේන්තු තහනමක්. මේ මොන විකාරයක්ද? මේ වගේ මැරයන් පාලනය කරන්න පුළුවන් වෙන්නේ උන්ගේ නූගත්කමට ගැලපෙන දඬුවම් ලබාදීමෙන්.

    මාස තුනක පාර්ලිමේන්තු තහනමක් වැටුප් සහ මන්ත්‍රී වරප්‍රසාද රහිතව.

    ඒ මාස තුන තුල රජයෙන් ලබාදුන් වාහන, පාස්පෝට් ආපසු භාරදිය යුතුයි.

    රජයෙන් ලබාදුන් දුරකථන පහසුකම් ඒ මාස තුන තුල අත්හිටුවීම.

    කිසිදු රාජ්‍ය උත්සවයකට සහභාගිවීම තහනම් කිරීම.

    කිසිදු රාජ්‍ය ආයතනයකට නිල මට්ටමෙන් ඇතුළුවීම තහනම් කිරීම.

    පාර්ලිමේන්තුවේ වෛද්‍ය පහසුකම් අත්හිටුවීම.

    මාධ්‍ය වෙත අදහස් දැක්වීම තහනම් කිරීම.

    ReplyDelete
  4. උත්තරීතර දඩුවමක් දෙයිද?උත්තරීතර දෙන්නෙක් නිසා නිදොස් කොට නිදහස් කරයිද දන්නෑ.....

    ReplyDelete
  5. ප්‍රසන්න රණවීරට හෝ පාලිත තෙවරප්පෙරුමට හෝ දඩුවම් කිරීම අර්ථ විරහිතය.

    ඇත්තටම ඉහළම දඩුවම ලබාදිය යුත්තේ දිනේෂ් ගුණවර්ධනට ය.

    විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 1983 දී මහරගම අතුරු මැතිවරණයට ඉදිරිපත් වී තේරී පත් වූ දිනේෂ් ගුණවර්ධන මේ ගෙවන්නේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් තුන්වන අවුරුද්දයි. ඒ අතරතුර අවුරුදු හයක් ගෙදර සිටි බව ඇත්තක් වුවද ඔහු ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

    එහෙත් ඒ ජේෂ්ඨකම අමතකව වල් තක්කඩිකම උඩට මතුවන්නේ කළබගෑනියකදී ය. පසුගිය අගහරුවාදා ඇතිවූ පාර්ලිමේන්තු ගැටුමේ දී මේ ජේෂ්ඨයා හැසිරෙන්නේ වෙඩි කෑ ඌරෙකු සේ ය. වරෙක යටි ගිරියෙන් කෑ ගසමින් ද වරෙක ප්‍රකෝප ලෙස අභියෝග කරමින් ද තවත් වරෙක ආණ්ඩු පක්ෂයට බැන වදිමින් ද ඔහු හැසිරෙන්නේ කනිෂ්ඨ මන්ත්‍රීවරුන් අභිබවා යමිනි. බරපතලම වරද වන්නේ ඔහු සෙංකෝලය පැහැර ගැනීමට තැත් කිරීමයි.

    ඉහ නිකට පැසුණු දිනේෂ් ගුණවර්ධනගේ කහඹිලියා ගා ගැනීමට සාපේක්ෂව ආධුනික තෙවරප්පෙරුම හා ප්‍රසන්න රණවීර කළ දෙයක් නොමැත.

    නාමාධාරී පාසැල් වලින් අධ්‍යාපනය ලැබූ විට විනය ඇතුළු පෞද්ගලික චර්යාව යහපත් වන බව මතයක් පවතී. එහෙත් කහඹිලියා ගා ගෙන දගලන දිනෙෂ් මෙන්ම කට වාචාලකම් කියවන රනිල් වික්‍රමසිංහ ද කොළඹ රාජකීය විද්‍යාලයේ නිෂ්පාදනයන් දෙකකි.

    අදෝමැයි.

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට මේ බල්ලා කතානායක තුමනි කියන්නේ නැතුව එහෙම කරන්න බෑ කතානායක කියා කීපවිටක් කිව්වා. වීඩියෝ එක ඇස් පියාගෙන අහගෙන ඉන්න හොඳට ඇහෙනවා මේ බල්ලා බුරන හැටි.

      Delete
  6. උත්තරීතර දඬුවම් කියන්නෙ මේවට නොවෙන්නං.උත්තරීතර කට්ටියනේ..

    ReplyDelete
  7. පක්ෂ දෙකේ නායකයින්ට පුලුවන්නේ විනය නීති ක්‍රියාවට නංවන්න (එහෙම දේවල් පක්ෂ ව්‍යවස්තාවේ තියෙනවා නම් )

    ReplyDelete
    Replies
    1. අරූයියේ පක්ෂ ව්‍යවස්තාව නෙමේ රටේ තියේන ව්‍යවස්තාව අනුව හෝ නිතිය ක්‍රියාත්මක වේන්නෙ නැහැනේ.ඒ තරම් සුපිරි උත්තරිතර පොරවල් මුන්.

      Delete